වර්ෂ 2022ක් වූ ජූනි මස 22 වන දින සිට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වශයෙන් නම් කරනු ලැබූ මෙම අමාත්‍යංශය ආරම්භයේ පටන් වර්තමානය දක්වා සියළු රාජ්‍ය ආයතන හා රාජ්‍ය සේවකයන්ගේ අභිවෘද්ධිය උදෙසා සුපසන් සේවා සම්පාදනයක් උදෙසා ඉමහත් කැපවීමෙන් සහ වගවීමෙන් කටයුතු කරයි. අමාත්‍යාංශයේ ඉතිහාසය දශක 8 කටත් එහා ගිය දුරාතීතයකට විහිද පවතී. මුදල් අමාත්‍යාංශය යටතේ දෙපාර්තමේන්තුවක් ලෙස වර්ෂ 1931 ට පෙර පැවති මෙම අමාත්‍යාංශය වර්ෂ 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වලින් පසු තේරීපත් වන ආණ්ඩු යටතේ විවිධ වෙනස්කම් වලට ලක්වෙමින් පැමිණ අද වන විට රාජ්‍ය පරිපාලනයේ විශිෂ්ඨ මෙහෙවරක නියැලෙමින් සිටී.
2022 වසරේ ජූනි මස 22 වන දින සිට රාජ්‍ය පරිපාල,ස්වදේශ කටයුතු , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නමින් නම් වන මෙම අමාත්‍යංශය යටතේ රාජ්‍ය අමාත්‍යංශ දෙකක් ක්‍රියාත්මක වේ.ඒවා නම් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය හා පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යංශයයි.
රජ්‍ය සේවයේ මහගෙදර‘ වන මෙම අමාත්‍යාංශය සියළු රාජ්‍ය සේවකයන් සඳහා අවශ්‍ය මඟපෙන්වීම මෙන්ම රාජ්‍ය සේවය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හා සැලසුම් ගොඩනගමින් රාජ්‍ය ප්‍රතිපත්තිය මත පදනම්ව යහපත් රාජ්‍ය සේවාවක් මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු කරමින් හිඳී.
මහජනතාවට තෘප්තිමත් රාජ්‍ය සේවාවක් සහතික කිරීම සඳහා සාධාරණත්වය, සමරූපිතාවය හා කාර්යක්ෂමතාවය කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් වෙමින්, පරිපාලන විධිවිධාන හා රෙගුලාසි සකස් කිරීම මේ අමාත්‍යාංශය සතු මූලික වගකීමකි. ඒ අනුව ආයතන සංග්‍රහය හා අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සකස් කිරීම, අවශ්‍ය සංශෝධන සිදු කිරීම මෙන්ම අවශ්‍ය අවස්ථාවලදී ඒ සම්බන්ධ නිරීක්ෂණ ලබා දීම ද අමාත්‍යාංශය මඟින් සිදු කරනු ලබයි. රාජ්‍ය පරිපාලන කටයුතු සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය, අර්ථකථනය හා ඒ සම්බන්ධ මාර්ගෝපදේශ සැපයීම මේ අමාත්‍යාංශය වෙතින් ඉටුවන තවත් සුවිශේෂි කාර්යයකි. එමඟින් වඩා ඵලදායී සේවාවක් ලබා දීමට හැකිවන පරිදි සමස්ත රාජ්‍ය සේවයෙහි ම ක්‍රියාකාරීත්වය ගොඩනැගීම හා පාලනය සිදු කරනු ලබයි.
අමාත්‍යංශය යටතේ පවතින ආයතන
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
- රාජ්‍ය සේවා අන්‍යෙන්‍ය අර්ථසාධක සංගමය
- ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
- ඩිස්ටන්ස් ලර්නිං සෙන්ටර් ලිමිටඩ්
- රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
- රාජ්‍ය භාෂා කොමිසම
- මානව සම්පත් සංවර්ධන කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව
- භාෂා අධ්‍යාපන හා පුහුණු පිළිබඳ ජාතික ආයතනය
දැක්ම
"දැයට විශිෂ්ඨ රාජ්‍ය සේවයක්"
මෙහෙවර
"මානව සම්පත නිසි පරිපාලනය, කළමනාකරණය හා ප්‍රතිසංස්කරණය තුළින් විශිෂ්ඨ රාජ්‍ය සේවයක් තහවුරු කිරීම"
අරමුණු
- රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණ පිලිවෙතට අනුගත වෙමින් බඳවා ගැනීම්, පාරිශ්‍රමික සහ අනෙකුත් සේවා කොන්දේසි පිළිබඳ ඵලදායී රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම.
