Uncategorised
ප්‍රසම්පාදන නිවේදන
ලංසු කැදවීම
- අමාත්‍යාංශයීය වාහන රක්ෂණය කිරීම - 2024 වර්ෂය
[ PDF - 360 KB ]
ලංසු පිරිනැමීම
- කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීම
[ PDF - 493 KB ]
Test 2
දැක්ම
"නිල නිවාස පහසුකම් සැපයීම මඟින් ඵලදායී රාජ්‍ය සේවයක්"
මෙහෙවර
"රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතේ පාලනය වන සියළුම රජයේ නිල නිවාස, සේවා අවශ්‍යතාවය අනුව රජයේ නිලධාරීන්ට ලබාදීම, ඒවායේ යටිතල පහසුකම් ප්‍රවර්ධනය මෙන්ම අමාත්‍යාංශය යටතේ සිදුකරන නිල පියස, නිල සෙවන නිවාස ව්‍යාපෘති සම්බන්ධ සියළු කාර්යයන් ක්‍රියාත්මක කිරීම මඟින් ඵලදායී රාජ්‍ය සේවයකට අවශ්‍ය පසුබිම සැකසීම""
අරමුණු
- රජයේ නිලධාරීන්ට නිල නිවාස වෙන්කර දීම, එම නිවාස නඩත්තු කටයුතු සිදුකිරීම.
- අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන නිවාස ව්‍යාපෘතිවලට සම්බන්ධ සියළු කළමනාකරණ හා පරිපාලනමය කටයුතු ඉටුකිරීම හා අදාල පාර්ශව සමඟ සම්බන්ධීකරණය.
- රජයේ නිලධාරීන්ගේ සේවා අවශ්‍යතාවය මත පදනම්ව තාවකාලික පදිංචිය සඳහා දෙන ලද රජයට අයත් ඕනෑම නිවසක් “ නිල නිවාස” යටතට ගැනෙන අතර රජයේ පොදු සේවා නිවාස පිළිබඳ කටයුතු කිරීම.
මෙම අංශය යටතේ සංවර්ධන හා නිවාස ලෙස ඒකක දෙකක් ක්‍රියාත්මක වන අතර එහි කාර්යයන් පහත පරිදි වේ.
සංවර්ධන අංශයේ කාර්යයන් | නිවාස අංශයේ කාර්යයන් |
රාජ්‍ය නිලධාරීන් සඳහා දිස්ත්‍රික් මට්ටමින් නිල නිවාස පහසුකම් සැපයීම සඳහා “නිල පියස” ඇතුළු අනෙකුත් ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම. | රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් සදහා නිල නිවාස වෙන්කිරීම. |
අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව පිළියෙල කිරීම. | රජයේ නිලධාරීන්ගේ පොරොත්තු ලේඛනයට අනුව නිල නිවාස වෙන්කිරීම සහ සුවිශේෂී අවස්ථාවල සේවා අවශ්‍යතාව මත ප්‍රමුඛතා පදනම මත නිවාස වෙන්කිරීම. |
ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, ව්‍යාපෘති කළමනාකරණ දෙපාර්තමේන්තුව හා මුදල් අමාත්‍යාංශය වෙත ව්‍යාපෘතිවල ප්‍රගතිය දක්වන වාර්තා පිළියෙල කිරීම. | නියමිත දිනට ගෙවල් කුලී එකතු කිරීම හා වෙනත් රාජ්‍ය ආයතන මගින් ගෙවල් කුලී එකතු කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම. |
තොරතුරු පනත සම්බන්ධයෙන් වන අර්ධ වාර්ෂික වාර්තාව පිළියෙල කිරීම. | රජයේ නිල නිවාස වල වාර්ෂික නඩත්තු හා අළුත්වැඩියා කිරීම් කටයුතු සිදු කිරීම හා ඒවා සුපරීක්ෂණය. |
