රාජ්‍ය අංශයේ නිරන්තර විමසීම් සඳහා ආයතන අධ්යක්ෂ ජනරාල්ගේ පිළිතුරු
රාජ්‍ය ආයතන ප්‍රධානීන් සිය පරිපාලන කටයුතු කිරීමේදී ආයතන සංග්‍රහය, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සෘඡුවම ආවරණය නොවන කරුණු පිළිබඳව ආයතන අධ්යක්ෂ ජනරාල්ගේ තීරණ විමසා නිරතුරුවම ලිපි ඉදිරිපත් කෙරේ.
ඒ ආකාරයට නිරතුරුවම ලැබෙන ගැටලු 100ක් සඳහා ආයතන අධ්යක්ෂ ජනරාල් විසින් ලබාදෙන පොදු තීරණ පහත දක්වා ඇත.
මෙහි සඳහන් පිළිතුරු පූර්වාදර්ශ ලෙස ගෙන ක්‍රියා කිරීම අපේක්ෂා කරන අතර කිසියම් වූ ගැටළු සහගත තත්වයක් පවතී නම් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 12/2012 අනුව අදාළ කරුණු ආයතන අධ්යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කල යුතුය.
නිවාඩු
රජයේ ස්ථීර පත්වීමක් බාර ගන්නා අවස්ථා වන විට දරු ප්‍රසූතියක් සිදුකර ඇති නිලධාරිනියක සඳහා 2005.02.03 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 04/2005 හි විධිවිධාන අදාළ කර ගනිමින් ප්‍රසූති නිවාඩු ලබා දිය හැකිද?
හැකිය. දරු ප්‍රසූතිය සිදු වූ දින සිට නිලධාරිනිය ස්ථීර පත්වීම බාරගත් දිනය දක්වා වූ කාල සීමාව අඩු කර ඉහත චක්‍රලේඛ විධිවිධාන පරිදි වැටුප් සහිත, අඩ වැටුප් හා වැටුප් රහිත ප්‍රසූති නිවාඩු ලබා දිය හැක.
රාජකාරී වේලාවෙන් බැහැර අවස්ථාවක දී සිදුවන අනතුරක් වෙනුවෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 382හි විධිවිධාන අනුව නිවාඩු ලබා දිය හැකිද?
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 382 අනුව අනපේක්ෂිත ව්‍යසනයක් යනු යම් භූගෝලීය ප්‍රදේශයක් තුළ සිදුවන ගංවතුර, සුළි සුළං, භූමි කම්පා, දීර්ඝ නියඟ වැනි ස්වාභාවික ව්‍යසනයන් හෝ යුද්ධමය අවස්ථාවක දී ඇති වන ව්‍යසනයන් වේ. එවැනි අවස්ථාවක අනතුරකට පත් වන නිලධරයෙකුට එම චක්‍රලේඛයේ විධිවිධාන අනුගමනය කරමින් නිවාඩු ලබා දිය හැකිය. ඒ හැර වෙනත් හදිසි අනතුරු (රථවාහන අනතුරු වැනි) වෙනුවෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 382 හි විධිවිධාන අදාළ කර ගත නොහැක.
විදේශ ශිෂ්‍යත්ව මත වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශ ගත වන නිලධරයකුගේ කලත්‍රයා ද රජයේ සේවකයෙකු වන අවස්ථාවක දී එම කලත්‍රයාට නිලධරයා සමඟ වාසය කිරීමට විදේශ නිවාඩු ලබා ගත හැකිද?
හැකිය. 2014.05.19 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2014 අනුව වැටුප් රහිත නිවාඩු ලබාගත හැකිය.
නීත්‍යානුකූලව දරුවෙකු හදා ගැනීමට ලබා ගන්නා රජයේ නිලධාරිනියකට දරුවා රැක බලා ගැනීමට නිවාඩු ලබා ගත හැකිද?
විශේෂ නිවාඩු ලබා ගත හැක. ඒ සඳහා ආයතන අධ්යක්ෂ ජනරාල්ගේ අනුමැතිය ලබා ගත යුතුය.
අනිවාර්ය සේවා කාලයක් සහිතව නිලධරයෙකුට ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 14 හෝ 16 වගන්තිවල විධිවිධාන පරිදි වැටුප් සහිත හෝ වැටුප් රහිත නිවාඩු ලබා දී ඇති අවස්ථාවක, එකී නිවාඩුවට අදාළ අනිවාර්ය සේවා කාලය සම්පූර්ණ කිරීම සඳහා නිලධරයාගේ වෛකල්පික විශ්‍රාම ගැනීමේ වයස (අවුරුදු 55) ඉක්මවා අවුරුදු 60 දක්වා වන සේවා කාලය ද අදාළ කර ගත හැකිද?
අනිවාර්ය සේවා කාලය නිලධරයාගේ වයස අවුරුදු 60 සම්පූර්ණ වීමට පෙර නිම කළ හැකි වන පරිදි නිවාඩු ලබා දීම කළ හැකිය. එම අනිවාර්ය සේවා කාලය සම්පූර්ණ වීමට ප්‍රථම වයස අවුරුදු 55 – 60 අතර කාලයේ දී නිලධරයා විශ්‍රාම යාමට ඉල්ලා සිටින්නේ නම් එවිට ඉතිරි අනිවාර්ය සේවා කාලය සඳහා අදාළ දණ්ඩන මුදල අය කළ යුතුය.
රජයේ නිලධරයෙකුගේ කලත්‍රයා හෝ දරුවෙකු අසනීප වූ අවස්ථාවක දී ඉකුත් නිවාඩුවලට අමතරව තවදුරටත් නිවාඩු ලබා ගත හැකිද?
2013.07.02 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 11/2013හි විධිවිධාන පරිදි වසරක කාලයක් සඳහා දේශීය හෝ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාගත හැකිය.
රජයේ නිලධාරිණියක අධ්‍යයනය සඳහා හෝ රැකියා සඳහා විදේශගතව සිටින අවස්ථාවක දී සිදුවන දරු ප්‍රසූතියක් සඳහා විදේශීයව ප්‍රසූති නිවාඩු අනුමත කළ හැකිද?
නොහැක.
රජයේ නිලධරයෙකු තම තනතුරට අදාළ සේවා ව්‍යවස්ථාවේ/බඳවා ගැනීමේ පරිපාටියේ/ උසස් කිරීම් පරිපාටියේ සුදුසුකම් සම්පූර්ණ කිරීම සඳහා උසස් අධ්‍යාපන පාඨමාලාවක් අධ්‍යයන නිවාඩු නොලබා හදාරන අවස්ථාවක දී විභාග සඳහා සූදානම් වීමට අධ්‍යයන නිවාඩු ලබා ගත හැකිද?
2014.10.07 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 23/2014හි විධිවිධාන පරිදි අධ්‍යයන නිවාඩු ලබා ගත හැක.
ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 23:3 උප වගන්තිය යටතේ මාණ්ඩලික නිලධරයෙකුට විදේශ නිවාඩු අනුමත කිරීමේ දී පවතින සීමාවන් කවරේද?
නිවාඩු ලබාගන්නා අවුරුද්දේත් ඊට කලින් අවුරුදු දෙකත් යන අවුරුදු තුනේ සමුච්චිත නිවාඩු සහ නිලධරයාට හිමි අඩ වැටුප් හෝ පරිවර්තිත අඩ වැටුප් නිවාඩු මාස 06ක උපරිමයක් දක්වා ලබා ගත හැක. මාස 06 ඉක්මවා නිවාඩු අනුමත කළ යුත්තේ රාජ්‍ය පරිපාලන විෂයය භාර ලේකම්වරයා විසිනි. මෙලෙස දීර්ඝ කරන නිවාඩු කාලය අඩ වැටුප් හෝ වැටුප් රහිත නිවාඩු විය යුතුය.
වෛද්‍ය සහතික මත වෛද්‍ය නිවාඩු ලෙස යම් දින ගණනක් අනුමතව ඇති විටෙක එකී දින ගණන තුළට ගැනෙන සෙනසුරාදා, ඉරිදා හෝ රජයේ නිවාඩු දින ද නිලධරයාට හිමි විවේක නිවාඩුවලින් අඩු කළ යුතුද??
වෛද්‍ය සහතික මත නිලධරයකුට සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු ලෙස ලබා දිය හැකි නිවාඩු ප්‍රමාණය වනුයේ අදාළ විධිවිධාන පරිදි පවත්නා වර්ෂයේ තවදුරටත් ඉතිරිව පවතින නිවාඩු ප්‍රමාණය හා පසුගිය වර්ෂයේ ඉතිරිව පවතින විවේක/අසනීප නිවාඩු ප්‍රමාණය සමඟ තවදුරටත් නිවාඩු අවශ්‍ය වන්නේ නම් ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 10 වගන්තිය යටතේ ලබා ගත හැකි ඉකුත් නිවාඩුත් වේ. එම පරිච්ඡේදයේ 8:3 උප වගන්තියෙහි විධිවිධාන අනුව මෙරට දී ගත කරන විවේක නිවාඩු කාලයකට ඇතුළත් වන සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දින, නිවාඩුවලින් අඩු කරනු නොලැබේ. ඒ අනුව වෛද්‍ය සහතික මත වෛද්‍ය නිවාඩු ලෙස සම්පූර්ණ වැටුප් සහිතව ලබා දිය හැකි යම් නිවාඩු ප්‍රමාණයක් අනුමත කරන අවස්ථාවක දී සෙනසුරාදා දිනය සාමාන්‍ය රාජකාරි දිනයක් ලෙස සලකන නිලධරයන්ට ඉරිදා සහ රජයේ නිවාඩු දින ද, සේවා මුර ක්‍රමය යටතේ සේවයේ යොදවා ඇති නිලධරයන්ට සතියේ ඔවුන්ට ලැබෙන විවේක දින ද, සතියේ දින 05 පමණක් සාමාන්‍ය රාජකාරි දින ලෙස නියම වී ඇති නිලධරයන්ට සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දින ද නිලධරයාට හිමි විවේක නිවාඩුවලින් අඩු නොකළ යුතුය.
උදා :- සම්පූර්ණ වැටුප් සහිත නිවාඩු ලබා දිය හැකි සතියේ දින 05 පමණක් රාජකාරියේ යෙදිය යුතු නිලධරයකුට දින 05 ක වෛද්‍ය හේතූන් මත නිවාඩු අනුමත කරන අවස්ථාවක දී සහ එම කාලය තුළට රජයේ නිවාඩු දින 02 ක් ඇතුළත් වන්නේ නම් නිලධරයා අසනීපය මත දින 05 ක් සේවයට වාර්තා නොකළ ද සත්‍ය ලෙසම ඔහුට හිමි වැටුප් සහිත විවේක නිවාඩුවලින් අඩු කළ යුත්තේ දින 03 කි.
රාජ්‍ය නිලධාරිණියකට ගර්භනී අවස්තාව මාස 05 ක් වූ විට ප්‍රසූති නිවාඩු ලබා ගන්නා තෙක්, රාජකාරි සඳහා සේවා ස්ථානයට පැය භාගයක් ප්‍රමාද වී පැමිණීමට හා සාමාන්‍යයෙන් සේවා ස්ථානයෙන් පිටවන වේලාවට පැය භාගයකට ප්‍රථම පිටවීමට ද ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 18:7 උප වගන්තියෙහි විධිවිධාන මඟින් සලසා දී ඇති සහනය උදේ හෝ සවස එකවර පැයක් ලෙස ලබා දිය හැකිද?
ඉදිරිපත් කර ඇති කරුණු පිළිබඳ නිවාඩු අනුමත කරන බලධරයා සෑහීමකට පත් වන්නේ නම් එම සහනය එකවර පැයක් ලෙස ලබා දීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැත.
ප්‍රසූති නිවාඩු ලබා ඇති නිලධාරිණියකට එම නිවාඩු කාලසීමාව අතරතුර දී ස්ථාන මාරුවක් ලැබ එය ක්‍රියාත්මක වුවහොත් ප්‍රසූති නිවාඩු (වැටුප් සහිත, අඩ වැටුප් හෝ වැටුප් රහිත) කාලයේ ඉතිරි ප්‍රමාණය නව සේවා ස්ථානයෙන් අනුමත කරගත හැකි ද?
ස්ථාන මාරු නියෝගයක් අනුව නව සේවා ස්ථානයට වාර්තා කිරීමෙන් අනතුරුව චක්‍රලේඛ විධිවිධාන ප්‍රකාරව නිලධාරිණියට තවදුරටත් වැටුප් සහිත, අඩ වැටුප් හෝ වැටුප් රහිත ප්‍රසූත නිවාඩු ඉතිරි වී ඇත්නම් නව සේවා ස්ථානයෙන් එම ඉතිරි නිවාඩු ප්‍රමාණය ලබා දීම අනුමත කළ හැක.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I) සහ 14/2022(II) අනුව විදේශීය/දේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමේ දී එකවර අවුරුදු 05ම අයදුම් කළ යුතු ද?
අවශ්‍ය නැත.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I) සහ 14/2022(II) අනුව විදේශීය/දේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමේ දී, ලබා ගන්නා වැටුප් රහිත නිවාඩුව කෙටි කාලයක් සඳහා ලබා ගත හැකි ද?
ලබා ගත හැකි ය.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I) සහ 14/2022(II) අනුව විදේශීය/දේශීය වැටුප් රහිත නිවාඩු ලබා සිටිය දී ලබාගත් නිවාඩු කාලය සම්පූර්ණ කිරීමකින් තොරව, කලින් සේවයට වාර්තා කළ හැකි ද?
ලබා ගන්නා ලද නිවාඩුව අවසන් කරන බවට විධිමත් පරිදි ආයතන ප්‍රධානියා දැනුම්වත් කර නැවත සේවයට වාර්තා කිරීමට බාධාවක් නැත.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I) සහ 14/2022(II) අනුව විදේශීය/දේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගන්නා නිලධරයකු වෙනුවෙන් වැඩ බැලීමට නිලධරයකු පත් කළ යුතු ද?
අමාත්‍යාංශ කමිටුවේ නිර්දේශ ලබා තිබෙන අවස්ථාවල දී මෙම වැටුප් රහිත නිවාඩු ඉල්ලුම් කරන නිලධරයන් වෙනුවෙන් වැඩ බැලීමට නිලධරයන් නම් කිරීම අත්‍යවශ්‍ය නොවන අතර එසේ කළ යුතුම අවස්ථාවල දී ආයතනය තුළ හඳුනාගත් අභ්‍යන්තර ක්‍රමවේදයක් තුළින් අදාළ කාර්යයන් විධිමත්ව හා කාර්යක්ෂමව පවත්වා ගැනීමට ආයතන ප්‍රධානීන් සුදුසු පියවර ගත යුතු ය.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I) සහ 14/2022(II) අනුව විදේශීය/දේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගන්නා නිලධරයකු නිවාඩු අනුමත කළ දිනට පෙර දිනට හිමි මූලික වැටුපට අදාළ වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු දායක මුදල ප්‍රේෂණය කළ යුතු ආකාරය කෙසේ ද?
වැන්දඹු/ වැන්දඹු පුරුෂ හා අනත්දරු දායක මුදල ප්‍රේෂණය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 06/2022 මඟින් උපදෙස් නිකුත් කර ඇත.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I) සහ 14/2022(II) අනුව විදේශීය/දේශීය වැටුප් රහිත නිවාඩු ලබා ගන්නා නිලධරයකු හට එම නිවාඩුව අනුමත කරවා ගැනීමට කොපමණ කාලයක් ගත වේ ද?
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(I) හි 04 (අ) වගන්තිය සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(II) හි 5.1 වගන්තිය අනුව වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම සඳහා තම අයදුම්පත ඉදිරිපත් කළ දින සිට මසක් ඇතුළත අවසන් තීරණය ලබා දීමට අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ක්‍රියා කළ යුතු ය.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(II) අනුව දේශීයව වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීම සඳහා අයදුම්පත්‍රයක් තිබේ ද?
නැත.
නිවාඩු ඉල්ලුම් කිරීම සඳහා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වන අතර, ඒ ඒ අමාත්‍යාංශ විසින් තම අමාත්‍යාංශයට ආවේණිකව සකස් කරගන්නා ලද ආකෘතියක් භාවිත කිරීම බාධාවක් නොවේ.
උදා:-
1. | නම | : | |
2. | තනතුර | : | |
3. | සේවයේ නියුතු කාර්යාලය | : | |
4. | නිවාඩු ඉල්ලුම් කරනු ලබන කාරණය | : | |
5. | නිවාඩු ඉල්ලුම් කරනු ලබන කාලසීමාව | : | ..............සිට......................දක්වා |
6. | ....... | : |
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(II) අනුව දේශීයව වැටුප් රහිත නිවාඩු ලබා ගැනීමේ දී ඉදිරිපත් කළ යුතු ගිවිසුමක් තිබේ ද?
නැත.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(II) අනුව දේශීයව වැටුප් රහිත නිවාඩු ලබා සිටිය දී විදේශගත වීමට අවශ්‍ය වුවහොත් නිවාඩු ලබා ගත හැකි ආකාරය?
(i) දේශීය වැටුප් රහිත නිවාඩුව අතරතුර දී / මාර්ගගත ක්‍රමය ඔස්සේ රැකියාවක නිරතව සිටිය දී කෙටි කාලීනව (මාස 03කට අඩු කාලයක් සඳහා) විදේශගත වීමක දී විදේශ නිවාඩු අනුමතිය ලබා ගැනීමට අවශ්‍ය නොවේ.
(ii) දේශීය නිවාඩු ලබාගත් නිලධරයකුට මාස 03කට වඩා වැඩි කාලයකට විදේශ රැකියාවක් සඳහා හෝ වෙනත් කාර්යයක් සඳහා හෝ විදේශගත වීමට අවශ්‍ය වුවහොත් නැවත සේවයට වාර්තා කර, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I) අනුව ඒ සඳහා විදේශ නිවාඩු අනුමත කරවා ගත යුතු ය.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I) සහ 14/2022(II) අනුව ආචාර්ය උපාධි පාඨමාලා සහ පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබාගත හැකිද?
නොහැක.
ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 16 වගන්තිය යටතේ දැනටමත් වැටුප් රහිත විදේශ නිවාඩු ලබා ඇති නිලධරයන්ට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I), 14/2022(II) යටතේ නැවත වැටුප් රහිත නිවාඩු ලබා ගත හැකිද?
ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 16 වගන්තිය යටතේ උපරිම වසර 05 දක්වා නිවාඩු ලබා ඇති නිලධරයන්ට මෙම විධිවිධාන යටතේ නැවත නිවාඩු ලබා ගත නොහැක.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022, 14/2022(I) සහ 14/2022(II) යටතේ නිවාඩු ලබාදිය හැකි තනතුරු සහ නොහැකි තනතුරු ලෙස තනතුරු වර්ගීකරණයක් සිදු කර තිබේ ද?
සේවා අවශ්‍යතාව පිළිබඳව තක්සේරුවකට පසුව කිසියම් තනතුරක් දරන නිලධරයකුට ඉහත පරිදි වැටුප් රහිත නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් අදාළ අමාත්‍යාංශයේ ලේකම් විසින් තීරණය කරනු ලැබේ.
දුම්රිය බලපත්‍ර
රජයේ නිලධරයන්ගෙන් යැපෙන දරුවන් සඳහා නිවාඩු ගමන් බලපත්‍ර (Railway warrants) ලබා දීමේ දී ඔවුන් සඳහා උපරිම වයස් සීමාවන් පනවා ඇත්ද?
ආයතන සංග්‍රහයේ XVI වැනි පරිච්ඡේදයේ 1:3 උප වගන්තිය අනුව වයස් සීමාව නොසලකා නිත්‍ය ලෙසට යැපෙන බව තහවුරු කර ගැනීම ප්‍රමාණවත් වන අතර, එම පරිච්ඡේදයේ 1:3:4 උප වගන්තිය අනුව එම තහවුරු කර ගැනීම දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ වගකීමක් වන අතර අවශ්‍ය නම් මේ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරී වෙතින් තහවුරුවක් ද ඉල්ලා සිටිය හැක.
කාර්යාල වේලාව
ගමන් වියදම්
නිල නිවාස
කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ පිහිට වූ නිලධරයන්ට නිල නිවාස හිමිද?
යම් තනතුරකට උප ලේඛන ගත කරන ලද නිල නිවාසයක් හිමි නම් පමණක්, එම තනතුර දරන්නා කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදී සිටිය ද එය ලබා දිය හැකිය. උපලේඛනගත නිවසක් හිමි නොවන තනතුරක කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවූ නිලධරයෙකුට රජයේ නිවාසයක් සඳහා හිමිකමක් නොමැත.
ගිවිසුම් බැඳුම්කර
රාජකාරිය සඳහා විදේශයකට පත් කරන ලද නිලධරයෙකුගේ කලත්‍රයා ද රජයේ නිලධරයෙකු නම් ඔහුට/ඇයට ආයතන සංග්‍රහයේ XII වැනි පරිච්ඡේදයේ 36 වගන්තියේ විධිවිධාන අනුව වැටුප් රහිත විදේශ නිවාඩු ලබා දීමේ දී ගිවිසුමකට එළඹිය යුතුද? අනිවාර්ය සේවා කාලයක් අවශ්‍ය වේද?
ගිවිසුමකට එළඹීම හෝ අනිවාර්ය සේවා කාලයකට යටත් වීම හෝ අවශ්‍ය නොවේ.
