මූල්‍ය අංශය
දැක්ම
"රාජ්‍ය අංශයේ හොඳම රාජ්‍ය මූල්‍ය කළමණාකරුවා බවට පත්වීම"
මෙහෙවර
"රාජ්‍ය සම්පත් ආරක්ෂා කරගනිමින්, වඩාත් ඵලදායක හා විනිවිදභාවයකින් සම්පත් හැසිරවීම හා යහපත් මූල්‍ය වාර්තාකරණයක් තුලින් රාජ්‍ය මූල්‍ය සම්බන්ධ වගවීම මඟින් ආයතනයේ කෙටිකාලීන හා දිගුකාලීන ඉලක්ක ළගාකරගැනීම තහවුරු කර ගැනීම"
මුල්‍ය අංශයේ තේමා පාඨය
ඵලදායී සේවාවක් තුලින් සේවාලාභී අභිනන්දනය
අරමුණු
- නියමිත දිනයන්ට පෙර මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීම
- ගෙවීම් ක්‍රියාවලිය විධිමත් කිරීම තුලින් ඒ සඳහා ගතවන කාලය අඩුකර ගැනීම
- වාර්ෂික අයවැය ප්රතිපාදනය 100% උපයෝජනය
- අමාත්‍යාංශයට ලැබෙන විගණන විමසුම් ගණන 50% අඩු කිරීම
- වැරදි හා අත්හැරීම් 100% අඩු කිරීම
- පරිගණකගත ක්‍රමවේදයක් තුලින් වත්කම්වල පැවැත්ම හා ආරක්ෂාව තහවුරු කිරීම
කාර්යයන්
- මූල්‍ය සැලසුම් සකස් කිරීම හා අයවැය පාලනය
- රාජ්‍ය මූල්‍ය නිතිරීති චක්‍රලේඛ විධිවිධාන අනුව මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම
- වත්කම් මිලදීගැනීම, නඩත්තු කිරීම හා ආරක්ෂා කිරීමට අදාල කටයුතු සිදු කිරීම
- වාර්ෂික මූල්‍ය වාර්තා, කළමනාකරණ වාර්තා හා කාර්යසාධන වාර්තා සකස් කිරීම හා ඉදිරිපත් කිරීම
- පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් සම්බන්ධ ගෙවීම් කටයුතු සිදු කිරීම
- රජයේ නිලධාරින්ගේ අත්තිකාරම් බී ගිණුම අදාළ සීමාවන් තුළ පවත්වාගැනීම හා වාර්ෂික සැසඳුම් වාර්තා ඉදිරිපත් කිරීම
- මූල්‍ය කටයුතු වලට අදාල ක්‍රියාවලි විධිමත් කිරීම හා තීරණ ගැනීම පහසු කිරීමට කටයුතු කිරීම සඳහා දත්ත පද්ධති,වැඩ අත්පොත්, Checklist, සම්මත ආකෘතිපත්‍ර (Standard Formats) සකස් කිරීම
හර වටිනාකම්
- කාර්යක්ෂමතාවය + සඵලදායිතාව
- කණ්ඩායම් හැගීම
- පාරිභෝගිකයින්ට ගරු කිරීම
- විවෘත හා විනිවිදභාවය
- 100% නිරවද්‍යතාවය
සේවක සංයුතිය
තනතුර | අනුමත තනතුරු සංඛ්‍යාව | තත්‍ය සේවක සංඛ්‍යාව |
ප්‍රධාන මූල්‍ය නිලධාරී | 01 | 01 |
ප්‍රධාන ගණකාධිකාරි | 01 | 01 |
ගණකාධිකාරි | 02 | 02 |
පරිපාලන නිලධාරී | 01 | 01 |
සංවර්ධන නිලධාරි | 12 | 06 |
රාජ්‍ය කළමණාකරණ සහකාර | 40 | 37 |
කාර්යාල සේවක සේවය | 07 | 05 |
රියදුරු | 02 | 02 |
මුළු ගණන | 66 | 55 |
මූල්‍ය අංශයේ ප්‍රධාන අංශ
ප්‍රසම්පාදන ශාඛාව
වාර්ෂික අයවැය ඇස්තමේන්තුව මගින් භාණ්ඩ හා සේවා අත්පත් කරගැනීම සඳහා වෙන්කරන ලද ප්‍රතිපාදන වඩාත් කාර්යක්ෂමව යොදා ප්‍රසම්පාදන සැලැස්මට අනුව වැඩ, භාණ්ඩ හා සේවා අත්පත් කරගැනීමට කටයුතු කිරීම.
