ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය
පැවරෙන කාර්ය භාරය පිළිබඳ පොදු නිර්වචනය
රාජ්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙහිලා දායකවීමේ ප්‍රධානතම සේවය වශයෙන් එම කාර්යයන් සඳහා සහාය වන අභ්‍යන්තර හා බාහිර ආයතන සමඟ මනා සම්බන්ධතාවයක් හා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් හා තොරතුරු හා සන්නිවේදන ක්ෂේත්රයේ නව ප්රවණතා ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රාජ්‍ය සේවයෙන් අපේක්ෂා කරන්නාවූ අරමුණු වෙත එළඹීම පිණිස විශිෂ්ඨ රාජ්‍ය සේවයක් ගොඩනැංවීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගැනීම, මෙහෙයවීම හා ඊට අදාල සේවාවන් සැපයීම ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ කාර්යභාරය වන්නේය.
අනුමත සේවක සංඛ්‍යාව - 2020/11/30 වන දිනට
පන්තිය | අනුමත තනතුරු සංඛ්‍යාව |
1 පන්තිය | 131 |
2 පන්තිය | 455 |
3 පන්තිය | 2670 |
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 1 පන්තියේ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය
බඳවාගැනීම
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 1 පන්තියේ III ශ්‍රේණිය, 2 පන්තියේ II ශ්‍රේණිය, 3 පන්තියේ III ශ්‍රේණිය සඳහා විවෘත හා සීමිත පදනමින් බඳවා ගැනීම් සිදු කරනු ලැබේ.
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ පළකරන ලද දැන්වීම් මඟින් ඉල්ලුම්පත් කැඳවා පත්වීම් බලධරයා වෙනුවෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් හෝ පත්වීම් බලධරයා විසින් තීරණය කරනු ලබන වෙනත් සුදුසු ආයතනයක් මඟින් හෝ පවත්වනු ලබන විවෘත තරඟ විභාගයන්හි ප්‍රතිඵල මත සුදුසුකම් සපුරාලන අය අතුරින් තෝරා ගනු ලැබේ.
පන්තිය හා ශ්‍රේණිය | විවෘත | සීමිත |
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 පන්තියේ III ශ්‍රේණිය | 100% | - |
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 2 පන්තියේ II ශ්‍රේණිය | 70% | 30% |
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 1 පන්තියේ III ශ්‍රේණිය | 70% | 30% |
සටහන :සීමිත තරඟ විභාගයේ ප්‍රතිඵල මත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 2 පන්තියේ II ශ්‍රේණියේ හා 1 පන්තියේ III ශ්‍රේණියේ තනතුරුවලට බඳවාගැනීම සඳහා සුදුසුකම් ලබන්නන්ගේ සංඛ්‍යාව පුරප්පාඩුවලින් 30% කට වඩා අඩු නම් එම ප්‍රමාණය විවෘත තරඟ විභාගයේ සුදුසුකම් ලැබූ අයගෙන් පුරවනු ලැබේ.
සුදුසුකම් :
3 පන්තියේ III ශ්‍රේණිය
අධ්‍යාපන සුදුසුකම්
- අධ්‍යයන පොදු සහතික පත්‍ර (සා/පෙළ) විභාගයෙන් භාෂාව, ගණිතය සහ ඉංග්‍රීසී භාෂාව ඇතුළු සම්මාන පහක් (05) සහිතව විෂයයන් හයකින් (06) දෙවරකට නොවැඩි වාර ගණනකදී සමත්වීම.
වෘත්තීය සුදුසුකම්
- විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්රදානය කිරීමේ ආයතනයක් වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයකින් හෝ පරිගණක විද්‍යාව/ තොරතුරු තාක්ෂණය/ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයට අදාල ඩිප්ලෝමාවක්/ උසස් ඩිප්ලෝමාවක් හෝ ඊට ඉහල පාඨමාලාවක් හදාරා සම්පූර්ණ කර තිබීම
හෝ
- විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන පරිගණක/ තොරතුරු තාක්ෂණ/ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයට අදාල ඩිප්ලෝමාවක් හෝ ඊට ඉහල පාඨමාලාවක් හෝ පැය 1500 කට නොඅඩු පාඨමාලාවක් හෝ හදාරා සම්පූර්ණ කර තිබීම
හෝ
- තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන එම කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇති ආයතනයකින් හෝ පාර්ලිමේන්තුවේ සම්මත පනතක් මගින් ස්ථාපනය කර ඇති ව්‍යවස්ථාපිත ආයතනයකින්,
I. පරිගණක/ තොරතුරු තාක්ෂණ/ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයට අදාල ජාතික වෘත්තීය කුසලතා (NVQ) පහ (05) හෝ ඊට ඉහල සහතිකය ලබා තිබීම
හෝ
II. පැය 1500 ට නොඅඩු පරිගණක/ තොරතුරු තාක්ෂණ/ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයට අදාල පාඨමාලාවක් හදාරා සම්පූර්ණ කර තිබීම
2 පන්තියේ II ශ්‍රේණිය
විවෘත බඳවා ගැනීම - අධ්‍යාපන සුදුසුකම්
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්රදානය කිරීමේ ආයතනයක් වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයකින් හෝ පරිගණක විද්‍යාව/ තොරතුරු තාක්ෂණය පිළිබද උපාධියක් ලබා තිබීම
හෝ
-
I. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්රදානය කිරීමේ ආයතනයක් වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයකින් හෝ පරිගණක විද්‍යාව/ තොරතුරු තාක්ෂණය ප්‍රධාන විෂයක් සහිත උපාධියක් ලබා තිබීම. (මෙහිදී සම්පූර්ණ උපාධියෙන් අවම වශයෙන් 1/3 කොටසක් පරිගණක විද්‍යාව/ තොරතුරු තාක්ෂණය පිළිබඳව විය යුතුය.)