දේපළ හා ආපදා ණය
කිසියම් නිලධරයෙකු සඳහා රජයේ සේවක දේපළ ණය යටතේ ලබා දිය හැකි උපරිම මුදල (රුපියල් ලක්ෂ 30ක මුදල හෝ නිලධරයාගේ අවුරුදු 07ක වැටුප යන දෙකෙන් අඩු මුදල) නිර්දේශ කිරීමේ දී නිලධරයාගෙන් අය කළ හැකි උපරිම මාසික අය කිරීම කෙසේ විය යුතුද?
නිලධරයා ලබන මාසික ශුද්ධ වැටුප (දීමනා හැර) නොඉක්මවන පරිදි මාසික වාරිකය හා පොළිය ගණනය කළ හැකිය.
ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව ඇපකරුවන් ඉදිරිපත් කර, වරක් ආපදා ණය ලබා ඇති නිලධරයෙකු එම ණය මුදලේ ශේෂයක් තිබියදී ම නැවත වතාවක් ආපදා ණය මුදල් ඉල්ලුම් කිරීමේ දී යළිත් ඇපකරුවන් ඉදිරිපත් කළ යුතුද?
ඔව්. මෙහිදී මුල් ඇපකරුවන් නිදහස් වන අතර, අවසාන ණය මුදල සඳහා ඇප වන පුද්ගලයන් මුළු ආපදා ණය මුදල සඳහා ම ඇපකරුවන් වනු ඇත.
ස්ථාන මාරු ප්‍රතිපත්ති
කාර්යක්ෂමතා කඩඉම්
කිසියම් තනතුරකට අයත් පත්වීම් ලිපියක කාර්යක්ෂමතා කඩඉමක් ගැන සඳහන් නොවී ඇති විටෙක, නිලධරයෙකු සිය තනතුරට අදාළ කාර්යක්ෂමතා කඩඉම් සමත් විය යුතුද? සමත්විය යුතු නම් ඒ සඳහා පවතින විධිවිධාන කවරේද?
තනතුරට අදාළ බඳවා ගැනීමේ පරිපාටියේ හෝ සේවා ව්‍යවස්ථාවේ කාර්යක්ෂමතා කඩඉමක් ඇතුළත්ව ඇත්නම් නිලධරයා කාර්යක්ෂමතා කඩඉමෙන් සමත්විය යුතුය. එහෙත් අදාළ පත්වීම් ලිපියේ එම විධිවිධාන සඳහන් ව නැති විට ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් උපදෙස් ලබා ගත යුතුය.
කාර්යක්ෂමතා කඩඉම සමත් වීම සඳහා විධිමත් බලධරයා විසින් සහන කාලයක් ලබා දී ඇත්නම් එම කාලය සඳහා වැටුප් වර්ධක ලබා දිය හැකිද?
වැටුප් වර්ධකය උපයාගෙන ඇති අවස්ථාවක දී වෙනත් අයුරකින් නුසුදුසු නොවන්නේ නම් ගෙවිය හැකිය.
2001.09.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 20/2001 ප්‍රකාරව කාර්යක්ෂමතා කඩඉමෙන් නිදහස් වීමේ විධිවිධාන කවරේද?
2001.10.01 දින හෝ එදිනට පෙර පහත අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කර තිබූ නිලධරයන් පමණක් කාර්යක්ෂමතා කඩඉමෙන් සමත්වීමේ අවශ්‍යතාවෙන් නිදහස් කළ හැකිය.
- 2001.10.01 දින වන විට වයස අවුරුදු 45 සම්පූර්ණ වී තිබීම.
- බඳවා ගැනීම් පරිපාටියේ හෝ සේවා ව්‍යවස්ථාවේ වයස පදනම් කර ගෙන කාර්යක්ෂමතා කඩඉමෙන් නිදහස් වීමට අදාළ විධිවිධාන ඇතුළත්ව තිබීම.
- 2001.10.01 දින වන විට නියමව තිබූ කාර්යක්ෂමතා කඩඉම් වැටුප් පියවරට එළඹ තිබීම. (පෙරදාතම් කිරීම හෝ උසස් කිරීම හෝ වැටුප් වර්ධක වාසි ලබා ගැනීම මත හෝ අදාළ වැටුප් පියවරට එළඹ තිබීම හෝ වැටුප් පියවර ඉක්මවා යාම මෙහි දී අදාළ නොවේ.)
බඳවා ගැනීම් පරිපාටියේ/සේවා ව්‍යවස්ථාවේ හෝ පත්වීම් ලිපියේ සඳහන් ආකාරයට නියමිත පරිදි කාර්යක්ෂමතා කඩඉම සමත් වීමට නොහැකි වූ නිලධරයන්ට සහන ලබා ගැනීම සඳහා පවතින විධිවිධාන කවරේද?
ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අංක 02/2011 සහ 02/2011 (1) හි විධිවිධාන පරිදි සහන කාලයක් ලබා ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිය.
පත්වීම් හා උසස්වීම්
නිලධරයන් උසස්වීමක් ලබන විටම එම තනතුරේ කාර්යක්ෂමතා කඩඉම් වැටුප් පියවර ඉක්මවා ඇත්නම් ඉන් ඉදිරියට වැටුප් වර්ධක ලබා දීම සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේද?
උසස්වීම අනුව වැටුප් පරිවර්තනය කර කාර්යක්ෂමතා කඩඉම් වැටුප් පියවර ඉක්මවන්නේ නම් ආයතන සංග්‍රහයේ VII වැනි පරිච්ඡේදයේ 5:5 වගන්තියේ විධිවිධාන අනුව කටයුතු කළ යුතුය.
රාජ්‍ය සේවයේ / පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරක් දරමින් සිටින නිලධරයෙකු වෙනත් රජයේ තනතුරකට පත්වීමක් ලබා ගන්නා විට ඔහුගේ පෙර සේවා කාලය නව තනතුරේ සේවා කාලයට එකතු කළ හැකිද?
එකතු කළ නොහැක. එසේ වුවද, රාජ්‍ය සේවයේ/පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධරයෙකු විධිමත් පරිදි මුදා හැර ගෙන රාජ්‍ය සේවයේම නව පත්වීමක් ලබා ගන්නා අවස්ථාවේ දී, රාජ්‍ය සේවය/පළාත් රාජ්‍ය සේවය යටතේ වන පුර්ණ සේවා කාලය විශ්‍රාම වැටුප් ගණනය කිරීම සඳහා පමණක් අදාළ කර ගත හැක.
රාජ්‍ය සේවයේ/ පළාත් රාජ්‍ය සේවයේ ස්ථීර තනතුරක් දරමින් සිටින නිලධරයෙකු වෙනත් රාජ්‍ය සේවයේ/ පළාත් රාජ්‍ය සේවයේ තනතුරකට පත්වීමක් ලබා ගන්නා විට ඔහුගේ වැටුප සකස් කිරීමේ දී පූර්ව සේවයේ ලබාගත් වැටුප සහ සේවා කාලය නව තනතුරේ වැටුප සකස් කිරීමේ දී අදාළ කර ගත හැකිද?
රාජ්‍ය සේවයේ/පළාත් රාජ්‍ය සේවයේ නියුතු නිලධරයෙකු විධිමත් පරිදි මුදා හැර ගෙන රාජ්‍ය සේවයේ/පළාත් රාජ්‍ය සේවයේ නව පත්වීමක් ලබා ගන්නා අවස්ථාවේ දී, රාජ්‍ය සේවය/පළාත් රාජ්‍ය සේවය යටතේ ලැබූ වැටුප සහ සේවා කාලය ආයතන සංග්‍රහයේ VII වන පරිච්ඡේදයේ 9 වගන්තියේ විධිවිධාන පරිදි වැටුප් වර්ධක වාසි ලබාදීම සඳහා සලකා බැලිය හැකිය.
මධ්‍යම රජයේ නිලධරයන්ගේ උසස්වීම් හා පත්වීම් පෙරදාතම් කිරීම සම්බන්ධයෙන් පැන නඟින ගැටලු සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ කෙසේද?
2009.02.20 දිනැති අංක 1589/30 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශිත රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති කෙරෙහි අවධානය යොමු කරමින් අදාළ උපදෙස් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් ලබා ගත යුතුය.
ඌණ සේවා උපාධිධාරීන්ගේ ගැටළු
2005.07.15 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 20/94 (II) හි විධිවිධාන, 1980.12.31 දිනට පසුව රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති නිලධරයන්ට අදාළ කර ගත හැකිද?
නොහැක.
මුදා හැරීම්
රාජ්‍ය සේවයේ එක් තනතුරක සිට රාජ්‍ය සේවයේ වෙනත් තනතුරකට හෝ අභ්‍යාසලාභී පුහුණුවකට ස්ථීරව මුදා හැර ඇති මධ්‍යම රජයේ නිලධරයෙකුට පෙරළා පූර්ව තනතුරට පැමිණීම සම්බන්ධයෙන් වර්තමානයේ බලාත්මක වන විධිවිධාන කවරේද?
2009.02.20 දිනැති අංක 1589/30 දරන ගැසට් පත්‍රයේ ප්‍රකාශිත රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති සංග්‍රහයේ මීට අදාළ විධිවිධාන සඳහන් නොවන හෙයින් මේ පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙතින් උපදෙස් ලබා ගත යුතුය.
දේශපාලන අයිතිවාසිකම්
මැතිවරණයකට තරඟ කරන දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයෙකු, ඒ සඳහා නිවාඩු ඉල්ලුම් කිරීමේ දී, එම වසරේ ඔහුට හිමි එතෙක් ලබා නොගත් සාමාන්‍ය නිවාඩු තිබේ නම් ඒවා ලබා ගැනීමට හැකියාවක් තිබේද?
ඔව්. එම වසරට අදාළ අනියම් නිවාඩු ද, පෙර වර්ෂයේ විවේක නිවාඩු ඉතිරිව ඇත්නම් එම නිවාඩු සහ පවත්නා වර්ෂයට අදාළව උපයා ගෙන ඇති විවේක නිවාඩු ද ලබා ගත හැකිය.
වසරක් අවසන් වීමට ආසන්නයේ දී නාම යෝජනා කැඳවා එළඹෙන වර්ෂයේ දී මැතිවරණය පවත්වන විට නිවාඩු ලබා ගන්නේ කෙසේද?
2019.03.05 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 05/2019 විධිවිධාන අනුව කටයුතු කල හැකිය.
දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයෙකු පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වී ජය ගෙන සභික තනතුරකට පත් වූ විට ඔහු දරමින් සිටි තනතුරෙන් ඉල්ලා අස් විය යුතුද?
නැත. රජයේ ඔහු දරමින් සිටි තනතුරේ සිටිය දීම මසකට දින 06ක උපරිමයකට යටත්ව අදාළ රැස්වීම්වලට සහභාගී විය හැකිය. (2021.06.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 12/2021)
දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයෙකු පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වී ජයගෙන සභාපති තනතුරකට පත් වූ විට ඔහු දරමින් සිටි තනතුරින් ඉල්ලා අස්විය යුතුද?
නැත. සිය තනතුරේ සිටිය දීම මසකට දින 08ක උපරිමයකට යටත්ව අදාළ රැස්වීම්වලට සහභාගී වීම සඳහා සේවයේ හදිසි අවශ්‍යතාවන්ට යටත්ව වැටුප් සහිත නිවාඩු ලබා දීම හෝ මුළු ධුර කාලය තුලම වැටුප් රහිත නිවාඩු ලබා ගැනීම. (2021.06.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 12/2021)
දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයෙකු පළාත් සභා මැතිවරණයකට ඉදිරිපත් වී ජයගෙන සභිකයෙකු වශයෙන් පත් වූ විට ඔහු දරමින් සිටි තනතුරෙන් ඉල්ලා අස්විය යුතුද?
නැත. ආයතන සංග්‍රහයේ XXXII පරිච්ඡේදයේ 2:3:4 උප වගන්තියේ විධිවිධානවලට යටත්ව 01 හෝ 02 මනාප පරිදි කටයුතු කල හැකිය.
දේශපාලන අයිතිවාසිකම් හිමි නිලධරයෙකු පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වී ජයගෙන මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් වූ විට ඔහු දරමින් සිටි තනතුරෙන් ඉල්ලා අස් විය යුතුද?
ඔව්
දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධරයෙකු මැතිවරණයකට තරඟ කිරීම සඳහා සේවයෙන් ඉල්ලා අස් විය යුතුද?
ඔව්. එසේ වුවද වසර 10ක් හෝ ඊට වඩා වැඩි විශ්‍රාම වැටුප් සහිත සේවා කාලයක් ඇත්නම් ආයතන සංග්‍රහයේ XXXII පරිච්ඡේදයේ 1:3 උප වගන්තියේ විධිවිධාන අනුව ක්‍රියා කළ හැකිය.
භාෂා දිරි දීමනා
සිංහල මාධ්‍යයෙන් හදාරන ලද උපාධි පාඨමාලාවක අනු විෂයක් ලෙස ඉංග්‍රීසි භාෂාව සමත් වීම මත දිරි දීමනා ලබා දිය හැකි ද?
නොහැක
කිසියම් තනතුරකට අදාළ බඳවා ගැනීමේ පරිපාටියේ/සේවා ව්‍යවස්ථාවේ හෝ අයඳුම්පත් කැඳවීමේ නිවේදනයේ බඳවා ගැනීමේ සුදුසුකමක් ලෙස කිසියම් භාෂා ප්රවීණතාවක් ඉල්ලා තිබේ නම් එම භාෂා ප්‍රවීණතාව සඳහා 1998.12.30 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 හා 2004.06.23 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 (i) අනුව දිරි දීමනා ලබා ගත හැකි ද?
නොහැක
1998.12.30 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 හා 2004.06.23 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 (i) යටතේ දිරි දීමනා ලබා දීමට මානව සම්පත් අභිවර්ධන ආයතනයේ (සේවක අධ්‍යාපන ආයතනයේ) සහතික අදාළ කර ගත හැකි ද?
එම ආයතනයේ ඉංග්‍රීසි භාෂා ඩිප්ලෝමාවක් හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් උපාධියක් හෝ හදාරා සහතික ලබා ඇත්නම් එම සහතික දිරි දීමනා ලබා දීම සඳහා අදාළ කර ගත හැකි ය.
සේවය ස්ථිර කළ රජයේ නිලධරයෙකුට 1998.12.30 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 හා 2004.06.23 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 (i) යටතේ භාෂා දීමනාව ගෙවීම ආරම්භ කළ යුත්තේ පත්වීම ලද දින සිට ද? සේවයේ ස්ථිර කළ දින සිට ද? වාචික පරීක්ෂණයෙන් සමත් වූ/නිදහස් වූ දින සිට ද නැතිනම් දිරි දීමනා ඉල්ලන දින සිට ද?
භාෂා දිරි දීමනා ගෙවීම ආරම්භ කළ යුත්තේ නිලධරයා විසින් ලිඛිත සුදුසුකම් සම්පූර්ණ කළ දිනට පසු මුල් පත්වීම් දිනය එළඹෙන්නේ නම් එම දින සිටද, මුල් පත්වීම් දිනට පසුව අදාළ සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නම් එකී සුදුසුකම් සම්පූර්ණ කළ දින සිටද, පත්වීම ස්ථීර කරන ලද දින සිටද, නැතහොත් භාෂා දිරි දීමනා ඉල්ලුම් කළ දින සිටද, වාචික පරීක්ෂණය සමත්වීම අනිවාර්යය වන නිලධරයකු සම්බන්ධව නම් වාචික පරීක්ෂණය සමත් වූ / වාචික පරීක්ෂණයෙන් නිදහස් කළ දින සිටද, යන්න පිළිබඳව තීරණය කිරීමට දෙපාර්තමේන්තු ප්‍රධානියාට හැකියාව තිබේ.
නැවත සේවයේ යොදවන ලද නිලධරයන් හා කොන්ත්‍රාත් පදනම මත සේවයට බඳවා ගෙන ඇති නිලධරයන් 1998.12.30 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 හා 2004.06.23 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 (i) යටතේ දිරි දීමනා ලැබීමට හිමිකම් ලබන්නේ ද?
නැත.
අ.පො.ස. (උ.පෙළ) විභාගයේ දී සාමාන්‍ය ඉංග්‍රීසි (General English) විෂයය සමත් වීම 1998.12.30 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 හා 2004.06.23 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 (i) යටතේ දිරි දීමනා ගෙවීම සඳහා අදාළ කර ගත හැකි ද?
නොහැක.
2007.02.09 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2007 යටතේ සුදුසුකම් සම්පූර්ණ කළ නිලධරයන්ට, 2020.10.16 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2020 හි විධිවිධාන ක්‍රියාත්මක වීමෙන් පසුව, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2007 යටතේ භාෂා දීමනා ඉල්ලුම් කළ හැකිද?
නොහැකි ය. 2020.10.16 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2020 මඟින් 2007.02.09 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2007 අවලංගු කර ඇති බැවින් 2020.10.16 දිනෙන් පසු සිංහල/දෙමළ භාෂා සඳහා දිරි දීමනා ගෙවීමට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2020 අනුව කටයුතු කළ යුතු වේ.
ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් නොවන වෙනත් විෂයයන් පිළිබඳව, ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් හදාරණ ලද ඩිප්ලෝමා පාඨමාලා සහතික, 1998.12.30 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 හා 2004.06.23 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 (i) යටතේ දිරි දීමනා ලබා දීමට අදාළ කර ගත හැකිද ?
නොහැක.
උපාධි පාඨමාලාවක් ඉංග්‍රීසි හා වෙනත් භාෂාවක් උපයෝගි කර ගනිමින් භාෂා ද්විත්වයකින් හදාරා ලබා ගත් සහතික, 1998.12.30 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 හා 2004.06.23 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 (i) යටතේ දිරි දීමනා ලබා දීමට අදාළ කර ගත හැකිද ?
නොහැක. 1998.12.30 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 හා 2004.06.23 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 29/98 (i) යටතේ දිරි දීමනා ලබා ගැනීම සඳහා අදාළ උපාධි පාඨමාලාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂා මාධ්‍ය යෙන් හදාරා තිබිය යුතු ය.
විනය
මූලික විමර්ශන පැවැත්වීමට විශ්‍රාමික නිලධරයන් යෙදවිය හැකිද?
නොහැක. රජයේ සේවයේ නියුතු නිලධරයෙකුම යෙදවිය යුතුය. එසේ වුවත් අත්‍යවශ්‍ය අවස්ථාවක දී විශ්‍රාමික නිලධරයෙකු යොදවා ගැනීමට අදහස් කරන්නේ නම් ඒ සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පූර්ව අනුමතිය ලබා ගත යුතුය
චෝදනා පත්‍රය, සාක්ෂිගත ලේඛන හා සාක්ෂිකරුවන්ගේ නාම ලේඛනය සංශෝධනය කළ හැකි අවස්ථා ගණන කීයද?
ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ,
- 14:4 උප වගන්තිය අනුව චෝදනා පත්‍රය නිකුත් කර විධිමත් විනය පරීක්ෂණය ආරම්භ කරන අවස්ථාව දක්වා කාල සීමාව තුළ ඕනෑම වාර ගණනක් චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට විනය බලධරයාට බලය ඇත.
- 14:6 උප වගන්තිය අනුව, විධිමත් විනය පරීක්ෂණය ආරම්භ කිරීමෙන් පසු, නඟා ඇති චෝදනා සම්බන්ධයෙන් චෝදනා පත්‍රය දෙවරක් සංශෝධනය කළ හැකිය.
- 14:8 උප වගන්තිය අනුව, විධිමත් විනය පරීක්ෂණය ආරම්භ කිරීමෙන් පසු සාක්ෂිගත ලේඛන හා සාක්ෂිකරුවන්ගේ නාම ලේඛනය දෙවරක් සංශෝධනය කළ හැකිය.
විධිමත් විනය පරීක්ෂණයක දී පැමිණිල්ල මෙහෙයවන නිලධරයාට සාක්ෂිගත ලේඛන හා සාක්ෂිකරුවන්ගේ නාම ලේඛනය සංශෝධනය කිරීමේ දී අලුතින් සාක්ෂිගත ලේඛන හා සාක්ෂිකරුවන්ගේ නම් චෝදනා පත්‍රයට ඇතුළත් කළ හැකිද?
හැකිය. ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ 14:8 උප වගන්තියෙන් විධිවිධාන සලසා තිබේ
මූලික විමර්ශනයේ දී සාක්ෂිකරු විසින් කරනු ලැබ ඇති ලිඛිත ප්‍රකාශයක් විධිමත් විනය පරීක්ෂණයක දී සාක්ෂියක් ලෙස පිළිගත යුතුද?
ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩයේ XLVIII පරිච්ඡේදයේ 21:13 වගන්තියේ විධිවිධාන අනුව මූලික විමර්ශනයේ දී දෙන ලද ලිඛිත ප්‍රකාශයක් සත්‍ය බව සාක්ෂිකරු විසින් විධිමත් විනය පරීක්ෂණයේ දී පිළිගනු ලබන්නේ නම් එය විධිමත් විනය පරීක්ෂණයේ දී සාක්ෂියක් ලෙස පිළිගත යුතුය.
චූදිත නිලධරයකුගේ දුරකථන හෝ වෙනත් සංවාදයක පටිගත කළ හඬ පටයක් විධිමත් විනය පරීක්ෂණයක පැමිණිල්ලේ සාක්ෂියක් ලෙස පිළිගත හැකිද?
ඉදිරිපත් කිරීමට නෛතික බාධාවක් නැත. දුරකථන හෝ වෙනත් සංවාදය පටිගත කරන ලද පුද්ගලයා හෝ එකී දුරකථන සංවාදයට හවුල් වු අනෙක් තැනැත්තා අදාළ පරීක්ෂණයේ සාක්ෂිකරුවෙක් ලෙස කැඳවීමෙන් චූදිත විසින් කළා යැයි කියන ප්‍රකාශය ස්වාධීනව ද තහවුරු කර ගත හැක.
විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වෙන අතරතුර චූදිත නිලධරයා මියගිය අවස්ථාවක විනය පරීක්ෂණය අත්හිටුවා තීරණයක් ලබාදිය හැකිද?
විනය පරීක්ෂණය අත්හිටු විය හැකිය. එහෙත් මෙවැනි අවස්ථාවක දී වරදකාරිත්වය පිළිබඳව නිගමනයකට එළඹීමේ හැකියාවක් නොමැත.
මූලික විමර්ශනයක් කොතරම් කාලයක් තුල අවසන් කළ යුතුද ?
මාස 02ක් තුල ( 2019.09.30 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 30/2019 – 13.2 වගන්තිය)
විධිමත් විනය පරීක්ෂණයක් ආරම්භ කර කිනම් කාලයක් තුළ අවසන් කළ යුතුද?
මාස 06ක් ඇතුළත ( 2019.09.30 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 30/2019 – 22.1.1 වගන්තිය)
විශ්‍රාම වැටුප්
වෛකල්පික විශ්‍රාම වයසට එළඹීමට පෙර නිලධරයකුට තමාගේ කැමැත්ත පරිදි විශ්‍රාම ලබා ගැනීම සඳහා විධිවිධාන පවතීද?
1988.08.30 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 30/88 හා 1990.06.19 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 30/88(1) අනුව වසර 20ක දළ සේවා කාලයක් සපුරා තිබීම මත විශ්‍රාම ගැන්විය හැකිය.
මරණ පාරිතෝෂිකයක් සඳහා හිමිකම් ලැබීමට සපුරාලිය යුතු අවශ්‍යතා මොනවාද?
වසර 5ක් හෝ ඊට වැඩි කාලයක් ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරක සේවය කර තිබීම (1996.12.06 දිනැති විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 9/96)
පුහුණු සේවා කාලයන් විශ්‍රාම වැටුප් ගණනයේදී අදාළ කර ගත හැකිද?
අදාළ කරගත හැක. එකී පුහුණුව පත් කරනු ලබන තනතුරට අදාළ විය යුතුය.(විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 4 (ආ)1)
රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීති හි XII පරිජේදයේ 172 වගන්තියේ දක්වා ඇති ආයතනයක් වෙත ස්ථීරව මුදා හැරීමේදී පුර්ව තනතුරෙහි කල සේවය සඳහා විශ්‍රාම වැටුප් හිමිකම තිබේද?
ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තනතුරක වසර 10ක් හෝ ඊට වැඩි කාලයක් සේවය කර තිබීම, විධිමත්ව මුදාහැරීම, මුදාහල ආයතනයෙන් විධිමත්ව විශ්‍රාම ගෙන ඇත්නම් විශ්‍රාම වැටුප් සඳහා හිමිකම් ඇත.
රජයේ සේවයෙන් ඉල්ලා අස් වී නැවත සේවයට බැඳුනු නිලධාරියෙකුගේ පුර්ව සේවා කාලය විශ්‍රාම වැටුප් ගණනය සඳහා අදාළ කර ගත හැකිද ?
විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහයේ 20 (2)ආ වගන්තිය අනුව අදාළ කර ගත හැක.
පෞද්ගලික ලිපිගොනුවේ ලිපි අස්ථානගත වීම හේතුවෙන් විශ්‍රාම වැටුප් සේවා කාලය සම්බන්ධයෙන් ගැටලුවක් පැන නැඟී ඇති විට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය කුමක්ද?
1973.06.14 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 121 හි 5:4 වගන්තිය අනුව දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් මාණ්ඩලික නිලධරයන් දෙදෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කමිටුවක් පත් කර, අදාළ සේවා කාලය පිළිබඳ නිර්දේශ විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් වෙත ඉදිරිපත් කළ යුතු ය.
හදිසි අනතුරු වන්දි
හදිසි අනතුරු හේතුවෙන් මියගිය අවිවාහක රාජ්‍ය නිලධරයෙකු වෙනුවෙන් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/93 යටතේ වන්දි ලබාදීමේ දී, දෙමාපියන් ජිවතුන් අතර නොමැති විටෙක එම වන්දි මුදල් ඔහුගේ අවිවාහක සහෝදර/සහෝදරියන් වෙත ලබා දිය හැකිද?
එවැනි අවස්ථාවක දී වන්දි මුදල නිලධරයාගේ අවිවාහක රැකියා විරහිත සහෝදර සහෝදරියන්ට සම කොටස්වලින් ලබා දිය හැකිය.
ත්‍රස්තවාදී විපත්/ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් සිදුවන අනතුරු
ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය රාජ්‍ය නිලධරයෙකුගේ කලත්‍රයා නැවත විවාහ වීම හේතුවෙන් නිලධරයාගේ වැටුප දරුවන් වෙත ලබා දිය හැකිද?
මියගිය නිලධරයාගේ කලත්‍රයා නැවත විවාහ වීමෙන් පසු ඇය/ඔහු මියගිය අයගේ යැපෙන්නෙකු ලෙස සැලකිය නොහැකි වුව ද දරුවන් තව දුරටත් යැපෙන්නන් වේ.
ඒ අනුව නිලධරයාට වයස අවුරුදු 55 සම්පූර්ණ වන දිනය හෝ දරුවන්ට අවුරුදු 26 සම්පූර්ණ වන දිනය යන දින දෙකෙන් පළමුව එළඹෙන දිනය තෙක් නිලධරයාට හිමි මාසික වැටුප වරින්වර ලද හැකිව තිබූ වැඩිවීම් හා දීමනා ද සහිතව ඔහුගේ දරුවන් වෙත (ගැහැණු දරුවන් නම් අවිවාහක ද විය යුතුය) ලබා දිය හැකිය.
රාජ්‍ය සංස්ථාවක කොන්ත්‍රාත් පදනමින් සේවය කළ සේවකයෙකු, ත්‍රස්තවාදී ප්රචණ්ඩ ක්‍රියා හේතු කොටගෙන මිය ගියහොත් ඔහුගේ යැපෙන්නන්ට වන්දි හිමිකමක් ඇත්ද?
1988.07.13 දිනැති අංක 21/88 හා 1989.11.30 දිනැති අංක 59/89 දරන රාජ්‍ය පරිපාලන චක්රලේඛයන්හි විධිවිධාන අනුව එවැනි නිලධරයෙකු වෙනුවෙන් ඔහුගේ යැපෙන්නන් වෙත සියලු දීමනා හා වැටුප් වර්ධක සහිතව නිලධරයාට හිමි සම්පූර්ණ මාසික වැටුප ඔහුට අවුරුදු 55 සම්පූර්ණ වන දිනය තෙක් ලබා දිය හැකිය.
දරුවන් නොමැති රාජ්‍ය නිලධරයෙකු ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මියගිය හොත්, ඔහුගේ/ඇයගේ කලත්‍රයා නැවත විවාහවීමකදී, මියගිය නිලධරයාගේ වැටුප ඔහුගේ/ඇයගේ දෙමව්පියන්ට ලබා දිය හැකිද?
විවාහක රාජ්‍ය නිලධරයෙකුගේ යැපෙන්නන් ලෙස සලකනු ලබන්නේ කලත්‍රයා හා අවිවාහක රැකියා විරහිත දරුවන් වන බැවින් ඉහත නිලධරයාගේ දෙමව්පියන්ට වැටුප් ලබාදිය නොහැකිය.
වැඩ බැලීමේ දීමනාව
නිලධරයෙකු තම නිත්‍ය තනතුරට වඩා ඉහළ තනතුරක පූර්ණ කාලීනව හෝ නිත්‍ය තනතුරට අමතරව හෝ වැඩ බැලීම සඳහා විධිමත් පරිදි පත් කර සිටිය දී, වැඩ බැලීම සඳහා පත් කරන ලද දිනයේ සිට පෙරදාතම් කර ස්ථීරව එම තනතුරට පත් කළ විට, එම පත්වීම මත ඔහුගේ/ඇයගේ වැටුප සකස් කර හිඟ වැටුප් ගෙවීමේ දී, වැඩ බැලූ කාලය වෙනුවෙන් ගෙවන ලද වැඩ බැලීමේ දීමනාව ආපසු අය කර ගත යුතුද?
වැඩ බැලීමට විධිමත්ව පත්කළ දින සිට, පෙරදාතම් කර උසස් කරන ලද ලිපිය නිකුත් කර ඇති දිනය දක්වා එම තනතුරේ වැඩ බැලීම වෙනුවෙන් ගෙවන ලද වැඩ බැලීමේ වැටුප ආපසු අයකර ගැනීමට අවශ්‍ය නොවන අතර උසස් කරන ලද දින සිට උසස් වීම ලැබූ තනතුරට හිමි වැටුප හිඟ මුදලක් වේ නම් එය ද සමග ගෙවිය යුතුය.
පුරප්පාඩු තනතුරක පූර්ණකාලීනව වැඩ බැලීම සඳහා පත්කරන ලද නිලධරයෙකුගේ පත්වීම් ලිපියේ කොපමණ කාලයක් සඳහා අදාළ තනතුරේ වැඩ බැලීමට පත් කර ඇත් ද යන්න සඳහන් නොවන විට, ඔහුට ගෙවන වැඩ බැලීමේ දීමනාව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/97 අනුව මාස 03කට සීමා විය යුතුද?
ආයතන සංග්‍රහයේ VII වන පරිච්ඡේදයේ 12:5:4 උප වගන්තියෙහි විධිවිධාන සංශෝධනය කරමින් නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/97 මගින්, පුරප්පාඩු තනතුරක පූර්ණකාලීනව වැඩ බැලීම සඳහා පත්කරන ලද නිලධරයෙකුට දීමනා ගෙවීමට අදාළ එම පරිච්ඡේදයේ 12:5:1 හෝ 12:5:2 වගන්ති සංශෝධනය කර නොමැත. එබැවින් එම වගන්ති යටතේ ගෙවනු ලබන දීමනාව මාස 03කට සීමා කිරීමේ අවශ්‍යතාවයක් නොමැත.
ආයතන සංග්‍රහයේ VII පරිච්ඡේදයේ 12:5:3 උප වගන්තියේ පරිදි වැඩ බලන තනතුරට හිමි වැටුප් පරිමාණයේ ආරම්භක වැටුප ලබාගන්නා අවස්ථාවක දී වැඩ බලන තනතුරේ වැටුප් පරිමාණයට අදාළව වැටුප් වර්ධක අගයන් ලබා ගැනීමට හිමිකමක් තිබේද?
හිමිකමක් නොමැත. එසේ වුවද නිලධරයාට ඔහුගේ නිත්‍ය තනතුරට අදාළ වැටුප් පරිමාණයේ වැටුප් වර්ධක ලබාගත හැක.