- මහජන අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දැක්වීමේදී දැනට රාජ්‍ය සේවයේ සිටින සේවකයින්ගේ සිතුම් පැතුම් සහ ආකල්ප නව මානයන් කරා මෙහෙයවීම.
- රාජ්‍ය සේවයේ ඵලදායීතාව සහ ගුණාත්මක බව ඉහළ නැංවීම උදෙසා නව කළමනාකරණ ව්‍යුහයක් සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
- හර පද්ධතියක් ස්ථාපිත කොට බෙදා හදා ගැනීම (ප්රතිඵලාභිමුඛ ආකල්ප, වගවීම, සම්පත් විචක්ෂණයෙන් ලෙස යොදා ගැනීම, අපක්ෂපාතිත්වය, පාරදෘශ්‍යබව ආදියෙන් සමන්විතව)
- රාජ්‍ය අංශයේ පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම සහ පුහුණු වැඩසටහන් පැවැත්වීමට ඇවැසි පහසුකම් සැපයීම.
- විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටළුවලට පිළියම් යෙදීම සඳහා විශ්‍රාම වැටුප් වැඩසටහන් සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
- රජයේ සංවර්ධන ඉලක්ක සහ ප්‍රමුඛතා සපුරාලිමේ හැකියාව සහිත රාජ්‍ය අංශයේ ආයතනික සංවර්ධනය සඳහා රාමුවක් සකස් කරගැනීම.
- සේවා සැපයුමේ ඵලදායීතාව සහ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීම.
- රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩලයේ නිපුණතාව වැඩි දියුණු කිරීම.
- වෙනස් වෙමින් පවතින තත්ත්වයන්ට අනුව කටයුතු කිරීම පිණිස පද්ධති සරල කිරීම සහ ක්‍රියාදාම යළි සකස් කිරීම සඳහා මාර්ගෝපදේශ වැඩි දියුණු කිරීම, වර්ධනය කිරීම සහ ක්‍රියාවට නැංවීම.
විෂය පථය
සියළු රාජ්‍ය සේවාවන්හි පුර්ණ ධාරිතා සංවර්ධනයක් සිදු කරමින් නව තොරතුරු තාක්ෂණික ක්රමෝපායන් ඔස්සේ කාර්යයන් ද්විකරණය වළක්වාලමින් සේවා දායකයින් වෙත ප්‍රශස්ථ සේවාවන් ලබා දීම හා පළාත් හා ප්‍රාදේශීය මට්ටමින් පවතින අසමානතා අවම කරමින් ජනතාව වෙත උසස් සේවාවක් සහතික කිරීම
කාර්යයන් හා කර්තව්‍යයන්
- “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකුලව සහ රජය මඟින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වෙනත් ජාතික ප්රතිපත්තීන් මත පිහිටා “රට වෙනුවෙන් වැඩ සංස්කෘතියක් ” ඇති කිරීම පිණිස අදාළ රාජ්‍ය අමාත්‍යාංශ සඳහා ප්‍රතිපත්තිමය මඟපෙන්වීම සිදු කිරීම සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන විෂයයට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය, ජාතික අයවැය, රාජ්‍ය ආයෝජන හා ජාතික සංවර්ධන වැඩපිළිවෙල යටතේ ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි විෂයයන් හා කාර්යයන් හා ඊට අදාළ ප්‍රතිපත්ති සම්පාදනය, වැඩසටහන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, පසු විපරම් කිරීම හා ඇගයීම.
- ශ්‍රී ලංකා පරිපාලන සේවය, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය, ශ්‍රි ලංකා ක්‍රමසම්පාදන සේවය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවය, ශ්‍රී ලංකා තාක්ෂණ සේවය හා ඒකාබද්ධ සේවාවන්හි ආයතනික, පරිපාලන හා පිරිස් කළමනාකරණය.
- පාර්ලිමේන්තුව සම්බන්ධ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කටයුතු වලට අදාළව රජය විසින් ඉටුකළ යුතු කාර්යයන්.
සුවිශේෂි ප්‍රමුඛතා
- රාජ්‍ය සේවාව කඩිනම් කිරීම උදෙසා දැනට රාජ්‍ය අංශයේ බලාත්මක සියළුම චක්‍රලේඛ විධිවිධාන, නීති හා රෙගුලාසි, සමාලෝචනයට ලක් කොට සරල කිරීම.
- ජනතා කේන්ද්‍රීය රාජ්‍ය සේවාවන් සැපයීම සඳහා රාජ්‍ය නිලධාරි සංකල්පයේ සිට මහජන සේවා සංකල්පය කරා රාජ්‍ය සේවය ගෙන යාම පිණිස අවශ්‍ය නීතිමය, ප්‍රතිපත්තිමය හා ආයතනික රාමුව සකස් කිරීම.
