හැඳින්වීම
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අමාත්‍යාංශය වෙත පැවරෙන ක්‍රමසම්පාදන කාර්යභාරයට අයත් වන්නා වූ ක්‍රියාකාරකම් සැලසුම් කිරීම, මාර්ගෝපදේශයන් හා ක්රමෝපායන් සකස් කිරීම, වැඩසටහන්, ව්‍යාපෘති, සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම, ඇගයීම මෙන්ම ඒ හා සම්බන්ධ වන්නා වූ සේවාවන් ඉටු කිරීම සඳහා ක්‍රමසම්පාදන අංශය ස්ථාපිත කොට ඇත.
දැක්ම
"මානව සම්පත ඵලදායි ලෙස යොදා ගැනීම තුළින් පිරිසිදු කාර්යක්ෂම හා විශිෂ්ඨ රාජ්‍ය සේවාවක් තහවුරු කිරීම."
මෙහෙවර
" අමාත්‍යංශය වෙත පැවරෙන ක්‍රම සම්පාදන විෂය ක්ෂේත්රයට අයත් වන්නා වූ කාර්යයන් හා කර්තව්‍යයන් මනාව සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම හා ඇගයීම."
" අමාත්‍යංශයේ අරමුණු ප්රත්යක්ෂ කරගැනීමට අවශ්‍ය උපාය මාර්ග, ප්‍රතිපත්ති, සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරීම."
අරමුණු
- “දැයට විශිෂ්ඨ රාජ්‍ය සේවයක්” සලසා දීමේ ඉලක්කය සපුරා ගැනීමට උචිත ක්‍රම සම්පාදන මාර්ගෝපදේශයන් හා ක්රමෝපායන් ක්‍රියාත්මක කිරීම.”.
- රජයේ සමාජ ආර්ථික සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමට සමපාත වන අයුරින් අමාත්‍යංශයේ උපායමාර්ගික සැලසුම් සකස් කිරීම.
කාර්යයන්
- අමාත්‍යංශයේ ක්‍රියාකාරී සැලැස්ම හා කාර්ය සාධන වාර්තා සකස් කිරීම.
- අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචනය සම්බන්ධ කටයුතු.
- උගත් පාඩම් හා ප්රතිසංවිධාන සැලැස්ම, ප්‍රගති වාර්තා ,වාර්ෂික වාර්තා හා වාර්ෂික ඇස්තමේන්තු සකස් කිරීමේ කටයුතු අධික්ෂණය කිරීම හා නියමිත වේලාවට පාර්ලිමේන්තුව වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීම
- අමාත්‍යංශයට අවශ්‍ය දත්ත පද්ධතියක් සකස් කිරීම හා යාවත්කාලීන කිරීම.
- අමාත්‍යංශයේ අනෙකුත් අංශවලට අවශ්‍ය තොරතුරු ලබා දීම
- අතිරේක ලේකම්( මානව සම්පත් සංවර්ධන) යටතේ අධීක්ෂණය වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය පරිදි සහ ලේකම්තුමාගේ උපදෙස් පරිදි සම්බන්ධීකරණය සිදු කිරීම.
- අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කෙරෙන විදේශ ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ පසුවිපරම් සිදු කිරීම.
සංවිධාන ව්‍යූහය
ඇමතුම් තොරතුරු
අධ්යක්ෂ ( ක්‍රම සම්පාදන)රාජකාරි ආවරණය
|
එස්.කේ. දයානන්ද මිය නියෝජ්‍ය/සහකාර අධ්යක්ෂ ( ක්‍රම සම්පාදන)
|
එස්.එම්.පී.කේ. සේනානායක මයා නියෝජ්‍ය/සහකාර අධ්යක්ෂ ( ක්‍රම සම්පාදන)
|
දුරකථන | : | (දිගුව- 118) |
ෆැක්ස් | : | +94 0112662301 |
විද්‍යුත් තැපෑල | : | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |