Home
ජාතික භාෂා අංශය
හැඳින්වීම
ව්‍යවස්ථා විධිවිධාන
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ 1978 ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජ ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1V වන පරිච්ඡේදය තුළ අන්තර්ගත කර ඇත. මෙය VI වන පරිච්ඡේදයේ 27 (05,06,10) වගන්තියේද දක්වා ඇත. ඒ අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික නීතිය 1987 දී 13 වන සංශෝධනයෙන්ද 1988 දී 16 වන සංශෝධනයෙන්ද භාෂා අයිතියේ වැදගත්කම අවධාරණය කර ඇත.
භාෂා අයිතිය මානව අයිතිවාසිකමක් ලෙස ආරක්ෂා කරන ලද තත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 වන පරිච්ඡේදයේ 12(2) හා 12 (3) වගන්තිවලින් පහත පරිදි පිළිබිඹු වේ.;
‘’ මෙම පරිච්ඡේදයේ භාෂා භාවිතය සඳහා ප්‍රමාණවත් පහසුකම් රජය විසින් සැපයිය යුතු බව දක්වා ඇත.(25 වන වගන්තිය)’’
පරිපාලන විධිවිධාන
ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය විධිමත් කිරීම සඳහා රජයේ ගැසට් නිවේදන හා චක්‍රලේඛ සැලකිය යුතු ප්‍රමාණයක් නිකුත් කර ඇත.
රාජ්‍ය භාෂාව
සිංහල භාෂාව හා දෙමළ භාෂාව ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවන් වේ.-13 වන ව්‍යවස්ථා සංශෝධිත 18 (1) හා 18 (2) ව්‍යවස්ථා
ජාතික භාෂා
සිංහල භාෂාව හා දෙමළ භාෂාව ශ්‍රී ලාංකේය ජාතික භාෂාවන් වන්නේය. -19 ව්‍යවස්ථාව
සන්ධාන භාෂාව
ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාව වන්නේය.( 13 ව්‍යවස්ථා සංශෝධනයෙන් සංශෝධිත 18(3) ව්‍යවස්ථාව
1978 ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජ ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා
ශ්‍රී ලංකාවේ භාෂා සම්බන්ධෙයන් වන මූලික නීතිය ආණ්ඩුක්‍රම IV පරිච්ජේදයෙහි දක්වා ඇත. එහි ඇති විධිවිධාන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් (1987) සහ 16 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් (1988) සංශෝධනය වී තිබේ. මෙම පරිච්ජේදයෙහි අඩංගු වන කරුණු අතර භාෂා අයිතීන් ප්‍රධාන වේ.
භාෂා අයිතිය මුලික අයිතිවාසිකමක් ලෙස සුරැකෙන අවස්ථාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III පරිච්ජේදයේ 12(2) ව්‍යවස්ථාවෙහි දැකිය හැකිය. එනම් “ කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රි පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වු හෝ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතුය” යන්නෙනි. නමුත්, මෙම අයිතිය එම ව්‍යවස්ථාවේ ම ඉන් පසුව දැක්වෙන විශේෂ නියමයන්ට යටත්ව ක්‍රියාත්මක වේ.
• “එසේ වුවද , රජයේ සේවයේ, අධිකරණ සේවයේ, පළාත් පාලන සේවයේ නැතහොත් යම් රාජ්‍ය සංස්ථාවක සේවයේ යම් සේවා නියුක්තියක හෝ ධුරයක කාර්ය ඉටු කිරිම සඳහා යම් තැනැත්තෙකු යම් භාෂාවක් පිළිබඳ ප්‍රමාණවත් දැනිමක් ඇතිව සිටිම සාධාරණව අවශ්‍යවන අවස්ථාවක ඒ සේවා නියුක්තිය හෝ ධුරය සඳහා සුදුසුකමක් වශයෙන් ඒ භාෂාව පිළිබඳව එසේ ප්‍රමාණවත් දැනිමක් සාධාරණ කාලයක් තුළ දී ලබා ලද යුතු යැයි එවැනි තැනැත්තෙකුට නියම කිරිම නීත්‍යානුකූල වන්නේ ය
• එසේම තවදුරටත්, එවැනි යම් සේවා නියුක්තියක හෝ ධුරයක හෝ කිසිදු කර්තව්‍යයක් යම් භාෂාවක් පිළිබඳ දැනිම ඇත්තේ නම් මිස ඉටු කළ නොහැකි වන අවස්ථාවල දී, ඒ සේවා නියුක්තියට හෝ ධුරයට හෝ ඇතුළත් කර ගැනිමේ සුදුසුකමක් වශයෙන් යම් තැනැත්තෙකුට ඒ භාෂාව පිළිබඳ ප්‍රමාණවත් දැනිමක් තිබිය යුතු යැයි නියම කිරිම නීත්‍යානුකූල වන්නේ ය.”
