සුහද මාරුවීම්
සටහන - මෙම වෙබ් පිටුව රාජ්‍ය සේවකයින් සඳහා තම සුහද මාරුවකට අදාළව තොරතූරු වෙබ් අඩවියෙහි පළකරවා ගැනීමත් වෙබ් අඩවියෙහි අඩංගු තොරතුරු අනුසාරයෙන් සුදුසු සුහද මාරුවීමකට අදාල පුද්ගලයකු තෝරාගැනීමටත් පහසුකම් සලසා ඇත. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ඔබගේ ඉල්ලීමකට අදාළව තොරතුරු සන්නිවේදනයට පහසුකම් සලසනු ලැබූවද සුහද මාරුවීමක් සොයා දීමට බැඳී නොසිටී. සුදුසු පුද්ගලයකු තෝරාගැනීමත් ඔහු/ඇය සමඟ තොරතුරු හුවමාරුකර ගැනීමත් ඔබගේ වගකීම වේ.
අප අමාත්‍යාංශය යටතේ පවතින කිසිඳු සේවාවක් ඔබ ඇතුලත් කරනු ලබන දත්ත පදනම් කර ගනිමින් මාරු කිරීම් සිදු නොකරනු ලබන අතර, ඒ සඳහා ඔබගේ සේවාවට අදාල වන සේ මාරුවීම් ඉල්ලීම් පෝරමයක්/ලිපියක් මගින් ඉදිරිපත් කල යුතු වේ.
ඔබ ඇතුලත් කරනු ලබන තොරතුරු, මෙම වෙබ් පිටුව පරිශීලනය කරන ඕනෑම අයෙකුට දර්ශනය වේ. බාහිර පාර්ශව මගින් එම දත්ත වෙනත් ක්‍රියාකාරකම් සඳහා යොදා ගත හැකි බැවින් ඒ පිළිබඳ අප අමාත්‍යාංශය කිසිඳු වගකීමක් දරනු නොලැබේ. ඒ පිළිබඳව ඔබගේ දැඩි අවධානය යොමු කරමින් දත්ත ඇතුලත් කල යුතු අතර වෙනත් පාර්ශව සමඟ සිදු කරනු ලබන ගනුදෙණු වල වගකීම පෞද්ගලිකව ඔබ සතු වේ.
සුහද මාරුවීමක් සඳහා අයදුම - මෙමඟින් ඔබගේ තොරතුරු අපගේ පරිගණක දත්ත ගබඩාවට ඇතුලත් කිරීමට ඔබට අවස්ථාව සැලසේ.
සුහද මාරුවීම් අවස්ථා සොයන්න - මෙමඟින් අපගේ පරිගණක දත්ත ගබඩාවට ඇතුලත්කර ඇති සුහද මාරුවීම් වලට අදාල අන් අයගේ තොරතුරු සහ ඔවුනගේ සොයා ගැනීම සඳහා අවස්ථාව සැලසේ.