ගරු ජනාධිපතිතුමන් හා රජ්‍ය පරිපාලන අමාත්‍යතුමන් විසින් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවෙයි...
රාජ්‍ය පරිපාලන,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ පාලනය වන බංගලා නිවාස සහ විසුම්පායත්, විවිධ ප්‍රදේශවල පවතින ජනාධිපති මන්දිරත් ආර්ථික වශයෙන් ඵලදායීව උපයෝජනය කිරීමට යෝජනා ගෙන ඒම සඳහා කමිටුවක් පත්කිරීම වෙනුවෙන් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇතිබව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේය.
ගරු ජනාධිපතිතුමා සහ රාජ්‍ය පරිපාලන අමාත්‍යතුමන් විසින් මෙම ඒකාබද්ධ යෝජනාව ගෙන ඒමට හේතුවී ඇත්තේ අදාල නිවාස සහ පරිශ්‍රයන් ඌන උපයෝජන තත්වයක පැවතීමයි.
මහාචාර්ය චන්දන අබේරත්න අමාත්‍යතුමන් වැඩිදුරටත් සඳහන් කළේ නිවාස සහ පරිශ්‍රයන්, පත්කිරීමට නියමිත කමිටුවේ නිරීක්ෂණ වලින් පසු ගෙන එන යෝජනාවලට අනුව ආර්ථික වශයෙන් ඵලදායි ලෙස උපයෝජන කිරීමට නියමිත බවයි.
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ පාලනය වන,මෙතෙක් නඩත්තුවට විශාල මුදලක් වැය කර ඇති නමුත් දැනට ඌන උපයෝජන තත්වයේ පවතින රජයේ බංගලා නිවාස සංඛ්‍යාව 50ක්.ඒවා පිහිටා ඇත්තේ කොළඹ 07 සහ 05 ප්‍රදේශ ආශ්‍රිතවයි.මින් පෙර එම පරිශ්‍රයන් හිටපු ජනාධිපතිවරුන්, අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ විවිධ රාජ්‍ය ආයතන සඳහා වෙන්කිරීම සිදුකර තිබේ.
එමෙන් ම ජානාධිපති කාර්යාලයේ පරිපාලනය යටතේ පවතින කොළඹ සහ මහනුවර හැර වෙනත් ප්‍රදේශවල ස්ථාපිත ජනාධිපති මන්දිර ද පවතින්නේ ඌන උපයෝජන තත්වයේ යි.එම ජනාධිපති මන්දිර නුවරඑළිය, මහිංයනය, කතරගම, යාපනය , ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශවල පිහිටා තිබේ.
මීට අමතරව කොළඹ 02 හි පිහිටා ඇති විසුම්පායද ඌන උපයෝජන තත්වයේ පවතින පරිශ්‍රයන්ට අයත්.විසුම්පාය, පවතින්නේ නාගරික සංවර්ධන අධිකාරියේ පරිපාලනය යටතේයි.එමෙන් ම නුවරඑළිය හි පිහිටා ඇති අග්‍රමාත්‍ය නිලවාසය ද ඌන උපයෝජන තත්වයේ ඇති බවට හඳුනාගෙන ඇත.
මාධ්‍ය ඒකකය.