සහ
II. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්රදානය කිරීමේ ආයතනයක් වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයකින් හෝ පරිගණක විද්‍යාව / තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා තිබීම
හෝ
-
I. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්රදානය කිරීමේ ආයතනයක් වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයකින් හෝ උපාධියක් ලබා තිබීම
සහ
II. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්රදානය කිරීමේ ආයතනයක් වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයකින් හෝ පරිගණක විද්‍යාව / තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා තිබීම
සීමිත බඳවා ගැනීම - පළපුරුද්ද
-
I. සේවයේ 3 පන්තිය I ශ්‍රේණියේ හෝ II ශ්‍රේණියේ නිලධරයෙකු වීම හා රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අංක 01/2020 හි සඳහන් විධිවිධානයන්ට අනුකූලව විනයානුකූල දඬුවමක් ලබා නොතිබීම
හෝ
-
I. සේවයේ 3 පන්තිය III ශ්‍රේණියේ වසර 5 ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති පත්වීම ස්ථිර කල නිලධරයෙකු වීම හා රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අංක 01/2020 හි සඳහන් විධිවිධානයන්ට අනුකූලව විනයානුකූල දඬුවමක් ලබා නොතිබීම
සහ
II. මෙම සේවා ව්‍යවස්ථාවේ 7.3.1.2.1 හි සඳහන් අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබීම.
1 පන්තියේ III ශ්‍රේණිය
විවෘත බඳවා ගැනීම - අධ්‍යාපන සුදුසුකම්
- විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්රදානය කිරීමේ ආයතනයක් වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයකින් හෝ පරිගණක විද්‍යාව/ තොරතුරු තාක්ෂණය/ පරිගණක ඉංජිනේරු විද්‍යාව හෝ පරිගණක තාක්ෂණයට අදාල උපාධියක් ලබා තිබීම
හෝ
-
I. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්රදානය කිරීමේ ආයතනයක් වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයකින් හෝ උපාධියක් ලබා තිබීම (මෙහිදී සම්පූර්ණ උපාධි පාඨමාලාවෙන් අවම වශයෙන් 1/3 කොටසක් පරිගණක විද්‍යාව / තොරතුරු තාක්ෂණය පිළිබඳව විය යුතුය.)
සහ
II. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්රදානය කිරීමේ ආයතනයක් වශයෙන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් ආයතනයකින් හෝ පරිගණක විද්‍යාව/ තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ලබා තිබීම
සීමිත බඳවා ගැනීම - පළපුරුද්ද
-
I. 2 පන්තියේ I ශ්‍රේණියේ නිලධරයෙකු වීම හා රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අංක 01/2020 හි සඳහන් විධිවිධානයන්ට අනුකූලව විනයානුකූල දඬුවමක් ලබා නොතිබීම.
හෝ
-
I. සේවයේ වසර 5 ක සක්‍රීය හා සතුටුදායක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති 2 පන්තියේ II ශ්‍රේණියේ නිලධාරියකු වීම සහ රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අංක 01/2020 හි සඳහන් විධිවිධානයන්ට අනුකූලව විනයානුකූල දඬුවමක් ලබා නොතිබීම.
සහ
II. 7.4.1.2.1 හි සඳහන් සුදුසුකම් සපුරා තිබීම.
සහ
III. එම ශ්‍රේණියට නියමිත කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය සමත්ව තිබීම.
සේවා ව්‍යවස්ථාව හා අදාළ චක්‍රලේඛ
වර්තමාන සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
පූර්ව සේවා ව්‍යවස්ථාව සහ සංශෝධන
අදාල චක්‍රලේඛ
ඇමතුම් තොරතුරු
එස්. ආලෝකබණ්ඩාර මයා ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්
|
ඒ.එම්.එම්.එන්. අමරසිංහ මයා ඒකාබද්ධ සේවා අධ්යක්ෂ II
|
||||||||||||||||||
කේ.එම්.එන්. දිල්හාරි මිය ඒකාබද්ධ සේවා සහකාර අධ්යක්ෂ
|
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා අංශය
|
|||||||