Human Resources and Development
තොරතුරු තාක්ෂණ අංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ වෙබ් අඩවිය, ආයතනය තුල ජාල පද්ධතිය, කාර්ය සාධන අධීක්ෂණ පද්ධතිය, ලංකා රාජ්‍ය ජාලය, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ දත්ත පද්ධතිය, පොදු ඇමතුම් පද්ධතිය, හා පරිගණක දෘඩාංග හා මෘදුකාංග කළමනාකරණය හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රසම්පාදන කටයුතු ඇතුලුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් කළමනාකරණය පිළිබඳ වගකීම දරන තොරතුරු තාක්ෂණ ඒකකය, ප්රතිසංස්කරණාභිමුක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කළමනාකරණ ව්‍යාපෘති වල නියැලි සිටී.
කාර්යයන්
- අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සඳහා අන්තර්ජාල පහසුකම් හා විද්‍යුත් තැපෑල පහසුකම් ලබාදීම.
- අමාත්‍යාංශයේ වෙබ් අඩවිය නඩත්තුව හා සංවර්ධනය.
- අමාත්‍යාංශයේ ශාඛා සඳහා අවශ්‍ය දත්ත පද්ධති හා මෘදුකාංග සංවර්ධනය.
- අමාත්‍යාංශයේ පරිගණක නඩත්තුව හා ආයතනය තුල ජාල පද්ධතිය (Local Area Network) නඩත්තුව.
- අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයේ පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා ඔවුන්ට පුහුණුව ලබාදීම.
- විද්‍යුත් තැපෑල හා අන්තර්ජාලය ඔස්සේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ බෙදාහැරීම.
- රාජ්‍ය අංශයේ ආයතන සඳහා තොරතුරු තාක්ෂණ සේවා ලබාදීම.
සංවිධාන ව්‍යුහය
ඇමතුම් තොරතුරු
බී.ඩබ්. වික්‍රමසිංහ මයා
|
||||||||||
එච්.ටී.ඒ. කුරුඳුකුඹුර මිය
|
||||||||||
තොරතුරු තාක්ෂණ අංශය
|
මානව සම්පත් සංවර්ධන අංශය
දැක්ම
"නිපුණ මානව සම්පත් ඇති කිරිම"
මෙහෙවර
"මෙම අමාත්‍යංශයෙන් ලබාදෙනු ලබන සේවයේ ඵලදායිතාව හා කාර්යක්ෂමතාව සංවර්ධනය කරනු වස් නිපුණතාවයෙන් පිරිපුන් මානව සම්පතක් ඇති කිරීම"
අරමුණු
- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා හඳුනාගැනීම හා පුහුණු වැඩසටහන් පැවැත්වීම හා පහසුකම් සැපයීම
- විදේශීය හා දේශීය පුහුණු අවස්ථා සාධාරණ ලෙස බෙදා හැරීම
- රජයේ අරමුදල් ඵලදායී ලෙස භාවිත කිරීම
- ලබා දෙනු ලබන සේවයේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාව වර්ධනය සඳහා කාර්ය මණ්ඩලය අභිප්‍රේරණය කිරීම
කාර්යයන්
- අමාත්‍යංශය යටතේ සිටින සියලුම නිලධරයන්ගේ දේශීය හා විදේශීය පුහුණු අවශ්‍යතා හදුනා ගැනීම.
- මෙම අමාත්‍යංශයට අයත් අනෙකුත් දෙපාර්තමේන්තු/ අයතන වලට අයත් සියලුම නිලධාරීන්ගේ රාජකාරී විදේශ නිවාඩු සම්බන්ධව කටයුතු කිරීම.
- විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් ලැබෙන දිගු කාලීන විදේශ පුහුණු සම්බන්ධව නිලධාරීන් දැනුවත් කිරීම.
- කෙටි කාලීන විදේශ පුහුණු සඳහා සුදුසු නිලධාරීන් නම් කිරීම සම්බන්ධව කටයුතු කිරීම.
- කෙටි කාලීන විදේශ පුහුණු සඳහා සුදුසු නිලධාරීන් තෝරා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු / වාර්තා සැපයීම සඳහා අවශ්‍ය දත්ත පද්ධති නඩත්තු කිරීම හා ඒ සඳහා අවශ්‍ය තොරතුරු රැස් කිරීම.
- නිලධාරීන් සහභාගී වී ඇති විදේශ පුහුණු පිලිබඳ තොරතුරු.
- නිලධාරීන්ගේ සුදුසුකම් (අධ්‍යාපන, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයන්) ආදී තොරතුරු.
- ප්රදායක ඒජන්සි සමඟ සම්බන්ධ වී අවශ්‍ය වාර්තා / යෝජනා සකස් කර විදේශ පුහුණු අවස්ථා ලබා ගැනීම.
- සෘජුව ලැබෙන විදේශ පුහුණු අවස්ථා පිලිබඳව ක්‍රියා කිරීම.
- විදේශ පුහුණු මඟින් නිලධාරීන් ලබා ගන්නා ලද දැනුම හා අත්දැකීම් ඔවුන් තම ආයතනයේ සංවර්ධනය සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳ පසු විපරම් කිරීම.