රාජ්‍ය නිලධාරීන් සඳහා කාලීන නිවාස අවශ්‍යතාවයන් හඳුනාගනිමින් ඒ අනුව ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම. | රජයේ නිවාස නිත්‍යානුකූල නොවන ආකාරයෙන් භාවිතා කිරීම වැළැක්වීම සඳහා 1969 අංක 7 දරන සන්තකය ආපසු පවරා ගැනීමේ පනත යටතේ නීතිමය පියවර ගැනීම. රාජ්‍ය හා පුද්ගලික අංශයන්ගේ සහයෝගීතාවයෙන් “නිල සෙවණ” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම. මෙම අමාත්‍යාංශය යටතේ පවතින නිවාඩු නිකේතන හා සංචාරක බංගලා වෙන්කිරීම හා ඒවායේ පරිපාලන කටයුතු. |
අමාත්‍යාංශයට අයත් රජයේ නිල නිවාස පිහිටි ස්ථාන
- කොළඹ 04, ලෝරිස් පටුමග
- කොළඹ 05, මහගම සේකර මාවත
- කොළඹ 05, මැකන්සි පාර
- කොළඹ 05, ස්ටැන්මෝ ක්‍රෙසන්ට්
- කොළඹ 05, කැප්පෙටිපොල මාවත
- කොළඹ 05, ස්කෙල්ටන් පාර
- කොළඹ 07, බෞද්ධාලෝක මාවත
- කොළඹ 07, විජේරාම මාවත
- කොළඹ 07, ග්‍රෙගරි මාවත
- කොළඹ 07, මලලසේකර මාවත
- කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත
- කොළඹ 08, ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මාවත
- බත්තරමුල්ල, ජයවඩනගම
රජයේ නිල නිවාස
රජයේ නිලධාරියෙකුට සේවා අවශ්‍යතාවය මත තාවකාලික පදිංචිය සඳහා දෙන ලද රජයට අයත් ඕනෑම නිවස්නයක් "රජයේ නිල නිවාස" ගණයට ඇතුලත් වේ. එවැනි සියළු නිවාස පහත සඳහන් පරිදි කාණ්ඩ 02 කට අයත් වේ.
- උප ලේඛණ ගත නිවාස - අමාත්‍යාංශයක හෝ දෙපාර්තමේන්තුවක යම් නිශ්චිත තනතුරකට හෝ ශ්‍රේණියකට වෙන් කර ඇති නිවාස.
- පොදු සේවා නිවාස - උප ලේඛණ ගත නිවාස හිමි තනතුරු වලට හෝ ශ්‍රේණි වලට අයත් නොවන සියළුම නිලධාරීන්ගේ නිවාස අවශ්‍යතාවය වෙනුවන් පවත්නා නිවාස.
ඒ අනුව රජයේ පොදු සේවා නිවාසයන්ට අදාළ කටයුතු සිදු කිරීම නිවාස ඒකකයේ කාර්ය වේ.
රජයේ නිලධාරීන් හට රජයේ නිවාස ලබා දීමේ දී සලකා බලන කරුණු
- රජයේ නිවාස ලබා දීම සඳහා සලකා බලනුයේ පොරොත්තු ලේඛනයේ ලියාපදිංචි වී ඇති නිලධාරීන් පමණි.
- පොරොත්තු ලේඛනයේ ලියාපදිංචි වී ඇති රජයේ නිලධාරීන් ආයතන සංග්‍රහයේ XIX පරිච්ඡේදයේ ඇති විධි විධානයන්හි දැක්වෙන අවශ්‍යතා සපුරා තිබිය යුතුය.
- රජයේ නිවාස සඳහා කුලිය පදිංචිකරුගේ මාසික වැටුපෙන් 12.5% කි
නිවාස නඩත්තුව
- ගරු. අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පදිංචිව සිටින නිවාස හැර, අනෙකුත් සියළුම රජයේ නිවාස වල නඩත්තු කටයුතු මෙම අමාත්‍යාංශයේ නිවාස හා සංවර්ධන අංශය මගින් සිදුකරනු ලබයි.
- ගරු අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙත වෙන් කර ඇති රජයේ නිවාස වල නඩත්තු කටයුතු මෙම අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියට යටත්ව රා.පරි චක්‍රලේඛ 27/2010ට අනුකූලවන සේ අදාළ අමාත්‍යාංශ මගින් සිදුකරනු ලබයි.
නිවාස සන්තකය ආපසු භාර ගැනීම
- නියමිත කාල සීමාව අවසානයේ දී, පදිංචිව සිටි කාල සීමාවට අදාළ ජල හා විදුලි බිල්පත්හි නිශ්කාශන වාර්තා ද සමඟ නිවාස විධිමත් පරිදි මෙම අමාත්‍යාංශය වෙත භාර දීම සියළුම පදිංචිකරුවන්ගේ වගකීම වේ.