විශ්‍රාම පුර්ව නිවාඩු
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 19/2010 අනුව නිලධරයෙකුට ලබා ගත හැකි උපරිම විශ්‍රාම පූර්ව නිවාඩු කාලය කොපමණද?
නිලධරයෙකු විශ්‍රාම ගන්නා දිනට පුර්වාසන්න මාස 03ක කාලය තුලට ගැනෙන රජයේ වැඩ කරන දින ගණනට සමාන ඉතිරි කර ගත් නිවාඩු ඔහු/ඇය සතුව තිබේ නම් නිලධරයාට මාස 03ක උපරිමයකට යටත්ව විශ්‍රාම පූර්ව නිවාඩු ලබාගත හැක. එලෙස පූර්වාසන්න මාස 03ට ගැනෙන රජයේ වැඩ කරන දින ගණනට සමාන දින ගණනක් ඉතිරි කර ගත් නිවාඩු නොමැති නිලධරයෙකුට ඔහු/ඇය සතු ඉතිරි කර ගත් නිවාඩු සංඛ්‍යාවට සමාන වැඩ කරන දින ගණනක් විශ්‍රාම පූර්ව නිවාඩු ලෙස ලබා ගත හැක.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 19/2010 අනුව විශ්‍රාම පූර්ව නිවාඩු ලබා දීම සඳහා නිලධරයෙක් ඉතිරි කර ගත් නිවාඩු ගණනය කරනු ලබන්නේ කවදා සිටද? ඒ කෙසේද?
2007.01.01 දින සිට ඉතිරි කර ගත් අනියම්, විවේක/අසනීප නිවාඩු මේ සඳහා අදාළ කර ගත හැකිය. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 02/2005 හි විධිවිධාන පරිදි 2006 වර්ෂයේදී ඉතිරි කර ගත් නිවාඩු සඳහා දිරි දීමනා ලබා නොගත් නිලධරයෙකුට ඔහු/ඇය වෙනුවෙන් 2006.01.01 දින සිට ඉතිරි කර ගත් අනියම්, විවේක/අසනීප නිවාඩු ද අදාළ කර ගත හැක.
නිල ඇඳුම් හිමිකම
නිල ඇඳුම් හිමිකම ඇති කාර්යාල සේවක සේවයේ නිලධරයන් කවුරුන්ද?
කාර්යාල සේවක සේවයේ II පන්තියේ නිලධරයන්ට පමණක් නිල ඇඳුම් හිමිකම ඇත. කාර්යාල සේවක සේවයේ I පන්තියේ නිලධරයන්ට නිල ඇඳුම් හිමිකම නොමැති නමුත් 2009.04.28 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 08/2009 විධිවිධානවලට යටත්ව ඔවුන්ට නිල ඇඳුම් ලබා දිය හැකිය. කාර්යාල සේවක සේවයේ III පන්තියේ නිලධරයන්ට නිල ඇඳුම් හිමිකම නැත.
බඳවා ගැනීමේ පරිපාටි
බඳවා ගැනීමේ පරිපාටියක් සකස් කිරීම සඳහා භාවිතා කළ යුතු ආකෘතිය කුමක්ද ?එය සම්පූර්ණ කළ යුත්තේ කෙසේද?
රාජ්‍ය සේවා කොමිෂන් සභා වෙබ් අඩවියේ (www.psc.gov.lk) පල කර ඇති උපදෙස් මාලාව හා 2015.03.26 දිනැති රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ 01/2015 මගින් සංශෝධනය කරන ලද සම්මත ආකෘතිය අනුව ය.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 නිකුත් කිරීමට පෙර, එක් එක් තනතුර සඳහා වෙන වෙනම අනුමත කර ඇති බඳවා ගැනීමේ පරිපාටි එම චක්‍රලේඛය නිකුත් වූ පසු ද ඒ ආකාරයෙන්ම අනුමත කළ යුතුද?
නැත. සෑම තනතුරක් සඳහාම බඳවා ගැනීමේ පරිපාටියක් සකස් කිරීම වෙනුවට හැකි සෑම අවස්ථාවක දී ම එක් සේවා ගණයක් සඳහා එක් බඳවා ගැනීමේ පරිපාටියක් සකස් කිරීම කළ යුතුය.
තනතුරු නාම | සේවා ගණය |
කම්කරු | ප්‍රාථමික - ශිල්පීය නොවන |
මුරකරු | |
රිය සහායක | |
බංගලා භාරකරු සහායක |
බඳවා ගැනීමේ පරිපාටියක් අනුමත කිරීමේ ක්‍රියාවලියේදි අමාත්‍යාංශයක්/ දෙපාර්තමේන්තුවක් විසින් නිර්දේශ ලබා ගත යුතු බලධරයන් හා අනුමත කරන බලධරයා කවුරුන්ද?
- නිර්දේශ ලබා ගත යුතු බලධරයන්
ආයතන අධ්යක්ෂ ජනරාල්
ජාතික වැටුප් කොමිෂන් සභාව
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව
- අනුමත කරන බලධරයා
රාජ්‍ය සේවා කොමිෂන් සභාව
බඳවා ගැනීමේ පරිපාටි ආයතන අධ්යක්ෂ ජනරාල්ගේ නිර්දේශයට යොමු කළ යුත්තේ කෙසේද?
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති උපදෙස් මාලාවට අනුව බඳවා ගැනීමේ පරිපාටිය සකස් කර දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ සහ අදාල අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශය සහිතව කළමනාකරණ සේවා අධ්යක්ෂ ජනරාල් විසින් තනතුරු අනුමත කරන ලද ලිපියේ පිටපතක් සහ බඳවා ගැනිමේ පරිපාටියට අදාලව ජාතික වැටුප් කොමිෂන් සභාව විසින් නිර්දේශ ලබා දුන් ලිපියේ පිටපතක් සමඟ ආයතන අධ්යක්ෂ ජනරාල් වෙත යොමු කළ යුතුය.
බඳවා ගැනීමේ පරිපාටියක් නිර්දේශ ලබා ගැනීම සඳහා ආයතන අධ්යක්ෂ ජනරාල් වෙත යොමු කිරීමේ දී ඉදිරිපත් කළ යුතු අත්‍යවශ්‍ය ලේඛන මොනවාද?
- බඳවා ගැනීමේ පරිපාටියට ඇතුළත් කර ඇති තනතුර/තනතුරු සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමතිය ලද ලිපියේ/ලිපිවල පිටපත් හෝ අනුමත කාර්ය මණ්ඩල උප ලේඛනය.
- බඳවා ගැනීමේ පරිපාටියට ඇතුළත් කර ඇති තනතුර/තනතුරු සඳහා වැටුප නිර්දේශ කරමින් ජාතික වැටුප් කොමිෂන් සභාව විසින් ලබා දී ඇති ලිපියේ/ලිපිවල පිටපත්.
- අදාළ තනතුර/තනතුරු සම්බන්ධයෙන් අධිකරණ තීන්දු හෝ අමාත්‍ය මණ්ඩල තීරණ තිබේනම් ඒවායෙහි පිටපත්.
බඳවා ගැනීමේ පරිපාටියක් අනුමැතිය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කිරීමේ දී බඳවා ගැනීමේ පරිපාටිය සමඟ ඉදිරිපත් කළ යුතු අත්‍යවශ්‍ය ලේඛන මොනවාද?
- කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් තනතුර/තනතුරු අනුමත කරන ලද ලිපියේ/ලිපිවල පිටපත් හෝ අනුමත කාර්ය මණ්ඩල උප ලේඛනයේ පිටපතක්.
- බඳවා ගැනීමේ පරිපාටියට ඇතුළත් කර ඇති තනතුරු සඳහා දැනට අනුමත බඳවා ගැනීමේ පරිපාටි ඇත්නම් ඒවායේ පිටපත්.
- ආයතන අධ්යක්ෂ ජනරාල් විසින් නිර්දේශ ලබා දුන් ලිපියේ පිටපත.
- ජාතික වැටුප් කොමිෂන් සභාව විසින් නිර්දේශ ලබා දුන් ලිපියේ පිටපත.
- අදාළ තනතුර/තනතුරු සම්බන්ධයෙන් අධිකරණ තීන්දු හෝ අමාත්‍ය මණ්ඩල තීරණ තිබේනම් ඒවායෙහි පිටපත්.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006ට අනුකූලව අනුමත වූ බඳවා ගැනීමේ පරිපාටියක් සංශෝධනය කිරීමට අවශ්‍ය වූ විට එය සිදුකළ යුත්තේ කෙසේද?
අංක 1589/30 හා 2009.02.20 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීතීන්හි IV වන පරිච්ඡේදයේ 36 හා 37 වගන්තිවල විධිවිධාන අනුව කටයුතු කළ යුතුය.
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවා ව්‍යවස්ථාවෙන් පාලනය වන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයට හා ශ්‍රී ලංකා තාක්ෂණ සේවා ව්‍යවස්ථාවෙන් පාලනය වන ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට අදාළ තනතුරු සඳහා බඳවා ගැනීම් පරිපාටි සකස් කළ යුතුද?
ඔව්. මෙම සේවාවලට සේවා ව්‍යවස්ථා තිබුන ද එම සේවා ව්‍යවස්ථාවන්ගෙන් පාලනය වන තනතුරු සඳහා වෙන් වෙන්ව බඳවා ගැනීම් පරිපාටි සකස් කළ යුතු බවට විධිවිධාන ඇතුලත්ව ඇත.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් තාවකාලික හා කොන්ත්‍රාත් පදනම මත අනුමත කර ඇති තනතුරු සඳහා බඳවා ගැනීමේ පරිපාටි සකස් කළ යුතුද?
ඔව්. තාවකාලික පදනම මත අනුමත කර ඇති තනතුරු සඳහා තාවකාලික පදනමින් බඳවා ගැනීමේ පරිපාටි ද, කොන්ත්‍රාත් පදනම මත අනුමත කර ඇති තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමේ පරිපාටි ද සකස් කළ යුතු වේ.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින්, දැනට තනතුර දරන නිලධරයාට/නිලධරයන්ට පෞද්ගලික වන සේ අනුමත කර ඇති තනතුර/තනතුරු සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 අනුව බඳවා ගැනීමේ පරිපාටි සකස් කළ යුතුද?
නැත. එම තනතුර/තනතුරු සඳහා නව බඳවා ගැනීම් සිදු නොකෙරෙන බැවින් බඳවා ගැනීමේ පරිපාටියක් සකස් කිරීමේ අවශ්‍යතාවක් නොමැත. සේවයේ නියුතු නිලධරයන්ගේ උසස්වීමේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන උසස් කිරීම් පරිපාටියක් සකස් කළ යුතුය.
සේවා ව්‍යවස්ථාව
සේවා ව්‍යවස්ථාවක් අනුමත කර ගැනීමේ ක්‍රමවේදය, බඳවා ගැනීමේ පරිපාටියක් අනුමත කර ගැනීමේ ක්‍රමවේදයෙන් වෙනස් වන්නේ කෙසේද?