- දේශීය දිගුකාලීන පුහුණු අවස්ථා (පශ්චාත් උපාධි / පශ්චාත් උපාධි ඩිප්ලෝමා) පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම හා යොමු කිරීම.
- දේශීය පුහුණු ආයතන සමඟ සම්බන්ධ වී පුහුණු අවස්ථා ලබා ගැනීම.
- පාඨමාලා ගාස්තු ගෙවිම සම්බන්ධව මුල්‍ය පාලනයක් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු රැස් කිරීම හා දත්ත පද්ධති නඩත්තු කිරීම.
- මෙම අමාත්‍යංශයට අයත් නිලධාරීන්ගේ දේශීය පුහුණු පාඨමාලා ගාස්තු ගෙවීම පිලිබඳ කටයුතු කිරීම.
- මෙම අමාත්‍යංශය යටතේ සිටින සියලුම නිලධාරීන්ගේ භාෂා පුහුණු අවශ්‍යතා හඳුනා ගෙන එම අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ආයතනයෙන් බැහැරගත පුහුණු සංවිධානය කිරීම.
- රාජ්‍ය සේවා පුහුණු ආයතනය නැවත ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කටයුතු සිදුකිරීම.
- කළමනාකරණ නොවන මට්ටමේ රාජ්‍ය සේවකයින් පුහුණු කිරීමේ වැඩසටහන් දිස්ත්‍රික් පදනමින් පැවැත්වීම සඳහා පහසුකම් සැලසීම.
- රාජ්‍ය සේවයේ කළමනාකරණ නොවන මට්ටමේ නිලධාරින් සඳහා සුදුසු පුහුණු පාඨමාලා සකස් කිරීම හා පුහුණු ප්‍රතිපත්ති හඳුන්වාදීම.
- පැවැත්වෙන පුහුණු වැඩමුළු පිළිබඳ පුර්ණ ඇගයීමක් කිරීම හා වාර්තා පවත්වාගෙන යාම.
- පුහුණු පාඨමාලා සඳහා දිස්ත්රික්කයන්ට අදාල ඇස්තමේන්තු ගෙන්වා ගැනීම සහ ප්‍රතිපාදන ලබාදීම.
- සම්පත්දායකයන් සඳහා පුහුණු අවශ්‍යතා හඳුනාගෙන අවශේෂ පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
සංවිධාන ව්‍යුහය
මානව සම්පත් සංවර්ධන සහාය
සබැඳුම්
- විදේශීය පුහුණු අවස්ථා (පශ්චාත් උපාධි)
- ආවරණ ලිපිය
- පරීක්ෂා ලැයිස්තුව
- අයදුම් පත්‍රය
- විදේශීය පුහුණු පාඨමාලා අයදුම්පත්
- ERD Form 02
- රටින් බැහැර යාම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවසරය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන ලේඛන
- පරීක්ෂා ලැයිස්තුව
- 16 පරිශිෂ්ඨය
- වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබා ගන්නා නිලධාරීන් විසින් සම්පූර්ණ කල යුතු බැඳුම්කර ආකෘතිය. (පරිශිෂ්ඨය 15)
- වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබා ගන්නා නිලධාරීන් විසින් අත්සන් කළ යුතු ගිවිසුම් පත් ආකෘතිය. (පරිශිෂ්ඨය 8)
- දේශීය පුහුණු අවස්ථා
- ආවරණ ලිපිය
- පරීක්ෂා ලැයිස්තුව
- අයදුම් පත්‍රය
- දේශීය පුහුණු වැඩසටහන් හැදෑරීම සඳහා මුල්‍යාධාර ඉල්ලීම සඳහා අවශ්‍ය ලේඛන.
- පරීක්ෂා ලැයිස්තුව
- රා.ප.ච. 5/98 ගිවිසුම
- අනෙකුත් ආකෘති
- අභ්‍යන්තර චක්‍ර ලේඛ
- ආකෘති
මාර්ගෝපදේශය
මාර්ගෝපදේශය
- මානව සම්පත් සංවර්ධන සැලැස්ම සකස් කිරීම උදෙසා වන මාර්ගෝපදේශය
[ PDF - 1151 KB ] - සේවා ස්ථාන ප්‍රතිසංස්කරණ තුළින් ශ්‍රී ලංකාව තුළ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා වූ අත්පොත පහසුකම් සපයන්නන්, සභාපතිවරුන් සහ සේවා ස්ථාන සංසද සාමාජිකයන් සඳහා වන අත්පොත
[ PDF - 1.63 MB ] - රාජ්‍ය සේවයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීම මැයෙන් වන අංක 05/2024 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අදාළ අත්පොත් - සිංහල මාධ්‍ය
[ PDF - 2.08 MB ]
ඇමතුම් තොරතුරු
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
|
ආර්.එම්.ටී.කේ. රණතුංග මිය සහකාර ලේකම්
|
මානව සම්පත් සංවර්ධන අංශය
|
|||||||