- ස්වාධීන රාජ්‍ය සේවයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නව සේවා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දීම.
- රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සංස්ථා සහ බැංකු සේවයේ සියලුම ආයතන වල සද්භාවයෙන් යුක්තව රාජකාරියේ යෙදෙන රාජ්‍ය නිලධාරින්ට මුක්තිය හිමි වන පරිදි අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇති කිරීම.
- වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප්ලාභීන්ට ප්‍රමාදයකින් තොරව විශ්‍රාම වැටුප ලබා දීම.
- සේවා සමාලෝචනයක් සිදු කොට, අවශ්‍ය පරිදි නව සේවා ව්‍යවස්ථා හඳුන්වාදීම හා යාවත්කාලීන කිරීම.
- රාජ්‍ය අංශයේ සේවක ආරවුල් විසඳීම සඳහා බේරුම්කාර ක්‍රියාවලියක් හඳුන්වාදීම.
- රාජ්‍ය සේවයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වෘත්තිය සංවර්ධනය ද ඇතුළත්ව දීර්ඝ කාලීන මානව සම්පත් සැලැස්මක් පිළියෙල කිරීම හා ක්‍රියාත්මක කිරීම.
අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කිරීමට පැවරෙන මූලික නීති
- අනිවාර්ය රාජ්‍ය සේවා පනත (1961 අංක 70)
- වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් පනත (1983 අංක 24)
- වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ආඥාපනත (1898 අංක 1)
- වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම (සන්නද්ධ හමුදා ) පනත (1998 අංක 60)
- වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම (සන්නද්ධ හමුදා) පනත (1970 අංක 18)
- රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල පනත (1999 අංක 40)
- රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල ආඥාපනත (1942 අංක 18)
- පළාත් පාලන සේවා විශ්‍රාම වැටුප් අරමුදල (1974 අංක 16)
- පළාත් පාලන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල (1974 අංක 16)
- පළාත් පාලන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල (1974 අංක 16)
- ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය පනත (1982 අංක 9)
- රජයේ නිවාස (සන්තකය ආපසු ලබාගැනීම) පනත (1969 අංක 7)
- තෑගි පිරිනැමීමේ තරඟ පනත (1957 අංක 37)
- විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය
- පාසල් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් පනත (1953 අංක 44)
- පළාත් සභා විශ්‍රාම වැටුප් පනත (1993 අංක 17)
- රජයේ හා අධිකරණ සේවා නිලධාරින්ගේ විශ්‍රාම ගැන්වීමේ ආඥාපනත (1910 අංක 11)
- රාජ්‍ය භාෂා පනත (1956 අංක 33)
- රාජ්‍ය භාෂා කොමිසම පනත (1991 අංක 18)
- ජාතික මානව සම්පත් සංවර්ධන කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභා පනත (1997 අංක 18)
- යුධ හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ව්‍යවස්ථා සංග්‍රහය
- ගුවන් හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ව්‍යවස්ථා සංග්‍රහය
- නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ව්‍යවස්ථා සංග්‍රහය
- ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය පනත (2007 අංක 26)
අරමුණු ලගාකරගැනීමේදී පවතින නෛතික රාමුවලට අනුගතව අප විසින් ගොඩනගාගනු ලැබූ උපාය මාර්ගයන්
- රාජ්‍ය සේවයේ කාර්යක්ෂම මානව සම්පත් කළමනාකරණය සඳහා විචක්ෂණ ප්‍රතිපත්තියක් සහ නියාමන රාමුවක්
- රාජ්‍ය සේවා සැපයුමේදී ඵලදායිතාව ඉහළ නැංවීම පිණිස ක්‍රියාදාම යළි සකස් කිරීම සහ පද්ධති සංවර්ධනය සඳහා වන පරිපාලන ප්‍රතිසංස්කරණය
- රාජ්‍ය සේවය සඳහා තරඟකාරී බඳවාගැනීමේ හා තෝරාගැනීමේ ක්‍රියාදාමයන්
- ඉල්ලුම් දිශානති ධාරිතා සංවර්ධනය සහ නිපුණතා ගැලපුම
- සේවා සැපයුම පුරවැසියන්ට සමීප කිරීම සඳහා විමධ්‍යගත කරනු ලැබූ ආයතනික ජාල
- රාජ්‍ය සේවයේ ගුණාත්මකබව ඉහළ නැංවීම සහ සේවා සැපයුමේ පාරදෘශ්‍යභාවය සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම
- පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් වෙත නැඹුරු වූ සේවා සැපයුමක් ප්‍රමිතිගත කිරීම සඳහා පුරවැසි / සේවාලාභී ප්රඥප්තියක් නිර්මාණය කිරීම