සුවහසක් රාජ්‍ය නිළධාරීන්ට තම කලා නිර්මාණ ජනගත කිරීම උදෙසාම වෙන්වුණු මුහුණු පොත් සමූහය එළිදක්වන්නට රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයීය මහා සුභ සාධක සංගමය කටයුතු කර ඇත.මහගෙර පන්හිඳ නමින් නම් කර ඇති මෙම මුහුණු පොත් සමූහය හරහා ඕනෑම රාජ්‍ය නිළධාරියෙකුට තම කාව්‍ය ,ගීත, කෙටි කතා, නර්තන,කෙටි චිත්‍රපට , චිත්‍ර ,ඡායාරූප ආදී ඕනෑම කලාංගයක් ප්‍රචාරය කිරීමට ඉඩකඩ විවර කර දීමට මහා සුභ සාධක සංගමය පියවර ගෙන ඇත.
මෙම මුහුණු පොත් සමූහය නිළ වශයෙන් එළිදැක්වීම පසුගියදා (07දා) රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතාගේ ප්‍රදානත්වයෙන් එම අමාත්‍යංශයේදී සිදුවූ අතර අමාත්‍යංශ ලේකම්වරයා මෙම අවස්තාවට එක්වෙමින් සඳහන් කර සිටියේ මෙමගින් රාජය සේවය තුල කළාකාමී රාජ්‍ය නිළධාරියෙකු බිහිවීම තම අපේක්ෂාව බවයි.මෙම උත්සවයේ ආරාධිත දේශනය රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් ,සම්මානනීය ලේඛක ප්‍රින්ස් සේනාධීර මහතා විසින් සිදුකරන ලදි.
සෑම මාසයක් අවසානයේදීම හොඳම නිර්මාණය තෝරා ඒ සඳහා ත්‍යාග ප්‍රදානයක් සිදුකිරීමටද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයීය මහා සුභ සාධක සංගමය තීරණය කොට තිබෙනවා.