ප්‍රසම්පාදන ශාඛාව ප්‍රධාන ගණකාධිකාරි (රාජ්‍ය පරිපාලන) ගේ අධීක්ෂණය යටතේ ශාඛා ප්‍රධානි වරයකු හා විෂය රාජකාරි කිරීම සඳහා රාජ්‍ය කළමනාකරණ නිලධාරින් 06 දෙනෙකුගෙන් සමන්විත වේ.
ප්‍රධාන කාර්යයන්
- අමාත්‍යාංශය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන සැලසුම් සකස් කිරීම
- නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදයන් අනුගමනය කරමින් මිලදී ගැනීම
- වාර්ෂික ප්‍රසම්පාදන කමිටු පත් කිරීම හා තාක්ෂණ ඇගයීම් කමිටු පත් කිරීම
- ගබඩා කළමනාකරණ කටයුතු කිරීම
- වත්කම් කළමනාකරණ කටයුතු කිරීම
- මූල්‍ය අංශයේ අධීක්ෂණ කටයුතු කිරීම
මූල්‍ය වාර්තාකරණ ශාඛාව
අමාත්‍යාංශය සම්බන්ධයෙන් වන වාර්ෂික අයවැය ඇස්තමේන්තු පිළියෙල කිරීම හා සියලුම මූල්‍ය වාර්තා සකස් කිරිමේ කටයුතු සිදු කිරීම.
මූල්‍ය වාර්තාකරණ ශාඛාව ගණකාධිකාරි මූල්‍ය වාර්තාකරණගේ අධීක්ෂණය යටතේ ශාඛා ප්‍රධානීවරයා හා විෂය කටයුතු භාරව සංවර්ධන නිලධාරින් දෙදෙනෙක් රාජ්‍ය කළමනාකරණ නිළධාරින් නම දෙනෙක් සහ එක් කාර්යාල කාර්ය සහායක නිළධාරිනියකගෙන් සමන්විත වේ.
ප්‍රධාන කාර්යයන්
- අමාත්‍යාංශයේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කිරිම
- විසර්ජන ගිණුම හා උපචිත පදනම මත ගිණුම පිළියෙල කිරීම
- අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව හා වාර්ෂික ගිණුම් වාර්තාව සකස් කිරීම
- ආදායම් ශීර්ෂ 20.02.01.01 රජයේ ගොඩනැගිලි කුලී ආදායම් පිළිබඳ වාර්ෂික ගිණුම පිළියෙල කර විගණකාධිපති වෙත ඉදිරිපත් කිරීම, අර්ධ වාර්ෂිකව හිග ආදායම් වාර්තා ඉදිරිපත් කිරීම ආදායම් ඇස්තමේන්තු සැකසීම, නිවාස කුලී එකතු වීම් අධීක්ෂණය
- විගණන විමසුම් වලට පිළිතුරු සැපයීම හා රාජ්‍ය ගිණුම් කාරක සභා විමසිම් සම්බන්ධ කටයුතු කිරීම
- ස්ථාවර වත්කම් ලේඛන යාවත්කාලීනව පවත්වාගෙන යාම
- වි.වැ.දෙ හා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ මූල්‍ය කටයුතු අධීක්ෂණය
- හානි හා ලියා අස්කිරීම් ලේඛනය සම්බන්ධ කටයුතු
ආදායම් ශීර්ෂ අංක 20.02.01.01 රජයේ ගොඩනැගිලි කුලී ආදායම් ගණන් දීමේ නිලධාරී ලෙස 2015.01.01 දින සිට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කටයුතු කරන බැවින් රජයේ ගොඩනැගිලි කුලී ආදායම් සම්බන්ධයෙන් පහත කටයුතු මෙම අංශය මඟින් සිදු කරයි.
- ආදායම් ඇස්තමේන්තු සැකසීම
- ආදායම රැස් කිරීම
- ආදායම් ගිණුම පිළියෙල කිරීම
- ආදායම් කපාහැරීම් / ආපසු ගෙවීම් නිර්දේශ කිරීම
- හිග ආදායම රැස් කිරීම් සම්බන්ධ අධීක්ෂණ කටයුතු
- රජයේ ගොඩනැගිලි පිළිබඳ තොරතුරු රැස්කිරීම
මානව සම්පත් ගෙවීම් ශාඛාව
අමාත්‍යාංශයේ සියළුම නිළධාරින්ගේ වැටුප් සැකසීම අතිකාල හා වෙනත් දීමනා පිළියෙල කිරීම කටයුතු මෙම අංශය මගින් සිදු කරනු ලබයි.
