කැනඩාවේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ක්‍රිස්ටෝපර් මැක්ලෙනන් (Christopher MacLennan ) මහතා අද පෙරවරුවේ රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ දී අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා හමුවිය.
කැනඩා රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක වැඩසටහන් හී ප්‍රගතිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගන්නා අතර තවදුරටත් ශ්‍රී ලංකාව සමග එක්ව කටයුතු කල හැකි ආකාරය සම්බන්ධයෙන් තොරතුර සොයා බැලීම මෙම සංචාරයේ අරමුණ වී තිබේ.එමෙන්ම බහු සංස්කෘතික රටක් ලෙස ශ්‍රී ලංකාව තුල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු අධ්‍යයනය කිරිමට ක්‍රිස්ටෝපර් මැක්ලෙනන් මහතා අපේක්ෂා කොට තිබිණි.
ඒ අනුව මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිීමේ වගකීම පැවරී ඇති රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා හමුවූ කැනඩා නියෝජ්‍ය අමාත්‍යවරයා මෙරට ක්‍රියාත්මක භාෂා ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කරුණු විමසා දැන ගන්නා ලදි.එහිදී අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ඇතුලු නිලධාරීන් ඉදිරියේදී අමාත්‍යංශයක් ලෙස ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන වැඩසටහන් සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා දැණුම්වත් කල අතර බහු සංස්කෘතික රටක් ලෙස ජාතීන් අතර සහයෝගීතාව හා සම්බන්ධතාව ශක්තිමත් කර ගැනීමට ගෙන තිබෙන පියවරයන් හා රාජ්‍ය සේවයට හඳුන්වා දී ඇති භාෂා අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් අවබෝධයක් ලබා දෙන ලදි.තම රට තුලද භාෂා භාවිතයේ විවිධ අභියෝග මතුව තිබෙන බව සඳහන් කල නියෝජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් ගෙන තිබෙන සංවර්ධනීය පියවරයන් සම්බන්ධයෙන් තමන් අතිශය සතුටට පත්වන බවද පැවසීය.
මෙම අවස්තාවට කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා, රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල, ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.