තවද, 12(3) ව්‍යවස්ථාවට අනුව “වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත්‍රි පුරුෂ භේදය යන හේතූ මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙළඳසල්වලට, පොදු භෝජනාගාරවලට, ආපන ශාලාවලට, පොදු විනෝද ස්ථානවලට හෝ තම තමන්ගේ ආගමට අයත් පොදු පූජනීය ස්ථානවලට ඇතුළුවීම සම්බන්ධයෙන් යම් ආශක්නුතාවකට , බැඳීමකට, සීමා කිරිමකට නැතහොත් කොන්දේසියකට කිසිම තැනැත්තෙක් යටත් නොවන්නේ ය. ”
පසුබිම
ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශය (MNLSI) 2010 වසරේ අප්‍රේල් 30 වන දින අංක 1651/20 අති විශේෂ ගැසට් නිවේදනය යටතේ නිර්මාණය කරන ලදී.2015 දෙසැම්බර් 18 දිනැති අංක 1945/40 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් රාජ්‍ය භාෂා විෂය ජාතික සහජීවන ,සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය යටතට පත් විය.2018 මැයි 12 වන දින අංක 2070/56 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් පිහිටුවන ලද ජාතික ඒකාබද්ධතා ,ප්රතිසන්ධාන හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය යටතට පත් වූ අතර පසුව ජාතික ඒකාබද්ධතා ,රාජ්‍ය භාෂා අමාත්‍යාංශය ලෙස සංශෝධනය විය. 2018 දෙසැම්බර් 28 දින අංක 2103/33 දරන විශේෂ ගැසට් නිවේදනය මඟින් ජාතික ඒකාබද්ධතා,රාජ්‍ය භාෂා,සමාජ ප්‍රගති හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය ලෙස නැවත සංශෝධනය විය.2019 වර්ෂයේ නොවැම්බර් මස රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත පවරන ලදී.2020 සැප්තැම්බර් මස රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම 2020 අගෝස්තු 09 දින අංක 2187/27 අති විශේෂ ගැසට් නිවේදනය මඟින් රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යටතට පත් විය.2022 මැයි 27 දිනැති අංක 2281/41 27 අති විශේෂ ගැසට් නිවේදනය අනුව රාජ්‍ය රාජ්‍ය භාෂා විෂය රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත පවරන ලදී.
ජාතික භාෂා අංශය (NLD) ප්‍රජාව අතර සංහිඳියාව ඇති කිරීම සඳහා සහාය වීම සඳහා රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය (OLP) ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණින් අමාත්‍යාංශයේ එක් අංශයක් ලෙස ක්‍රියා කරයි. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා හඳුනාගෙන ඇති වැඩසටහන් විවිධ ස්ථරවලින් සහ විවිධ යාන්ත්‍රණයන් මඟින් බෙදා හරිනු ලැබේ.
ජාතික භාෂා අංශය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (DOL), රාජ්‍ය භාෂා කොමිෂන් සභාව (OLC) සහ භාෂා අධ්‍යාපනය සහ පුහුණු කිරීම සඳහා වූ ජාතික ආයතනය (NILET) යන භාෂා ආයතන සමඟ සම්බන්ධීකරණය වෙමින් කටයුතු කරයි. භාෂා ධාරිතා ගොඩනැගීමේ සේවා සැපයීම සහ ද්විභාෂා/ත්‍රෛභාෂා සේවා සැපයීම සහ ඉල්ලුම් කිරීමේ හැකියාව සාක්ෂාත් කර ගැනීම සඳහා සේවා සපයන්නන් සහ පුරවැසියන් සවිබල ගැන්වීම සඳහා ඔවුන් වගකිව යුතුය.
