හැඳින්විම
වර්ෂ 2024ක් වූ නොවැම්බර් මස 18 වන දින සිට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වශයෙන් නම් කරනු ලැබූ මෙම අමාත්‍යාංශය ආරම්භයේ පටන් වර්තමානය දක්වා සියලු රාජ්‍ය ආයතන හා රාජ්‍ය සේවකයන්ගේ අභිවෘද්ධිය සැලසීම වෙනුවෙන් සුපසන් සේවා සම්පාදනයක් උදෙසා ඉමහත් කැපවීමෙන් සහ වගවීමෙන් කටයුතු කරයි. අමාත්‍යාංශයේ ඉතිහාසය දශක නවයකටත් එහා ගිය දුරාතීතයකට විහිද පවතී. මුදල් අමාත්‍යාංශය යටතේ දෙපාර්තමේන්තුවක් ලෙස වර්ෂ 1931 ට පෙර පැවති මෙම අමාත්‍යාංශය වර්ෂ 1931 ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ වලින් පසු තේරීපත් වන ආණ්ඩු යටතේ විවිධ වෙනස්කම්වලට ලක්වෙමින් පැමිණ අද වන විට රාජ්‍ය පරිපාලනයේ විශිෂ්ට මෙහෙවරක නියැලෙමින් සිටී.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සිවිල් පරිපාලනයේ කේන්ද්‍රස්ථානය වෙමින් ජනතා කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් වෙනුවෙන් සියලු රාජ්‍ය සේවකයන් සඳහා අවශ්‍ය මඟපෙන්වීම මෙන්ම රාජ්‍ය සේවය සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති හා සැලසුම් ගොඩනගමින් රාජ්‍ය ප්‍රතිපත්තිය මත පදනම්ව යහපත් රාජ්‍ය සේවාවක් වෙනුවෙන් මහත් කැපවීමෙන් කටයුතු සිදු කරන අතරම රාජ්‍ය යාන්ත්‍රණය තුළ ප්‍රමුඛතම කාර්යභාරයක් සිදු කරනු ලබයි.
මහජනතාවට තෘප්තිමත් රාජ්‍ය සේවාවක් සැපයීම සඳහා සාධාරණත්වය, සමරූපිතාවය හා කාර්යක්ෂමතාවය කෙරෙහි විශේෂයෙන් සැලකිලිමත් වෙමින්, පරිපාලන විධිවිධාන හා රෙගුලාසි සකස් කිරීම මෙම අමාත්‍යාංශය සතු මූලික වගකීමකි. ඒ අනුව ආයතන සංග්‍රහය හා අදාළ නව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ සකස් කිරීම, සංශෝධනය කිරීම හා අවශ්‍ය අවස්ථාවලදී ඒ සම්බන්ධ නිරීක්ෂණ ලබාදීම ද මෙම අමාත්‍යාංශයෙන් සිදු කරනු ලබයි. රාජ්‍ය සේවා කටයුතු සම්බන්ධයෙන් ජාතික මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදනය, අර්ථකථනය හා ඒ සම්බන්ධ මාර්ගෝපදේශ සැපයීම, රාජ්‍ය සේවයේ කාර්යය මණ්ඩල නිපුණතාව ඉහළ නැංවීම සදහා අවශ්‍ය පුහුණුවීම් ලබාදීම ද මෙම අමාත්‍යාංශය වෙතින් ඉටුවන තවත් සුවිශේෂි කාර්යයකි. එමඟින් වඩා ඵලදායී සේවාවක් ලබා දීමට හැකිවන පරිදි සමස්ත රාජ්‍ය සේවයෙහි ම ක්‍රියාකාරීත්වය ගොඩනැඟීම හා පාලනය සිදුකරනු ලබයි.