- යම් පදිංචිකරුවෙකු නියමිත කාල සීමාව අවසානයේ දී විධිමත්ව නිවස ආපසු භාර නොදෙන්නේ නම්, ඔහු වෙත නිවස භාර දෙන ලෙස දන්වා නෛතික නිවේදනයක් නිකුත් කරනු ඇත.
- ඒ අනුව ද පදිංචිකරු කටයුතු නොකරන්නේ නම්, 1969 අංක 07 දරන සන්තකය ආපසු පවරා ගැනීමේ පනත යටතේ සිදුකරන්නා වූ නීතිමය ක්රියාමාර්ගයකින් පසු ඔහු /ඇය නිවසින් ඉවත් කිරීමට පියවර ගනු ඇත.
- නියමිත කාල සීමාව ඉක්මවා නිවාස වල පදිංචිව සිටින පදිංචිකරුවන් දණ්ඩන කුලියකට ද යටත් වේ. දණ්ඩන කුලිය යනු රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් කත්සේරු කරන ලද නිවසේ පවතින වෙළඳපොල කුලිය හා නිලධාරියාගේ වැටුපෙන් 8% ක මුදල යන දෙකෙහි එකතුවට සමාන මුදලකි
ගාල්ල - වැකුණගොඩ නිවාස සංකීර්ණය
- මෙම ව්‍යාපෘතිය යටතේ ආරම්භ කරන ලද ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව හා වැකුණගොඩ නිවාස ව්‍යාපෘතීන්හි ඉදිකිරීම් කටයුතු දැනට අවසන් කර ඇත.
- නිවාස ඒකක : 572
වටිනාකම
නිවාස වර්ගය | විකුණුම් මිල (ඒකක 1) | |
රජයේ නිලධාරීන් සඳහා | පෞද්ගලික ගැණුම්කරුවන් සඳහා | |
මධ්‍යම පිරිවැයක් දරණ ලද නිවාස | Rs. 3,550,000.00 | Rs. 3,675,079.00 |
ඉහළ පිරිවැයක් දරණ ලද නිවාස | Rs. 4,300,000.00 | Rs. 4,451,828.00 |
හබරාදූව නිවාස සංකීර්ණය
- නිවාස ඒකක : 576
වටිනාකම
නිවාස වර්ගය | විකුණුම් මිල (ඒකක 1) | |
රජයේ නිලධාරීන් සඳහා | පෞද්ගලික ගැණුම්කරුවන් සඳහා | |
මධ්‍යම පිරිවැයක් දරණ ලද නිවාස | Rs. 1,980,000.00 | Rs. 2,102,787.00 |
ඉහළ පිරිවැයක් දරණ ලද නිවාස | Rs. 3,550,000.00 | Rs. 3,749,022.00 |
කොළඹ 05, කැප්පෙටිපොළ මාවත සමුළු නිවාස
කොළඹ 05 කැප්පෙටිපොළ මාවතේ පිහිටා ඇති සමුළු නිල නිවාස පහත සඳහන් මූලික සුදුසුකම් සපුරාලනු ලබන රජයේ මාණ්ඩලික නිලධාරීන් හට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 20/2022 පරිදි පදිංචිය සඳහා වෙන් කර දීම සිදුකරනු ලැබේ.
මූලික සුදුසුකම් :
- ආයතන සංග්‍රහයේ I වැනි පරිච්ඡේදයේ අර්ථ නිරූපණයට අනුකූලවන රාජ්‍ය නිලධාරියෙකු වීම. එසේම, එම රාජ්‍ය නිලධාරියා 2016.02.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 3/2016 සහ 2017.12.07 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 32/2017 මඟින් සඳහන් කර ඇති මාණ්ඩලික තනතුරු දරන රාජ්‍ය නිලධාරියෙකු ද විය යුතුය.
- කොළඹ දිස්ත්‍රික්කය තුළ සේවා ස්ථානයක රාජකාරී කිරීම.
- අයදුම්පත යොමු කරනු ලබන අවස්ථාවේදී උප ලේඛනගත නිල නිවාස හිමිකම දරන තනතුරක් නොදැරීම.
- සේවා ස්ථානයේ සිට ස්ථිර පදිංචි ස්ථානයට ගූගල් සිතියම (Google map) ආශ්රයෙන් මැනීම් සිදුකර ලබා ගනු ලබන අහස් දුර කි. මී. 20ට වඩා වැඩි වීම.