1956 භාෂා ඇමතුම් මධ්‍යස්ථානය හා භාෂා මධ්‍යස්ථාන මඟින් ප්‍රාදේශීය මට්ටමින් රාජ්‍ය නිලධාරින්ට හා මහජනතාවට භාෂා වැඩසටහන් පැවැත්වීම සඳහා පහසුකම් සලසනු ලබයි. භාණ්ඩාගාර අරමුදල් වලට අමතරව කැනඩා රජය සහ යුරෝපාහවුලේ (EU) ආධාර යටතේ, ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) සහ ප්රතිසන්ධානය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය (SRP) මඟින් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.
දැක්ම
"ශ්‍රී ලංකාවේ පුරවැසියාට සතුටුදායක සේවාවක් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය තුළින් ලබා දීම."
මෙහෙවර
රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියට අදාලව පුරවැසියන් තෘප්තිමත් කිරීම සඳහා සේවා සැපයීමේදී ද්වි භාෂා සේවාවක් ලබා දීමට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම.
ජාතික භාෂා අංශයෙහි අරමුණු
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාළ සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම හා අධීක්ෂණය කිරීම.
- රාජ්‍ය ආයතනවල ද්විභාෂා පරිසරයක් නිර්මාණය කිරීමට සුදුසු වටපිටාවක් ගොඩනැගීම.
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව මහජනතාව බලාත්මක කිරීම.
ජාතික භාෂා අංශයෙහි ක්‍රියාකාරකම්
- රාජ්‍ය ආයතන තුල ද්විභාෂා පරිසරය ශක්තිමත් කිරීම.
- ද්විභාෂා සේවා සැපයීම සඳහා රාජ්‍ය නිලධාරින් බල ගැන්වීම.
- ජනතාව අතර, රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම.
- රාජ්‍ය ආයතන තුල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ පිළිගැනීමක් ඇති කිරීම.
- රාජ්‍ය ආයතන තුල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අදාලව අධීක්ෂණය හා නියාමනය.
භාෂා ඇමතුම් මධ්‍යස්ථානය
1956
2023.01.02 දින රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි ලබා ගැනීමටත් ත්‍රෛභාෂා පරිවර්තන කරදීම හා භාෂාවන් හා සම්බන්ධ වෙනත් කරුණු සඳහා සහය ලබා දීම සඳහා භාෂා ඇමතුම් මධ්‍යස්ථානය නැවත ස්ථාපනය කරන ලදී.(භාෂා පන්ති,පාඨමාලා,පුහුණු වැඩසටහන්,විභාග,පද වල තේරුම,නිවැරදි ලිපි වචන) භාෂා ඇමතුම් මධ්‍යස්ථානයට භාෂා ගැටළු හා පැමිණිලි යැවීම සඳහා වයිබර්,වට්ස්ඇප්,ෆේස්බුක් සහ ඉමෝ සඳහා අංකය 0702001956 ද ක්ෂණික ඇමතුම් අංකය 1956 ලබා දී ඇත. මේ සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාව, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව හා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සම්බන්ධීකරණයෙන් සහය වේ.
භාෂා මධ්‍යස්ථාන කිලිනොච්චිය හා මඩකලපුව
උතුරු පළාත් මධ්‍යස්ථානය (කිළිතොච්චිය) සහ නැගෙනහිර පළාත් මධ්‍යස්ථානය (මඩකලපුව) ස්ථාපිත කිරීම මඟින් රාජ්‍ය අංශයේ නිළධාරීන්ට මෙම මධ්‍යස්ථානවලින් දෙවන භාෂාව ඉගෙන ගැනීමටත් අවස්ථාව ලබා දී තිබේ. මේ මඟින් රාජ්‍ය ආයතන තුළ දෙවන භාෂාවන් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ ක්‍රියා පිළිවෙත හා ක්‍රියා පටිපාටිය ප්‍රවර්ධනය කිරීමට සිදු වේ.රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා බිම් මට්ටමේ සිට කටයුතු කිරීම අත්‍යවශ්‍ය කරුණක් හෙයින් එහිදී පළාත් මට්ටමින් කටයුතු කිරීම මෙම ව්‍යවස්ථාව මඟින් ඉටු කරනු ලබයි.
- දුරකථන අංකය (කිළිනොච්චිය) -021 228 3656
- විද්‍යුත් තැපැල් ලිපිනයThis email address is being protected from spambots. You need JavaScript enabled to view it.
- දුරකථන අංකය (මඩකලපුව) -065-2050140
භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අනුබද්ධ ආයතන
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව අංක 18 දරණ රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත මඟින් 1991 ස්ථාපනය කර ඇති ව්‍යවස්ථාපිත මණ්ඩලයකි.මෙම කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සමාජිකයන් හයදෙනෙකුගෙන් සමන්විත වේ.මෙයින් එන් සාමාජිකයෙකු සභාපති වශයෙන් නම් කරනු ලබයි.නිල බලයෙන් කොමිෂන් සභාවේ ලේකම්වරයා වන්නේ රාජ්‍ය භාෂා කොමසාරිස්ය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1V වන පරිච්ඡේදයේ ඇතුළත් ප්රතිපාදනයන් නියාමනය හා අධීක්ෂණය කිරීම කොමිෂන් සභාවේ කාර්යභාර්යයි.ස්වකීය කටයුතු නිසි පරිදි කාර්යක්ෂමව ඉටුකරගෙන යාමට කොමිෂන් සභාව සඳහා අනුමත කාර්යමණ්ඩලයක් ඇත.
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මඟින් සිදු කරන ප්‍රධාන කාර්යයන්
- රාජ්‍ය පැමිණිලි විමර්ශනය කිරීම
- රාජ්‍ය හා අර්ධ රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම
- පාසල් වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
- මහජනතාව දැනුවත් කරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
රා.භා.කො.ස වෙබ් අඩවිය : https://www.olc.gov.lk/
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
සිංහල හා දෙමළ ස්වභාෂා වශයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය සඳහා මුදල් අමාත්‍යාංශයේ විශේෂ ඒකකයක් ලෙස පවත්වාගෙන ගිය රාජ්‍ය භාෂා කාර්යාංශය 1955 ඔක්තෝබර් 01 වන දින සිට මුදල් අමාත්‍යාංශය යටතේම ස්ථිර වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස පත් කරන ලද අතර එතැන් පටන් එය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ලෙස හඳුන්වා ඇත.පසුව 1956 අංක 33 දරන රාජ්‍ය භාෂා පනත සම්මත වීමත් සමඟ රජය මුහුණ දුන් ප්‍රධානතම ගැටලුව වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කළ පරිපාලන කටයුතු සිංහලෙන් සිදු කරන්නේ කෙසේද යන්නයි.මෙහි ප්‍රතිඵලයක් ලෙස 1956 ඔක්තෝබර් 1 දින සිට විශේෂ කොමසාරිස්වරයකුගේ අධීක්ෂණය යටතේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කටයුතු ප්‍රතිසංවිධානය කළ අතර එතැන් පටන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක් වශයෙන් භාවිතා කිරීමට හැකි වන පරිදි හැමතින්ම සූදානම් කිරීමේ වගකීම පැවරුණු රාජ්‍ය ආයතනය බවට පත් වන්නේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවයි.
රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන ප්‍රධාන කාර්යයන්
- සිංහල,දෙමළ,ඉංග්‍රීසි සහ විදේශ භාෂා අධ්‍යයන පාඨමාලා පැවත්වීම
- රාජ්‍ය සේවකයන් සඳහා භාෂා ප්‍රවීණතා විභාග පැවත්වීම.
- භාෂා හැකියාවෙන් යුතු සමාජයක් ගොඩනැගීම සඳහා භාෂා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- භාෂා පෙළපොත්,අධාර ග්රන්ථ හා ශබ්දකෝෂ සම්පාදනය
රා.භා.දෙ වෙබ් අඩවිය : https://www.languagesdept.gov.lk/
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව අංක 18 දරණ රාජ්‍ය භාෂා කොමිෂන් සභා පනත මඟින් 1991 ස්ථාපනය කර ඇති ව්‍යවස්ථාපිත මණ්ඩලයකි.මෙම කොමිෂන් සභාව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන සමාජිකයන් හයදෙනෙකුගෙන් සමන්විත වේ.මෙයින් එන් සාමාජිකයෙකු සභාපති වශයෙන් නම් කරනු ලබයි.නිල බලයෙන් කොමිෂන් සභාවේ ලේකම්වරයා වන්නේ රාජ්‍ය භාෂා කොමසාරිස්ය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1V වන පරිච්ඡේදයේ ඇතුළත් ප්රතිපාදනයන් නියාමනය හා අධීක්ෂණය කිරීම කොමිෂන් සභාවේ කාර්යභාර්යයි.ස්වකීය කටයුතු නිසි පරිදි කාර්යක්ෂමව ඉටුකරගෙන යාමට කොමිෂන් සභාව සඳහා අනුමත කාර්යමණ්ඩලයක් ඇත.
රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මඟින් සිදු කරන ප්‍රධාන කාර්යයන්
- රාජ්‍ය පැමිණිලි විමර්ශනය කිරීම
- රාජ්‍ය හා අර්ධ රාජ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම
- පාසල් වැඩසටහන් ක්‍රියාත්මක කිරිම
- මහජනතාව දැනුවත් කරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
රා.භා.කො.ස වෙබ් අඩවිය : https://www.olc.gov.lk/
ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතන
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ වඩා යහපත් යාන්ත්‍රණයක් උදෙසා ජාතීන් අතර සංහිඳියාව වර්ධනය කරමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය විධිමත්ව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය,2007 අංක 26 දරණ පනතින් විධිමත්ව පිහිටුවන ලදී. ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ ප්‍රධාන අරමුණු ලෙ සිංහල හා දෙමළ හා ඉංග්‍රීසි ඉගැන්වීමට ගුරුවරුන්ගේ හැකියාවන් වර්ධනය කිරීම,පරිවර්තකයන්ගේ ධාරිතාව ගොඩ නැංවීම හා භාෂා ඉගැන්වීම පිළිබඳ ප්‍රධාන පුහුණුකරුවන් පුහුණු කිරීම සහ ද්වි භාෂා/ත්‍රෛභාෂා නිපුණතා ගොඩනැගීම සඳහා සාමාන්‍ය ජනතාව වෙත ද්වි භාෂා/ත්‍රෛභාෂා සේවා සැපයීම සඳහා රාජ්‍ය නිළධාරීන් පුහුණු කිරීම.
ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතන මඟින් සිදු කරන ප්‍රධාන කාර්යයන්
- සිංහල , දෙමළ, ඉංග්‍රීසි භාෂා දැනුම ලබා ගැනීමට අපේක්ෂා කරන තැනැත්තන්ට සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ඉගැන්වීමට දක්ෂ තැනැත්තන් බිහි කිරීම සදහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා පිළිබද දීර්ඝ පුහුණුවක් ලබා දීම.
- සුදුසු තැනැත්තන්ට භාෂා පුහුණුව සහ අධ්‍යාපනය ලබා දීම සහ ඒ පුහුණුවීම් සහ අධ්‍යාපනය සම්පූර්ණ කරන සාර්ථක අපේක්ෂකයන්ට සහතිකපත් සහ ඩිප්ලෝමා ප්‍රධානය කිරීම .
- භාෂා ඉගැන්වීම කරගෙන යාමට පුහුණු පුද්ගලයන්ගෙන් සමන්ව්ත මණ්ඩලයක් පිහිටුවීම.
- භාෂාවන්ට අදාළ කාරණා පිළිබද වූ තොරතුරු තැන්පත් කර තබන ස්ථානයක් පිහිටුවීම.
ජා.භා.අ.පු.ආ වෙබ් අඩවිය : https://www.nilet.gov.lk/
ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP)
ශ්‍රී ලංකා රජය විසින් (GOSL) 2016 වසරේ සිට වසර 4.5 කාලයක් සඳහා කැනේඩියානු ඩොලර් මි.10.85 ප්‍රධානය කරමින් ජාතික භාෂා සමානාත්මතා අභිවර්ධන ව්‍යාපෘතිය (NLEAP) නමින් ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපෘතිය ජාතික සහජීවන ,සංවාද රාජ්‍ය අමාත්‍යාංශයේ නායකත්වය යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.මෙය රාජ්‍ය අංශය විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා කැනඩාව(GAC) විසින් අරමුදල් සපයනු ලබන Alinea International විසින් ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ව්‍යාපෘතියකි.රජයේ ක්‍රියාකාරීන් විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය (OLP) ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරීම සඳහා නිර්මාණය කර ඇත, NLEAP සඳහා අවබෝධතා ගිවිසුමක් (MOU) 2016 වර්ෂයේදී GOSL සහ GOC අතර අත්සන් කරන ලද අතර එය 2023 වන විට ක්‍රියාකාරකම් සම්පූර්ණ කිරීමට නියමිතය.