සේවා ව්‍යවස්ථාවක් අනුමත කර ගැනීමේ දී රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ප්‍රතිපත්තිමය නිශ්කාෂණය අවශ්‍ය වේ යැයි තීරණය කරනු ලබන කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය නිශ්කාෂණය ලබා ගැනීම සඳහා අදාළ අමාත්‍යාංශ ලේකම් විසින් ඒම කරුණු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය. අනෙකුත් කටයුතු බඳවා ගැනීමේ පරිපාටියක් අනුමත කර ගැනීමේ දී අනුගමනය කරන ආකාරයටම වේ.
භාෂා ප්‍රතිපත්තිය
2007.07.01 ට පෙර රාජ්‍ය සේවයේ/ පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර තනතුරක සේවය කරන ලද නිලධරයෙකු 2007.07.01 දින හෝ එදිනට පසු නව තනතුරක විවෘත/ සීමිත හෝ කුසලතා පදනමින් පත්වීමක් ලද විට ඔහු /ඇය සේවයට බැඳුණු රාජ්‍ය භාෂාවට අතිරේක වශයෙන් අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබා ගත යුතුද?
ඔව්. 2014.01.21 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 01/2014 හා ඊට අනුෂාංගික චක්‍රලේඛ විධිවිධාන වෙනුවට 2020.10.16 දිනැතිව නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2020 හි විධිවිධාන අනුව අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබා ගත යුතුය.
2007.07.01 දිනට පෙර රාජ්‍ය සේවයට/පළාත් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද නිලධරයන් සඳහා අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතාව ලබා ගැනීම අවශ්‍ය වන්නේද?
2007.07.01 දිනට පෙර රාජ්‍ය සේවයට/පළාත් රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලද නිලධරයන් සඳහා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 01/2014 හි සඳහන් අනෙක් රාජ්‍ය භාෂා ප්‍රවීණතා විධිවිධාන අදාළ නොවන නමුත් බඳවා ගැනීමේ දී අදාළ කර ගන්නා ලද සේවා ව්‍යවස්ථාවේ/බඳවා ගැනීමේ පරිපාටියේ භාෂා ප්‍රවීණතාව ලබාගැනීම සම්බන්ධයෙන් වෙනත් විධිවිධාන ඇතුළත් කර ඇත්නම් ඒ අනුව කටයුතු කළ යුතුය.
ආබාධිත තැනැත්තන්ට රැකියා සැපයීම
ආබාධිත පුද්ගලයින්ට රැකියා සැපයීම පිළිබඳව නිකුත් කර ඇති 1988.08.18 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/88 තවදුරටත් වලංගුව පවතින්නේද? සංශෝධන සිදු කර තිබේද? ඒ අනුව ක්‍රියා කළ යුතු ආකාරය කෙසේද?
එම චක්‍රලේඛය තවදුරටත් වලංගුව පවතින අතර 1999.01.29 දිනැතිව නිකුත් කර ඇති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 01/99 මඟින් ඉහත චක්‍රලේඛයේ විධිවිධාන අනුගමනය කළ යුතු බව දක්වා ඇත. ඒ හැර එම චක්‍රලේඛයට වෙනත් සංශෝධන කිසිවක් නොමැත.
බඳවා ගැනීම් සිදු කිරීමේ දී ආබාධිත තත්වය පිළිබඳව රජයේ වෛද්‍යවරුන් හා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධරයෙකු ඇතුළත් පරීක්ෂණ මණ්ඩලයක් මඟින් ආබාධිත බව තහවුරු කර ගෙන එම මණ්ඩලයේ නිර්දේශ මත බඳවා ගත යුතුය.
ආබාධ සහිත තැනැත්තන් රාජ්‍ය සේවයට /පළාත් රාජ්‍ය සේවයට /රාජ්‍ය සංස්ථා/ ව්‍යවස්ථාපිත මණ්ඩලවලට බඳවා ගැනීමේදී අදාල වන විධිවිධාන කවරේද?
අයඳුම් කරනු ලබන තනතුරට අදාල බඳවා ගැනීමේ පරිපාටිය/ සේවා ව්‍යවස්ථාව අනුව අවශ්‍ය සුදුසුකම් ලත් හා ආබාධිත තත්ත්වය රාජකාරි කටයුතුවලට බාධාවක් නොවන ආබාධිතයන්ගෙන් රාජ්‍ය සේවයේ /පළාත් රාජ්‍ය සේවයේ /රාජ්‍ය සංස්ථා/ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ඇබෑර්තු විවෘත පදනමින් පිරවීමේදී එම ඇබෑර්තුවලින් 3% ක් පිරවීමට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 27/88 හා 01/99 න් විධිවිධාන සලසා ඇත.)
වැටුප් ප්‍රතිපත්තිය හා වැටුප් විෂමතා
උසස්වීමේ දිනයත් වැටුප් වර්ධක දිනයත් එකම දිනයක යෙදුන විට, උසස්වීමේ දී වැටුප් පරිවර්තනය කළ යුත්තේ කෙසේද?
එම නිලධරයාට පැරණි තනතුරේ/පන්තියේ/ශ්‍රේණියේ එදිනට හිමි වැටුප් වර්ධකය ලබා දී, ඒ අනුව ලැබෙන වැටුප පදනම් කරගෙන ආයතන සංග්‍රහයේ VII පරිච්ඡ්දයේ 05 වගන්තිය අනුව උසස් වීමේ දී වැටුප සකස් කළ යුතුය.
නිලධරෙයකුගේ “මූලික වැටුප” හා “ඒකාබද්ධ වැටුප” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
“මූලික වැටුප” හා “ඒකාබද්ධ වැටුප” යන වචන දෙකෙන්ම අදහස් වන්නේ නිලධරයාට හිමි වැටුප් පරිමාණයට අදාළ දීමනා රහිත මාසික වැටුපය.
ආයතන සංග්‍රහයේ VII පරිච්ජේදයේ 5:3:1 උප වගන්තියේ සඳහන් “ඊළඟ ඉහළ වැටුප් පියවර” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
ආසන්නතම ඉහළ වැටුප් පියවර වේ.
සීමිත හා කුසලතා තරඟ විභාගවලින් කරනු ලබන පත්කිරීම්වල දී වැටුප සකස් කළ යුත්තේ කෙසේද?
එවැනි පත්වීම්වල දී ආයතන සංග්‍රහයේ VII පරිච්ඡේදයේ 5 වගන්තියේ විධිවිධාන පරිදි වැටුප සැකසිය හැකිය.
දීප ව්‍යාප්ත සේවාවක හෝ ඒ හා සමාන වැටුප් නියම කර ඇති තනතුරක සේවයේ නියුතු නිලධරයෙකු 2006.01.01 දින I පන්තියට උසස් වූයේ නම්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 (VII) අනුව වැටුප පරිවර්තනය කරන්නේ කෙසේද?
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 (VII) අනුව අනෙකුත් සුදුසුකම් සපුරා ඇත්නම්, 2005.12.31 දින දීප ව්‍යාප්ත සේවාවේ හෝ ඒ හා සමාන වැටුප් නියම කර අැති තනතුරක II පන්තියට අදාළව ලද වැටුප් පියවරට වැටුප් වර්ධක 3ක් එම වැටුප් පරිමාණය මත ලබා දී ඉන් අනතුරුව I ශ්‍රේණියට උසස් කර එම වැටුප් පරිමාණයෙහිම I පන්තියට අදාළ වැටුප් පියවරෙහි පිහිටුවා ඉන් අනතුරුව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006හි විධිවිධාන අනුව 2006.01.01 දිනට හිමි වැටුප ලබා දිය යුතුය.
කිසියම් තනතුරකට අධි සේවක පදනම මත උසස් කරන ලද නිලධරයෙකු පසුව එම තනතුරටම නිත්‍ය ලෙස පත් කිරීමේ දී හිමි වන්නේ එකම වැටුප් ක්‍රමය බැවින්, වැටුප් වර්ධක දිනය වෙනස් කර, අතිරේක වැටුප් වර්ධකයක් ලබා දීමට හැකියාවක් ඇත්ද?
අධි සේවක පදනම මත පත් කිරීමේ දී, උසස් කිරීමක් ලෙස වැටුප් පරිවර්තනය සිදුකර ඇත්නම්, නැවත අතිරේක වැටුප් වර්ධකයක් ලබා දිය නොහැක. එසේම අධි සේවක පදනම මත උසස් කළ දිනය ම ඉදිරි වැටුප් වර්ධක දිනය ලෙස සලකා කටයුතු කළ යුතුය.
නිලධරයෙකු වැටුප් වර්ධක දිනයේ දී ම විශ්‍රාම ගන්නේ නම් එදිනට හිමි වැටුප් වර්ධකය ලබා දී ඔහුගේ විශ්‍රාම වැටුප සැකසිය හැකිද?
නිලධරයා විසින් වැටුප් වර්ධකය නියමිත පරිදි උපයාගෙන ඇත්නම් අදාළ වැටුප් වර්ධකය ලබා දී විශ්‍රාම වැටුප සැකසිය යුතුය.
පූර්ව දැනුම් දීමකින් තොරව ඉල්ලා අස්වන නිලධරයකුගෙන් අය කර ගත යුතු “මාසික වැටුප” යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?
අය කර ගත යුත්තේ, දීමනා රහිත මූලික මාසික වැටුප පමණි.
තනතුරක අතරමැද ශ්‍රේණියක උසස්වීම් නොලද තීරුව යටතේ උපරිමයට පැමිණි නිලධරයෙකු ඊළග උසස්වීම සඳහා සේවය කළ යුතු නිශ්චිත සේවා කාලය සම්පූර්ණ කර නොමැති විටෙක ඔහුට/ඇයට තවදුරටත් වැටුප් වර්ධක ගෙවිය හැකිද?
අතරමැදි ශ්‍රේණියක උපරිමයට පැමිණි ඕනෑම තනතුරක සේවය කරන සෑම නිලධරයෙකුට ම තවදුරටත් වැටුප් වර්ධක ගෙවිය නොහැක. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 හි ඇමුණුම II හි 4:5 ඡේදය පරිදි බඳවා ගැනීමේ පරිපාටියේ හෝ සේවා ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව, සේවා කාලය පදනම් කර ගෙන නිර්බාධිත උසස්වීම් ක්‍රමයක් ඇති සේවාවක/තනතුරක සේවය කරන නිලධරයෙකුට, වැටුප් පරිමාණයේ උපරිමයෙන් ඔබ්බට එම උසස්වීම ලබා ගැනීම සඳහා සේවය කළ යුතු “නිශ්චිත සේවා කාලය” දක්වා පමණක් වැටුප් වර්ධක උපයාගෙන ඇත්නම් තවදුරටත් වැටුප් වර්ධක ලබා දීම සලකා බැලීම සඳහා ආයතන අධ්යක්ෂ ජනරාල් වෙත යොමු කළ යුතුය. (මෙහිදී “නිශ්චිත සේවා කාලය” යනුවෙන් අදහස් කරන්නේ සාමාන්‍ය කාර්යසාධනය යටතේ ස්වයංක්‍රීයව උසස්වීමක් ලබා ගැනීම සඳහා අදාළ වන කාල සීමාවයි.)