අමාත්‍යංශය යටතේ පවතින ආයතන
- විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව
- රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
- සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල
- ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
- පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය
- ඩිස්ටන්ස් ලර්නිං සෙන්ටර් ලිමිටඩ්
- රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල
- පළාත් පාලන සේවා විශ්‍රාම වැටුප් අරමුදල
- පළාත් පාලන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල
- පළාත් පාලන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල
- දේශීය ණය සහ සංවර්ධන අරමුදල
දැක්ම
"දැයට විශිෂ්ඨ රාජ්‍ය සේවයක්"
මෙහෙවර
"මානව සම්පත නිසි පරිපාලනය, කළමනාකරණය හා ප්‍රතිසංස්කරණය තුළින් විශිෂ්ඨ රාජ්‍ය සේවයක් තහවුරු කිරීම"
අරමුණු
- රාජ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණ පිළිවෙතට අනුගත වෙමින් බඳවා ගැනීම්, පාරිශ්‍රමික සහ අනෙකුත් සේවා කොන්දේසි පිළිබඳ ඵලදායී රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීම
- මහජන අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දැක්වීමේදී දැනට රාජ්‍ය සේවයේ සිටින සේවකයින්ගේ සිතුම් පැතුම් සහ ආකල්ප නව මානයන් කරා මෙහෙයවීම
- රාජ්‍ය සේවයේ ඵලදායීතාව සහ ගුණාත්මක බව ඉහළ නැංවීම උදෙසා නව කළමනාකරණ ව්‍යුහයක් සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම
- හර පද්ධතියක් ස්ථාපිත කොට බෙදාහදා ගැනීම (ප්රතිලාභිමුඛ ආකල්ප, වගවීම, සම්පත් විචක්ෂණයෙන් ලෙස යොදා ගැනීම, අපක්ෂපාතිත්වය, පාරදෘශ්‍යබව ආදියෙන් සමන්විතව)
- රාජ්‍ය අංශයේ පුහුණු අවශ්‍යතා හඳුනා ගැනීම සහ පුහුණු වැඩසටහන් පැවැත්වීමට අවැසි පහසුකම් සැපයීම
- විශ්‍රාම වැටුප් සම්බන්ධ ගැටළුවලට පිළියම් යෙදීම සඳහා විශ්‍රාම වැටුප් වැඩසටහන් සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම
- රජයේ සංවර්ධන ඉලක්ක සහ ප්‍රමුඛතා සපුරාලිමේ හැකියාව සහිත රාජ්‍ය අංශයේ ආයතනික සංවර්ධනය සඳහා රාමුවක් සකස් කරගැනීම
- සේවා සැපයුමේ ඵලදායීතාව සහ ගුණාත්මක බව ඉහළ නැංවීම සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීම
- රාජ්‍ය සේවයේ කාර්ය මණ්ඩලයේ නිපුණතාව වැඩි දියුණු කිරීම
- වෙනස් වෙමින් පවතින තත්ත්වයන්ට අනුව කටයුතු කිරීම පිණිස පද්ධති සරල කිරීම සහ ක්‍රියාදාම යළි සකස් කිරීම සඳහා මාර්ගෝපදේශ වැඩි දියුණු කිරීම, වර්ධනය කිරීම සහ ක්‍රියාවට නැංවීම
විෂය පථය
සියලු රාජ්‍ය සේවාවන්හි පුර්ණ ධාරිතා සංවර්ධනයක් සිදු කරමින් නව තොරතුරු තාක්ෂණික ක්රමෝපායන් ඔස්සේ කාර්යයන් ද්විකරණය වළක්වාලමින් සේවාදායකයින් වෙත ප්‍රශස්ථ සේවාවන් ලබා දීම හා පළාත් හා ප්‍රාදේශීය මට්ටමින් පවතින අසමානතා අවම කරමින් ජනතාව වෙත උසස් සේවාවක් සහතික කිරීම.
කාර්යයන් හා කර්තව්‍යයන්
- රජය මඟින් ගනු ලබන ජාතික ප්රතිපත්තීන් මත පිහිටා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට අයත් විෂයන්ට සහ අමාත්‍යංශය යටතේ පවතින දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවන්හි විෂයන්ට අදාළ ප්‍රතිපත්ති, උපායමාර්ග, වැඩසටහන් සහ ව්‍යාපෘති සම්පාදනය කිරීම, ක්‍රියාත්මක කිරිම, පසු විපරම් කිරීම හා ඇගයීම.
- අමාත්‍යාංශ විෂය පථයට අයත්වන මහජන සේවාවන් කාර්යක්ෂමව හා මහජන හිතකාමී අයුරින් ලබා දීම.
- රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක් කර සරල කිරීම.
