මානව සම්පත් සංවර්ධන අංශය
දැක්ම
"නිපුණ මානව සම්පත් ඇති කිරිම"
මෙහෙවර
"මෙම අමාත්‍යංශයෙන් ලබාදෙනු ලබන සේවයේ ඵලදායිතාව හා කාර්යක්ෂමතාව සංවර්ධනය කරනු වස් නිපුණතාවයෙන් පිරිපුන් මානව සම්පතක් ඇති කිරීම"
අරමුණු
- රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නිලධාරීන්ගේ පුහුණු අවශ්‍යතා හඳුනාගැනීම හා පුහුණු වැඩසටහන් පැවැත්වීම හා පහසුකම් සැපයීම
- විදේශීය හා දේශීය පුහුණු අවස්ථා සාධාරණ ලෙස බෙදා හැරීම
- රජයේ අරමුදල් ඵලදායී ලෙස භාවිත කිරීම
- ලබා දෙනු ලබන සේවයේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාව වර්ධනය සඳහා කාර්ය මණ්ඩලය අභිප්‍රේරණය කිරීම
කාර්යයන්
- අමාත්‍යංශය යටතේ සිටින සියලුම නිලධරයන්ගේ දේශීය හා විදේශීය පුහුණු අවශ්‍යතා හදුනා ගැනීම.
- මෙම අමාත්‍යංශයට අයත් අනෙකුත් දෙපාර්තමේන්තු/ අයතන වලට අයත් සියලුම නිලධාරීන්ගේ රාජකාරී විදේශ නිවාඩු සම්බන්ධව කටයුතු කිරීම.
- විදේශ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් ලැබෙන දිගු කාලීන විදේශ පුහුණු සම්බන්ධව නිලධාරීන් දැනුවත් කිරීම.
- කෙටි කාලීන විදේශ පුහුණු සඳහා සුදුසු නිලධාරීන් නම් කිරීම සම්බන්ධව කටයුතු කිරීම.
- කෙටි කාලීන විදේශ පුහුණු සඳහා සුදුසු නිලධාරීන් තෝරා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු / වාර්තා සැපයීම සඳහා අවශ්‍ය දත්ත පද්ධති නඩත්තු කිරීම හා ඒ සඳහා අවශ්‍ය තොරතුරු රැස් කිරීම.
- නිලධාරීන් සහභාගී වී ඇති විදේශ පුහුණු පිලිබඳ තොරතුරු.
- නිලධාරීන්ගේ සුදුසුකම් (අධ්‍යාපන, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයන්) ආදී තොරතුරු.
- ප්රදායක ඒජන්සි සමඟ සම්බන්ධ වී අවශ්‍ය වාර්තා / යෝජනා සකස් කර විදේශ පුහුණු අවස්ථා ලබා ගැනීම.
- සෘජුව ලැබෙන විදේශ පුහුණු අවස්ථා පිලිබඳව ක්‍රියා කිරීම.
- විදේශ පුහුණු මඟින් නිලධාරීන් ලබා ගන්නා ලද දැනුම හා අත්දැකීම් ඔවුන් තම ආයතනයේ සංවර්ධනය සඳහා යොදා ගන්නා ආකාරය පිළිබඳ පසු විපරම් කිරීම.
- දේශීය දිගුකාලීන පුහුණු අවස්ථා (පශ්චාත් උපාධි / පශ්චාත් උපාධි ඩිප්ලෝමා) පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම හා යොමු කිරීම.
- දේශීය පුහුණු ආයතන සමඟ සම්බන්ධ වී පුහුණු අවස්ථා ලබා ගැනීම.
- පාඨමාලා ගාස්තු ගෙවිම සම්බන්ධව මුල්‍ය පාලනයක් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු රැස් කිරීම හා දත්ත පද්ධති නඩත්තු කිරීම.
- මෙම අමාත්‍යංශයට අයත් නිලධාරීන්ගේ දේශීය පුහුණු පාඨමාලා ගාස්තු ගෙවීම පිලිබඳ කටයුතු කිරීම.
- මෙම අමාත්‍යංශය යටතේ සිටින සියලුම නිලධාරීන්ගේ භාෂා පුහුණු අවශ්‍යතා හඳුනා ගෙන එම අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
- ආයතනයෙන් බැහැරගත පුහුණු සංවිධානය කිරීම.