යම් නිලධරයෙකු රාජ්‍ය සේවයේ එක් තනතුරක සිට තවත් තනතුරකට උසස්වීමක් ලැබීමේ දී උසස් වීමට පෙර තනතුරේ ලබමින් සිටි වැටුප් පියවර, නව තනතුරේ අදාළ පන්තියේ/ශ්‍රේණියේ උපරිම වැටුප් පියවර ඉක්මවා ඇත්නම් ඔහු/ඇය පිහිටුවන වැටුප් පියවර තීරණය කරන්නේ කෙසේද?
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006හි ඇමුණුම 02 හි 4:5 ඡේදයේ විධිවිධාන අනුව කටයුතු කළ යුතුය. ඒ අනුව පිහිට වූ වැටුප් පියවර උසස් වීම ලැබූ පන්තියේ/ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් වැටුප් පියවර ඉක්මවූ වැටුප් පියවරක් නම් ඉන් අනතුරුව ඉදිරි වැටුප් වර්ධක ගෙවීම සඳහා අදාළ පරිදි නිසි බලධරයාගෙන් සහන කාලයක් ලබා ගැනීමට කටයුතු කළ යුතුය.
විශේෂ ශ්‍රේණිය මේ වන විටත් ක්‍රියාත්මක නොවන PL-1, PL-2, PL-3 කාණ්ඩවල I පන්තියේ වැටුප් ලබන නිලධරයන්ට 2008.06.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 06/2006 (V) අනුව උපරිම වැටුප් පියවර වන 43 වන පියවරෙන් ඔබ්බට වැටුප් වර්ධක ලබා දිය හැකිද?
ලබා දිය යුතුය.
කිසියම් තනතුරක ආරම්භක ශ්‍රේණියේ වැටුප් වර්ධක අගයට වඩා වැඩි වැටුප් වර්ධකයක් ලබමින් සිටි තනතුරක සිට (උදා:- කනිෂ්ඨ සේවක ශ්‍රේණියක I පන්තියේ සිට රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III පන්තියට උසස්වීම) වෙනත් තනතුරකට උසස් වූ නිලධරයෙකුට පූර්ව තනතුරේ වැටුප් වර්ධක අගය මත ගැලපීමේ දීමනාවක් ලබා දිය හැකිද?
දැනට පවතින විධිවිධාන අනුව නොහැකිය.
යම් තනතුරක පූර්ණකාලීනව වැඩ බැලීමට හෝ රාජකාරි ඉටු කිරීමට හෝ පත් කළ නිලධරයෙකු තවත් තනතුරක වැඩ බැලීමට හෝ රාජකාරි ඉටු කිරීමට හෝ පත් කිරීම් බලධරයා විසින් විධිමත්ව පත්කර ඇති අවස්ථාවක දී ඔහුට එසේ වැඩ බැලීමට හෝ රාජකාරී ඉටු කිරීමට හෝ පත්කළ තනතුර සඳහා ද ආයතන සංග්‍රහයේ විධිවිධාන පරිදි වැඩ බැලීමේ හෝ රාජකාරි ඉටු කිරීමේ දීමනා ලබාගත හැකිද?
ලබා ගත හැකිය.
විශ්‍රාමික රජයේ නිලධරයන් කොන්ත්‍රාත් පදනමින් නැවත සේවයේ යෙදවීම
විශ්‍රාමික රජයේ නිලධරයන් නැවත සේවයේ යෙදවීමේ දී අදාළ වන රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ මොනවාද?
- 2007.05.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2007 හා එහි සංශෝධන
- 2011.11.16 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 24/2011
රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ අධි පන්තියේ විශ්‍රාමික නිලධරයෙකු 2007.05.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 09/2007 අනුව පරිපාලන නිලධාරී තනතුරේ නැවත සේවයේ යෙදවූ විට හිමිවන දීමනාව කොපමණද?
විශ්‍රාම යන අවස්ථාවේ අවසන් වරට ලැබූ වැටුපෙන් 50% හෝ රුපියල් 15,000 යන දෙකින් වැඩි මුදලය. (රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2007 හි 02 (V) ඡේදය)
සේවා මුක්ත භටයින් රාජ්‍ය සේවයේ තනතුරකට පත් කිරීමේ දී අදාළ වන විධිවිධාන කවරේද?
අංක 1589/30 හා 2009.02.20 දිනැති රජයේ ගැසට් පත්‍රයේ පළ වී ඇති රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රීතීන්හි 95 වගන්තිය අදාළ වේ.
සේවා මුක්ත භටයකු නැවත රාජ්‍ය සේවයට පත් කළ විටෙක ඔහුට/ඇයට ජීවන වියදම් දීමනාව හා අන්තර් දීමනාව ගෙවන්නේ කෙසේද?
ඔහුට/ඇයට විශ්‍රාම වැටුපක් හිමි වන්නේ නම් විශ්‍රාමිකයෙකු ලෙස හිමි ජීවන වියදම් දීමනාව සහ අන්තර් දීමනාවත්, තනතුරට අදාළ ජීවන වියදම් දීමනාව සහ අන්තර් දීමනාවත් යන දෙකම ගෙවිය හැකිය.
කොන්ත්‍රාත් පදනමින් නැවත සේවයේ යෙදවූ විශ්‍රාමිකයින්ට නිවාඩු හිමිකම තිබේද?
ආයතන සංග්‍රහයේ XII පරිච්ඡේදයේ 37 වගන්තියේ විධිවිධාන පරිදි නිවාඩු ලබා ගත හැකිය.
2007.05.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2007 අනුව කොන්ත්‍රාත් පදනමින් නැවත සේවයේ යෙදවූ විශ්‍රාමිකයින්ට අතිකාල දීමනා සහ නිවාඩු දින වැටුප් ගෙවීමේ දි එය ගණනය කිරීම සඳහා අදාළ කර ගන්නා වැටුප කුමක්ද?
නැවත සේවයේ යෙදවීම වෙනුවෙන් ගෙවනු ලබන පාරිශ්‍රමිකය අදාළ කර ගත යුතුය.
2007.05.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 09/2007 අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යොදවනු ලබන විශ්‍රාමික නිලධරයන්ට භාෂා දීමනාව, වාර්ෂික වැටුප් වර්ධක, ජීවන වියදම් දීමනාව සහ අන්තර් දීමනාව හිමි වේද?
නැත
විශ්‍රාමික නිලධරයෙකු කොන්ත්‍රාත් පදනම මත පත් කර ඇති තනතුරට අතිරේක වශයෙන්, ආයතන සංග්‍රහයේ VII පරිච්ඡේදයේ 12:2:5 උප වගන්තිය අනුව තවත් තනතුරක වැඩ බැලීමට/රාජකාරි ඉටු කිරීමට පත් කර ඇත්නම් වැඩ බැලීමේ/රාජකාරි ඉටු කිරීමේ දීමනාවක් ගෙවිය හැකිද?
වැඩ බැලීමට පත් කර ඇත්නම් වැඩ බලන තනතුරට අදාළ ආරම්භක වැටුපෙන් 1/4ක් ද රාජකාරි ඉටු කිරීමට පත් කර ඇත්නම් රාජකාරි ඉටු කිරීමට පත් කර ඇති තනතුරේ ආරම්භක වැටුපෙන් 1/6ක් ද වශයෙන් දීමනා ගෙවිය හැකිය.
ගරු කැබිනට් අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය
ගරු අමාත්‍යවරුන් සඳහා අනුමත පෞද්ගලික කාර්ය මණ්ඩලය කෙසේ විය යුතුද?
ජනාධිපති ලේකම්ගේ අංක CA1/17/1 හා 2010.05.14 දිනැති ලිපියට අනුව අදාළ සංයුතිය පහත පරිදි වේ.
|
|
ගරු අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩල තනතුරු සඳහා 2007.06.01 සිට ක්‍රියාත්මක රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 6/2006 (IV) අනුව ගෙවිය යුතු මාසික වැටුප කුමක්ද?
තනතුර | මාසික වැටුප (සියල්ල ඇතුලත් ස්ථාවර දීමනාවක් ලෙස) |
පුද්ගලික සහකාර | රු.13990.00 |
කළමනාකරණ සහකාර | රු.13990.00 |
කාර්යාල කාර්ය සහායක | රු.12330.00 |
රියැදුරු | රු.12990.00 |
මෙයට අමතරව 2011.12.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 31/2011, 2012.12.13 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 18/2012 හා 2013.12.31 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 37/2013 අනුව විශේෂ දීමනාව හා ජීවන වියදම් දීමනාව ද, 2014.11.12 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 24/2014 හා 2015.02.11 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 05/2015 අනුව අන්තර් දීමනාව ද හිමි වේ. මෙම අය අතුරෙන් කිසිවෙකු දැනටමත් රාජ්‍ය සේවයේ තනතුරකින් හෝ සේවාවකින් අනුයුක්ත කර තිබේ නම් එම නිලධරයන්ට ඔහුගේ/ඇයගේ නිත්‍ය තනතුරට හිමි වැටුප ගෙවිය යුතු වේ.
ගරු ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩලය සඳහා පරිවර්තිත අතිකාල දීමනා ගෙවිය හැකිද?
2005.09.20 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 16/2005 විධිවිධාන ප්‍රකාරව ගෙවිය හැක.
රජයේ නිලධරයන් ගරු අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ කාර්ය මණ්ඩලවලට මුදා හැරීමේ විධිවිධාන මොනවාද?
විශේෂ අනුමැතියක් අවශ්‍ය නොවන අතර පත් කිරීම් බලධරයාට මුදා හැරීම කළ හැකිය. (ජනාධිපති ලේකම්ගේ “රාජ්‍ය වියදම් කළමනාකරණය” මැයෙන් වූ අංක CA/1/17/1 හා 2010.05.14 දිනැති ලිපිය අනුව කටයුතු කළ හැකි බවට 2012.12.19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත.)
ගරු අමාත්‍යවරයෙකුගේ අනුමත කාර්ය මණ්ඩලයේ තනතුරකට විශ්‍රාමික රජයේ නිලධරයෙකු පත් වූ අවස්ථාවක දී ඔහුට/ඇයට ජීවන වියදම් දීමනාව ගෙවන්නේ කෙසේද?
විශ්‍රාමිකයෙකු වශයෙන් හිමි ජීවන වියදම් දීමනාව විශ්‍රාම වැටුප සමග ගෙවන බැවින් රජයේ සේවයේ නියුතු නිලධරයෙකුට හිමි ජීවන වියදම් දීමනාවෙන් විශ්‍රාමිකයෙකුට හිමි ජීවන වියදම් දීමනාව අඩු කර ඒ අතර වෙනස තනතුරට අදාළව ගෙවිය හැක.