ප්‍රාථමික ව්‍යාපෘති පාර්ශවකරුවන් වන්නේ:
- රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු අමාත්‍යාංශය (රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ජාතික භාෂා අංශය වේ. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම , සම්බන්ධීකරණය කිරීමට සහ සහාය දැක්වීමට නියම කර ඇති ඊට අනුබද්ධ ආයතන වන්නේ;
- ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය (NILET),,
- රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව (DOL) සහ
- රාජ්‍ය භාෂා කොමිෂන් සභා (OLC)
- යාපනය, කැලණිය, සබරගමුව සහ නැගෙනහිර විශ්වවිද්‍යාලය ආවරණය වන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) සහ; and
- ජාතික භාෂා අරමුදල (NLF) හරහා සිවිල් සමාජ සංවිධාන
වෙබ් අඩවිය: https://www.nleap.lk/
ඇමතුම් තොරතුරු
![]() අතිරේක ලේකම් (ජාතික භාෂා )
|
|||||||||
![]() ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ජාතික භාෂා )
|
![]() සහකාර ලේකම් (ජාතික භාෂා )
|
පරිපාලන නිලධාරි
![]() පරිපාලන නිලධාරි (ජාතික භාෂා )
|
||||||||||
අංශය
|
|||||||
පාර්ලිමේන්තු කටයුතු අංශය
හැඳින්වීම
මෙම අංශයෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ මහජනතාවට වඩාත් කාර්යක්ෂම හා ඵලදායක සේවාවන් සැපයීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැකියාව ලැබෙන පරිදි ඔවුනට පහසුකම් සැපයීම වේ. කාර්යාල උපකරණ, වාහන බලපත්‍ර නිකුත් කිරීම හා රක්ෂණ පහසුකම් සැපයීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පෞද්ගලික කාර්ය මණ්ඩල පත් කිරීම, සේවය අවසන් කිරීම, එම කාර්ය මණ්ඩලවලට වැටුප් හා පාරිතෝෂික ගෙවීම සහ ඔවුන් පුහුණු කිරීම මෙම අමාත්‍යාංශය විසින් ඉටු කෙරෙන ප්‍රධාන කාර්යයන්ට අයත්ය.
දැක්ම
"කාර්යක්ෂම හා සඵලදායී මහජන සේවාවක් උදෙසා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සවිමත් කිරීම.
මෙහෙවර
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අපේක්ෂිත මහජන සේවය ප්රශස්ත මට්ටමකින් සැලසීම සඳහා වන උපස්ථම්භක සේවා සැපයීම.
අරමුණු හා කාර්යයන්
- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල පත් කිරීම, සේවය අවසන් කිරීම
- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට වැටුප් ගෙවීම
- සේවය අවසන් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට පාරිතෝෂික ගෙවීම
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා කාර්යාල උපකරණ සැපයීම
- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තම දිස්ත්‍රික්කවල සියලු ජනතාව වෙත ප්‍රවේශය සඳහා හැකියාව ලබාදෙනු පිණිස ප්‍රවාහන පහසුකම් සැපයීමේ අරමුණින් තීරුබදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම
- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා සමූහ රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම
- ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩල සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
සංවිධාන ව්‍යුහය
ඇමතුම් තොරතුරු
![]() අතිරේක ලේකම්
|
![]() ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
|
||||||||||||||||||
![]() ගණකාධිකාරී
|
|||||||||
පොදු තොරතුරු
|
|||||||||
ලිපිනය: පාර්ලිමේන්තු කටයුතු අංශය, 18 වන මහල, ‘නිල මැදුර’, ඇල්විටිගල මාවත, කොළඹ 05 |
ප්‍රතික්ෂේපිත අයදුම්කරුවන්ගේ සංශෝධිත ලේඛනය / Revised Rejected Lists
Covering Letter / ආවරණ ලිපිය | ![]() |
ID Verification
![]() |
Name | : | |
Designation | : | |
NIC | : | |
Fingerprint Number | : | |
Issued Date | : | |
Address | : | |
Status | : |