- රාජ්‍ය සේවා පුහුණු ආයතනය නැවත ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කටයුතු සිදුකිරීම.
- කළමනාකරණ නොවන මට්ටමේ රාජ්‍ය සේවකයින් පුහුණු කිරීමේ වැඩසටහන් දිස්ත්‍රික් පදනමින් පැවැත්වීම සඳහා පහසුකම් සැලසීම.
- රාජ්‍ය සේවයේ කළමනාකරණ නොවන මට්ටමේ නිලධාරින් සඳහා සුදුසු පුහුණු පාඨමාලා සකස් කිරීම හා පුහුණු ප්‍රතිපත්ති හඳුන්වාදීම.
- පැවැත්වෙන පුහුණු වැඩමුළු පිළිබඳ පුර්ණ ඇගයීමක් කිරීම හා වාර්තා පවත්වාගෙන යාම.
- පුහුණු පාඨමාලා සඳහා දිස්ත්රික්කයන්ට අදාල ඇස්තමේන්තු ගෙන්වා ගැනීම සහ ප්‍රතිපාදන ලබාදීම.
- සම්පත්දායකයන් සඳහා පුහුණු අවශ්‍යතා හඳුනාගෙන අවශේෂ පුහුණු පාඨමාලා සඳහා යොමු කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම.
සංවිධාන ව්‍යුහය
මානව සම්පත් සංවර්ධන සහාය
සබැඳුම්
- විදේශීය පුහුණු අවස්ථා (පශ්චාත් උපාධි)
- ආවරණ ලිපිය
- පරීක්ෂා ලැයිස්තුව
- අයදුම් පත්‍රය
- විදේශීය පුහුණු පාඨමාලා අයදුම්පත්
- ERD Form 02
- රටින් බැහැර යාම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ අවසරය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන ලේඛන
- පරීක්ෂා ලැයිස්තුව
- 16 පරිශිෂ්ඨය
- වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබා ගන්නා නිලධාරීන් විසින් සම්පූර්ණ කල යුතු බැඳුම්කර ආකෘතිය. (පරිශිෂ්ඨය 15)
- වැටුප් සහිත විදේශ අධ්‍යයන නිවාඩු ලබා ගන්නා නිලධාරීන් විසින් අත්සන් කළ යුතු ගිවිසුම් පත් ආකෘතිය. (පරිශිෂ්ඨය 8)
- දේශීය පුහුණු අවස්ථා
- ආවරණ ලිපිය
- පරීක්ෂා ලැයිස්තුව
- අයදුම් පත්‍රය
- දේශීය පුහුණු වැඩසටහන් හැදෑරීම සඳහා මුල්‍යාධාර ඉල්ලීම සඳහා අවශ්‍ය ලේඛන.
- පරීක්ෂා ලැයිස්තුව
- රා.ප.ච. 5/98 ගිවිසුම
- අනෙකුත් ආකෘති
- අභ්‍යන්තර චක්‍ර ලේඛ
- ආකෘති
මාර්ගෝපදේශය
මාර්ගෝපදේශය
- මානව සම්පත් සංවර්ධන සැලැස්ම සකස් කිරීම උදෙසා වන මාර්ගෝපදේශය
[ PDF - 1151 KB ] - සේවා ස්ථාන ප්‍රතිසංස්කරණ තුළින් ශ්‍රී ලංකාව තුළ ඉහළ ගුණාත්මකභාවයකින් යුතු රාජ්‍ය සේවයක් ගොඩනැගීම සඳහා වූ අත්පොත පහසුකම් සපයන්නන්, සභාපතිවරුන් සහ සේවා ස්ථාන සංසද සාමාජිකයන් සඳහා වන අත්පොත
[ PDF - 1.63 MB ] - රාජ්‍ය සේවයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීම මැයෙන් වන අංක 05/2024 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අදාළ අත්පොත් - සිංහල මාධ්‍ය
[ PDF - 2.08 MB ]
ඇමතුම් තොරතුරු
ආර්.පී.එම්.එස්.රාජපක්ෂ මිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්
|
සහකාර ලේකම්(වැ.බ.)
|
මානව සම්පත් සංවර්ධන අංශය
|
|||||||