- රාජ්‍ය සේවයේ ආරවුල් විසඳීම සඳහා බේරුම්කරණ ක්‍රියාවලියක් හඳුන්වා දීම.
- සේවා ව්‍යවස්ථාවන්හි ගැටලු නිරාකරණය කර ඒවා සංශෝධනය කිරිම.
- දෙපාර්තමේන්තු සහ එහි කාර්ය මණ්ඩලය නියමිත ඉලක්කයන් සාක්ෂාත් කරන බව සහතික කිරීම සඳහා කාර්ය සාධන කළමනාකරණ ක්‍රියා පටිපාටියක් හඳුන්වා දීම.
- ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල, බහු සේවා සැපයුම් මධ්‍යස්ථාන ලෙස උත්ශ්‍රේණිගත කිරීම.
- රජයේ සේවයේ සියලුම සේවාවන් සඳහා නිලධාරීන් පත්කිරීම සහ උසස් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නීතිරීති නිශ්චිත කාල රාමුවක් තුළ සංශෝධනය කිරීම.
- රාජ්‍ය අංශයේ කුසලතා මත පදනම් වූ උසස්වීම් ක්‍රියාත්මක කිරීම.
- පහත සඳහන් සේවාවන්හි පරිපාලනය හා පිරිස් කළමනාකරණය.
ශ්‍රී ලංකා පරිපාලන සේවය.
ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය.
ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවය.
ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය.
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය.
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවය.
ශ්‍රී ලංකා තාක්ෂණ සේවය.
- ඒකාබද්ධ සේවා පරිපාලනය කිරීම.
- ආයතන සංග්‍රහය යටතේ වන කාර්යයන්.
- රාජ්‍ය සේවා පුහුණුව.
- විශ්‍රාම වැටුප් සංග්‍රහය ක්‍රියාත්මක කිරීම.
- දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය පරිපාලන කටයුතු.
- රාජ්‍ය උත්සව සංවිධානය කිරීම.
- දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ඉටු කරනු ලබන ජනතා කේන්ද්‍රීය සේවාවන් ශක්තිමත් කිරීම.
- උපත්, විවාහ හා මරණ ලියාපදිංචියට අදාළ කටයුතු.
- පළාත් සභාවලට අදාළ කටයුතු නියාමනය කිරීම.
- පළාත් සභා සහ පළාත් පාලන ආයතන පරිපාලනයෙහි සෑම මානයක් සම්බන්ධයෙන්ම පර්යේෂණ පැවැත්වීම.
- පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල අඩු පහසුකම් සහිත ක්ෂේත්‍ර/ අංශ හඳුනාගෙන අදාළ පහසුකම් ලබාදීම සඳහා විශේෂ ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාත්මක කිරීම.
- පළාත් සභාවල මන්ත්‍රීවරුන්, නිලධාරින් සහ සේවකයින් පුහුණු කිරීම.
- පළාත් පාලන ආයතනවලට අදාළ රජයේ කර්තව්‍යයන්.
- පොදු පහසුකම් සංවර්ධන සඳහා පළාත් පාලන ආයතනවලට ණය පහසුකම් ලබාදීම.
- පළාත් පාලන ආයතනයන්හි මන්ත්‍රීවරුන්, නිලධාරින් සහ සේවකයින් පුහුණු කිරීම.
- ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව කම්කරු සබඳතා ප්රමිතීන්, සේවක පරිපාලනය, සේවක සුභසාධනය, සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්රතිපත්තීන් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
- අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවලට පැවරී ඇති අනෙකුත් සියලුම විෂයයන්ට අදාළ කටයුතු.
- අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා අධීක්ෂණය කිරීම.
සුවිශේෂි ප්‍රමුඛතා
- රාජ්‍ය සේවාව කඩිනම් කිරීම උදෙසා දැනට රාජ්‍ය අංශයේ බලාත්මක සියලුම චක්‍රලේඛ විධිවිධාන, නීති රීති හා රෙගුලාසි, සමාලෝචනයට ලක් කොට සරල කිරීම.
- ජනතා කේන්ද්‍රීය රාජ්‍ය සේවාවන් සැපයීම සඳහා රාජ්‍ය නිලධාරි සංකල්පයේ සිට මහජන සේවා සංකල්පය කරා රාජ්‍ය සේවය ගෙන යාම පිණිස අවශ්‍ය නීතිමය, ප්‍රතිපත්තිමය හා ආයතනික රාමුව සකස් කිරීම.
