නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව තුළ හා සමස්ථයක් ලෙස අධිකරණ පද්ධතියේ පවතින ප්‍රමාදයට මූලිකම හේතුව භාෂා පරිවර්තක සේවයේ පවතින නිලධාරී හිඟය බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ඔහුමේ බව සඳහන් කළේ, 2024.02.21 දිනට යෙදෙන ජාත්‍යන්තර මව් භාෂා දිනය නිමිත්තෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ජාතික භාෂා අංශයේ ප්‍රගති සමාලෝචනයට ඒක්වෙමිනි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, අධිකරණයේ පවතින බොහෝ නඩු කටයුතු පමාවීමට හේතුව ප්‍රමාණවත් හා ගුණාත්මක භාෂා පරිවර්තකයින් අදාළ දෙපාර්තමේන්තු සතුව නොමැති වීම නිසා බවයි.
“දැනටත් මේ අයාතනවල පරිවර්තන කටයුතු කරන්නේ විශ්‍රාම ගිය භාෂා පරිවර්තක නිලධාරීන්. එයට හේතුව ඔවුන් සතුව මේ විශේෂ ක්ෂේත්රය පිළිබඳ ප්‍රවීණතාවයක් තියෙනවා. මෙතෙක් භාෂා භාවිතය සම්බන්ධයෙන් අපි අනුගමනය කළ ක්‍රමවේදයන්ගෙන් බැහැරව අලුතින් හිතන්න කාලය ඇවිල්ල තියෙනවා. එදා බණ්ඩාරනායක මහත්තයා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නන්වන කොට කිව්වේ මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් ජාතීන් අතර ආර්ථික සහයෝගීතාවයත් දියුණු කර ගැනීමට මාවත මෙමගින් දමා ගත හැකීයි කියල. මේ නිසා අපි අමාත්‍යංශයක් ලෙස පවතින අර්බුදයට නිර්මාණශීලි විසඳුම් දිය යුතුයි. ඒ් සඳහා කඩිනමින් අගලවත්තේ පිහිටි ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය භාෂා පරිවර්තකයන් පුහුණු කිරීමේ ආයතනයක් ලෙස පරිවර්තනයකට ලක් කිරීමට කටයතු කළ යුතුයි. ඒ සඳහා වන අනුමැතිය ලබා ගැනීමට අප කටයතු කල යුතුයි."
භාෂා පරිවර්තක සේවය වඩා ආකර්ෂණීය සේවාවක් කිරීම සඳහා වන සාධනීය වෙනස්කම් කඩිනමින් එම සේවාවට සිදුකළ යුතු යැයිද සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, ඒ සඳහා වන යෝජනා ඉදිරපත් කරන ලෙසද අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය
මෙම ප්‍රගති සමාලෝචන හමුවේදී එළඹෙන ජූලි 01 වනදාට යෙදෙන රාජ්‍ය භාෂා දිනයට සමගාමීව සතියක් පුරා සමස්ත රටම ආවරණය වන පරිදි ක්‍රියාත්මතක කිරීමට යෝජිත වැඩසටහන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාව දැනුම්වත් කිරීමද සිදු කෙරිණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන , අමාතංශ ලේකම් ප්‍රදීප් යසරත්න,ජාතික භාෂා කොමිසමේ සභාපති නීතීඥ ඩී.කලංසූරිය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ප්‍රින්ස් සේනාධීර ඇතුලු පිරිසක් එක්ව සිටියහ.