මානව සම්පත් ගෙවීම් ශාඛාව ගණකාධිකාරි ගෙවීම්ගේ අධීක්ෂණය යටතේ සහ ශාඛා ප්‍රධානිවරයකු හා විෂය භාර සේවයේ නියුතු සංවර්ධන නිළධාරින් දෙදෙනෙක් රාජ්‍ය කළමනාකරණ නිළධාරින් පස්දෙනෙක් සහ එක් කාර්යාල කාර්ය සහායක නිළධාරිනියකගෙන් සමන්විත වේ.
ප්‍රධාන කාර්යයන්
- අමාත්‍යාංශ කාර්යය මණ්ඩලයට නියමිත වැටුප් සැකසීම
- කාර්යමණ්ඩලයට හිමි අතිකාල හා වෙනත් දීමනා ගණනය කර පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගෙවීමට ඉදිරිපත් කිරීම
- රජයේ නිළධාරීන්ගේ අත්තිකාරම් බී ගිණුමට අදාළව නිලධාරින්ට ණය ගෙවීම
- මු.රෙ. 506 D ප්‍රකාරව රජයේ නිළධාරීන්ගේ අත්තිකාරම් බී ගීණුමට සකස් කිරීම
- විශ්‍රාමික නිලධාරින්ගේ මාසික විශ්‍රාමික වැටුප හා පාරිතෝෂිකය ගණනය කර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ඉදිරිපත් කිරීම
- රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලට අදාල අයකිරීම් පිළිබඳව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත තොරතුරු ඉදිරිපත් කිරීම
ගෙවීම් ශාඛාව
අමාත්‍යාංශයේ සියළුම පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම් සම්බන්ධයෙන් ගෙවීම් කටයුතු, ආදායම් ගිණුම්ගත කිරීම හා ආදායම් වියදම් සම්බන්ධ මාසික වාර්තා මහා භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීම අංශයේ ප්‍රධාන කාර්යය වේ. මෙයට අදාලව අමාත්‍යාංශයේ නිල බැංකු ගිණුම ක්‍රියාත්මක කිරීම, වැය ලෙජර, භාණ්ඩාගාර අග්‍රිම ගිණුම, තැන්පත් ගිණුම් නඩත්තු කිරීමද මෙම අංශය මඟින් සිදු කරනු ලබයි.
ගෙවීම් ශාඛාව ගණකාධිකාරි ගෙවීම්ගේ අධීක්ෂණය යටතේ ශාඛා ප්‍රධානිවරයකු හා විෂය භාරව සේවයේ නියුතු සංවර්ධන නිළධාරින් තිදෙනෙක් රාජ්‍ය කළමනාකරණ නිළධාරින් හත්දෙනෙක් සහ එක් කාර්යාල කාර්ය සහායක නිළධාරිනියකගෙන් සමන්විත වේ.
ප්‍රධාන කාර්යයන්
- අමාත්‍යාංශයේ මූලධන හා පුනරාවර්තන වියදම් සම්භන්ධව සියළු ගෙවීම් කටයුතු
- සිගාස් (CIGAS) පරිගණක වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා මාසික ගිණුම් සාරාංශය ඉදිරිපත් කිරීම
- මුදල් පොත පවත්වා ගැනීම
- වැය ලෙජරයන් පවත්වා ගැනීම
- ලැබීම් හා ගෙවීම් කටයුතු සඳහා සරප් අංශය පවත්වා ගැනීම
- පොදු තැන්පත් ගිණුම පවත්වාගෙන යාම.
- බැංකු සැසඳුම් වාර්තා හා මාසික ගිණුම් සැසඳුම් වාර්තා සකස් කිරීම
ඇමතුම් තොරතුරු
ඒ.එච්.එම්.කේ.කේ.ඒ. හේරත් මිය (වැ.බ.) ප්‍රධාන මූල්‍ය නිලධාරි
|
ඒ.එච්.එම්.කේ.කේ.ඒ. හේරත් මිය ප්‍රධාන ගණකාධිකාරී (රාජ්‍ය පරිපාලන)
|
||||||||||||||||||
ඒ.බි. ඡේයකුමාර් මයා ගණකාධිකාරී (මූල්‍ය වාර්තාකරණ)
|
ඊ.අයි.ජේ. ලියනගේ මිය ගණකාධිකාරී (ගෙවීම්)
|
||||||||||||||||||
ඩබ්. අසෝකා නන්දසිරි මිය පරිපාලන නිලධාරි
|
||||||||||