අයදුම්පත්‍රය - 2022 | ![]() |
නිල නිවාස අයදුම්කරුවන්ගේ තාවකාලික ලකුණු ලේඛනය - 2022 | ![]() |
- රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 20/2022හි ඇමුණුම 01හි කරුණු අංක 6.0 සඳහන් ලකුණු ක්‍රමයට අනුව නිල නිවාස අයදුම්කරුවන්ගේ තාවකාලික ලකුණු ලේඛනය පහත දක්වා ඇත.
- මෙම ලකුණු පිළිබඳව සෑහීමකට පත් නොවන අයදුම්කරුවන් හට, ඒ පිළිබඳව අයදුම්පත්‍ර කැඳවූ වර්ෂයේ නොවැම්බර් මස 10 වන දින තෙක් සභාපති, නිල නිවාස කමිටුව වෙත අභියාචනා ඉදිරිපත් කිරීමට හැකියාවක් පවතී.
- නිල නිවාස අයදුම්කරුවන් හට ලබා දී ඇති මෙම තාවකාලික ලකුණු ලේඛනය අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසු සහ සම්මුඛ පරීක්ෂණයෙන් පසු වෙනස් විය හැක.
සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමට නියමිත අයදුම්කරුවන්ගේ නාම ලේඛනය - 2022 | ![]() |
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය සංචාරක බංගලා සහ නිවාඩු නිකේතන
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය සංචාරක බංගලා
- නුවරඑළිය, දියතලාව, බණ්ඩාරවෙල නිවාඩු නිකේතන වෙන් කිරීම සඳහා - 0112697316
පොදු අංකය: 011 2696211 – දිගුව - 216
ෆැක්ස්: 011 2697299 - සංචාරක බංගලා හා නිවාඩු නිකේතන වෙන්කිරීම සෑම මසකම පළමු වැනිදා සිට සිදුකරනු ලබයි.
නිවාඩු නිකේතනයේ නම | පිහිටීම | දුරකතන අංකය | අයකරන ගාස්තුව (රු.) | කාමර සංඛ්‍යාව | උපරිම නේවාසික සංඛ්‍යාව |
නුවරඑළිය (පැරණි) | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 1,000 | 03 | 10 |
නුවරඑළිය (නව) A1 | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 1,000 | 03 | 06 |
නුවරඑළිය (නව) A2 | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 1,000 | 03 | 06 |
නුවරඑළිය (නව) B | ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය අසල | +94 52 2222363 | 750 | 02 | 04 |
දියතලාව - A | දුම්රිය ස්ථානය අසල | +94 57 2229068 | 1,000 | 04 | 11 |
දියතලාව - B | දුම්රිය ස්ථානය අසල | +94 57 2229069 | 1,000 | 03 | 07 |
බණ්ඩාරවෙල - 01 | බිඳුණු වැව පාර | +94 57 2222553 | 1,000 | 03 | 07 |
බණ්ඩාරවෙල - 02 | බිඳුණු වැව පාර | +94 57 2222553 | 1,000 | 03 | 07 |
**2018.06.01 දින සිට ඉදිරියට සිදු කරන නිවාඩු නිකේතන වෙන් කිරීම් සඳහා අදාළ වන පරිදි දිනකට අයකරනු ලබන ගාස්තු සංශෝධනය කර ඇත
*කොන්දේසි අදාළ වේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයීය නිවාඩු නිකේතන
- යාපනය, කතරගම, මහියංගනය, මිහින්තලය, මුලතිවු සහ පොලොන්නරුව නිවාඩු නිකේතන වෙන් කිරීම සඳහා – 011 2697316
ප්‍රභූ කාමර (රු.) |
වායු සමනය කළ (රු.) |
වායු සමනය නොකළ (රු.) |
|
දැනට පවත්නා මිල ගණන් සාමාන්‍ය වෙන් කිරීම් සඳහා | 6,500 | 4,500 | 2,500 |
රාජ්‍ය සේවක පුද්ගලික සංචාර සඳහා රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතන වෙන් කිරීමට අදාල අයදුම්පත පුරවා ඔබගේ ආයතන ප්‍රධානියා මගින් ඉදිරිපත් කරන අයදුම්පත් සඳහා පමණි | 4,000 | 2,000 | 1,500 |
විදේශීය නවාතැන් කරුවන් සඳහා 50%ක් අතිරේකව අය කිරීම | 9,750 | 6,750 | 5,250 |
වැඩමුළු සඳහා පමණක් නිකේතන ආපනශාලාව යොදා ගන්නා අවස්ථාවලදී; පෙ.ව. 8.00 -12.00 දහවල් 12.00 දක්වා හෝ දහවල් ප.ව. 4.00 හෝ එක් වරුවක් සදහා(එක් වරුවක් සදහා) = Rs 7,500/= සම්පූර්ණ දිනයක් සදහා(පෙ.ව.8 - ප.ව. 4.00 දක්වා) = Rs.15,000/= |
“නිල පියස” රාජ්‍ය නිලධාරී නිල නිවාස ව්යාපෘතියරජයේ නිලධාරීන් සඳහා නේවාසික පහසුකම් සැපයීමේ අරමුණින් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකටම එකක් බැගින් ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙම නිවාස ව්‍යාපෘතිය වසර පහකදී නිම කිරීමට යෝජිත අතර එක් වසරකදී දිස්ත්‍රික්ක පහක ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම්කර ඇත. මෙහි ප්‍රථම අදියර යටතේ පහත දිස්ත්‍රික්කවල ඉදිකිරීම් සිදුකිරීමට නියමිතය.