- ස්වාධීන රාජ්‍ය සේවයක් ඇති කිරීම සඳහා අවශ්‍ය නව සේවා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වා දීම.
- රාජ්‍ය, අර්ධ රාජ්‍ය, සංස්ථා සහ බැංකු සේවයේ සියලුම ආයතනවල සද්භාවයෙන් යුක්තව රාජකාරියේ යෙදෙන රාජ්‍ය නිලධාරීන්ට මුක්තිය හිමි වන පරිදි අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ඇති කිරීම.
- වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප්ලාභීන්ට ප්‍රමාදයකින් තොරව විශ්‍රාම වැටුප ලබා දීම.
- සේවා සමාලෝචනයක් සිදු කොට, අවශ්‍ය පරිදි නව සේවා ව්‍යවස්ථා හඳුන්වාදීම හා යාවත්කාලීන කිරීම.
- රාජ්‍ය අංශයේ සේවක ආරවුල් විසඳීම සඳහා බේරුම්කරණ ක්‍රියාවලියක් හඳුන්වාදීම.
- රාජ්‍ය සේවයේ ඵලදායීතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වෘත්තිය සංවර්ධනය ද ඇතුළත්ව දීර්ඝ කාලීන මානව සම්පත් සැලැස්මක් පිළියෙල කිරීම හා ක්‍රියාත්මක කිරීම.
අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක කිරීමට පැවරෙන මූලික නීති
- වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් පනත (1983 අංක 24)
- වැන්දඹු සහ අනත්දරු විශ්‍රාම වැටුප් ආඥාපනත (1898 අංක 1)
- වැන්දඹු පුරුෂ සහ අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම (සන්නද්ධ හමුදා) පනත (1998 අංක 60)
- වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම (සන්නද්ධ හමුදා) පනත (1970 අංක 18)
- රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ භාර අරමුදල පනත (1999 අංක 40)
- රාජ්‍ය සේවා අර්ථ සාධක අරමුදල ආඥාපනත (1942 අංක 18)
- විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය
- පාසල් ගුරුවරුන්ගේ විශ්‍රාම වැටුප් පනත (1953 අංක 44)
- පළාත් සභා විශ්‍රාම වැටුප් පනත (1993 අංක 17)
- පළාත් පාලන සේවා පනත (1974 අංක 16)
- රජයේ හා අධිකරණ සේවා නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ ආඥාපනත (1910 අංක 11)
- යුධ හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ව්‍යවස්ථා සංග්‍රහය
- ගුවන් හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ව්‍යවස්ථා සංග්‍රහය
- නාවික හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ව්‍යවස්ථා සංග්‍රහය
- අනිවාර්ය රාජ්‍ය සේවා පනත (1961 අංක 70)
- ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය පනත (1982 අංක 9)
- රජයේ නිවාස (සන්තකය ආපසු ලබාගැනීම) පනත (1969 අංක 7)
- තෑගි පිරිනැමීමේ තරඟ පනත (1957 අංක 37)
- ජාතික මානව සම්පත් සංවර්ධන කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභා පනත (1997 අංක 18)
- බලතල පැවරීමේ (ප්‍රාදේශීය ලේකම්වරයන්) පනත (1992 අංක 58)
- නිවාඩු පනත (1971 අංක 29)
- ප්‍රධාන මුලාදෑනීතැන තනතුර වෙනස් කිරීමේ පනත (1941 අංක 11)
- ගම්මුලාදෑනී තනතුර වෙනස් කිරීමේ පනත (1964 අංක 06)
- ග්‍රාම සේවක පදවි නාම සංශෝධනය කිරීමේ පනත (1977 අංක 5)
- ග්‍රාම සේවා නිලධාරි පදවි නාම වෙනස් කිරිමේ පනත (1993 අංක 2)
- උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ පනත (1951 අංක 17)
- උඩරට විවාහ හා දික්කසාද පනත (1952 අංක 44)
- මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (1951 අංක 13)
- නොතාරිස් ආඥාපනත (1907 අංක 1)
- ලේඛන ලියාපදිංචි කිරීමේ ආඥාපනත (1927 අංක 23)
- සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (1907 අංක 19)
- භාර ආඥාපනත (1917 අංක 09)
- ඉඩම් (සන්තකය පැවරීමේ සීමා කිරීමේ) පනත (2014 අංක 38)
- මුද්දර පනත (2006 අංක 12)
- දඩ මුදල් වැඩි කිරීමේ පනත (2005 අංක 12)
- අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු බලවත් අකෘතඥතාවය පදනම් කොටගෙන අවලංගු කිරිමේ පනත (2017 අංක 05)
- යුධ හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ව්‍යවස්ථා සංග්‍රහය
- ඇටර්නි බලපත්‍රය ලියාපදිංචි කිරීමේ ආඥාපනත (1902 අංක 4)
- ළමයින් දරුකමට හදාගැනීමේ ආඥාපනත (1941 අංක 24)
- මරණ ලියාපදිංචි කිරීමේ තාවකාලික පනත (2016 අංක 16)
- මරණ ලියාපදිංචි කිරීමේ (තාවකාලික විධිවිධාන) පනත (2010 අංක 19)
- පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත (262 වන අධිකාරය)
- පළාත් සභා ඡන්ද විමසීම් පනත (1988 අංක 2)
- පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතන පනත (1999 අංක 31)
- මහනගර සභා ආඥාපනත (52 වන අධිකාරය)
- ප්‍රාදේශීය සභා පනත (1987 අංක 15)
- නගර සභා ආඥාපනත (255 වන අධිකාරය)
- පළාත් සභා පනත (1987 අංක 42)
- පළාත් සභා (වැටුප් හා දීමනා ගෙවීමේ) පනත (1988 අංක 37)
- දේශීය ණය සහ සංවර්ධන අරමුදල ආඥාපනත (1916 අංක 22)
- වෙනත් අමාත්‍යවරයෙක් යටතට නිශ්චිතව පවරා නොමැති, අමාත්‍යංශය යටතේ පවතින දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථාවන්හි විෂයයන්ට අදාළ අනෙකුත් සියලු ව්‍යවස්ථාවන්
අරමුණු ලගාකරගැනීමේදී පවතින නෛතික රාමුවලට අනුගතව අප විසින් ගොඩනගාගනු ලැබූ උපාය මාර්ගයන්
- රාජ්‍ය සේවයේ කාර්යක්ෂම මානව සම්පත් කළමනාකරණය සඳහා විචක්ෂණ ප්‍රතිපත්තියක් සහ නියාමන රාමුවක්
- රාජ්‍ය සේවා සැපයුමේදී ඵලදායිතාව ඉහළ නැංවීම පිණිස ක්‍රියාදාම යළි සකස් කිරීම සහ පද්ධති සංවර්ධනය සඳහා වන පරිපාලන ප්‍රතිසංස්කරණය
- රාජ්‍ය සේවය සඳහා තරඟකාරී බඳවාගැනීමේ හා තෝරාගැනීමේ ක්‍රියාදාමයන්
- ඉල්ලුම් දිශානති ධාරිතා සංවර්ධනය සහ නිපුණතා ගැළපුම
- සේවා සැපයුම පුරවැසියන්ට සමීප කිරීම සඳහා විමධ්‍යගත කරනු ලැබූ ආයතනික ජාල
- රාජ්‍ය සේවයේ ගුණාත්මකබව ඉහළ නැංවීම සහ සේවා සැපයුමේ පාරදෘශ්‍යභාවය සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යොදා ගැනීම
- පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවයක් වෙත නැඹුරු වූ සේවා සැපයුමක් ප්‍රමිතිගත කිරීම සඳහා පුරවැසි / සේවාලාභී ප්රඥප්තියක් නිර්මාණය කිරීම







ගරු මහාචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා
එස්. ආලෝකබණ්ඩාර මහතා 





දුක් ගැනවිලි 


බි.එම්.එම්.එම්. බස්නායක මිය
මහින්ද සමරසිංහ මහතා
බී.කේ.එස්. රවීන්ද්‍ර මහතා
Productivity
ලසන්ත අලගියවන්න මහතා