මොනරාගල දිස්ත්‍රික්කය
මෙම නිල නිවාස ව්‍යාපෘතියට අදාලව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අදාල කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යංශය වෙත ප්රදානය කර ඇති අතර මේ සඳහා උපදේශන සේවා දායකත්වය ඌව පළාත් සභා ඉංජිනේරු සේවාව විසින් සපයයි.
යෝජිත නිවාස ඒකක ගණන - 32
ගම්පහ දිස්ත්‍රික්කය
මෙම නිල නිවාස ව්‍යාපෘතියට අදාලව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අදාල කොන්ත්‍රාත්තුව ලින්ක් ඉංජිනියරින් පුද්. සමාගම වෙත ප්රදානය කර ඇති අතර මේ සඳහා උපදේශන සේවා දායකත්වය බස්නාහිර පළාත් සභා ඉංජිනේරු සේවාව විසින් සපයයි.
යෝජිත නිවාස ඒකක ගණන - 32
මහනුවර දිස්ත්‍රික්කය
මෙම නිල නිවාස ව්‍යාපෘතියට අදාලව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා සැලසුම් කාර්යයන් මේවන විට සිදුකෙරෙමින් පවතින අතර අදාල උපදේශන සේවා මධ්‍යම පළාත් ගොඩනැගිලි දෙපාර්තමේන්තුව විසින් සපයයි.
දෙවන අදියර සඳහා නිවාස ඒකක 24ක් ඉදිකිරීමට යොජිතය.යෝජිත නිවාස ඒකක ගණන - 8
පොළොන්නරුව දිස්ත්‍රික්කය
මෙම නිල නිවාස ව්‍යාපෘතියට අදාලව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා සැලසුම් කාර්යයන් මේවන විට සිදුකෙරෙමින් පවතින අතර අදාල උපදේශන සේවා උතුරු මැද පළාත් ඉංජිනේරු සේවාව විසින් සපයයි.
යෝජිත නිවාස ඒකක ගණන - 32
ඇමතුම් තොරතුරු
![]() අතිරේක ලේකම් (අභ්‍යන්තර පාලන)
|
|||||||||
![]() ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නිවාස හා සංවර්ධන)
|
![]() සහකාර ලේකම් (නිවාස හා සංවර්ධන) (Housing and Development)
|
||||||||||||||||||
![]() නියෝජ්‍ය අධ්යක්ෂ (සැලසුම්)
|
|||||||||||||||||||
ඉංජිනේරු අංශය
![]() ප්‍රධාන ඉංජිනේරු
|
![]() සිවිල් ඉංජිනේරු
|
||||||||||||||||||
නිවාස හා සංවර්ධන අංශය
|
||||
The requested page cannot be found.
An error has occurred while processing your request.
You may not be able to visit this page because of:
- an out-of-date bookmark/favourite
- a mistyped address
- a search engine that has an out-of-date listing for this site
- you have no access to this page
If difficulties persist, please contact the System Administrator of this site and report the error below.
404 Page not found
රාජ්‍ය සේවයෙන් ඉවත් කර නැවත සේවයට බඳවා නොගත යුතු නිලධරයන් පිළිබඳ විස්තර
වර්ෂය |
2023-1 සටහන් පත්‍රය |
2018-1 සටහන් පත්‍රය |
2016-1 සටහන් පත්‍රය |
2015-1 සටහන් පත්‍රය |
2014-1 සටහන් පත්‍රය |
2012-1 සටහන් පත්‍රය |
2009-1 සටහන් පත්‍රය |